Sunrisers නායකත්වය වෙනස් වෙයි

IPL 2021

131
(Cricket Addictor)

Sunrisers Hyderabad කණ්ඩායමේ නායකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි Kane Williamson වෙත ලබා දී තිබෙනවා. ඒ නිත්‍ය නායක David Warner නායකත්වයෙන් ඉවත් කරමිනුයි. 2021 IPL තරගාවලියේ ඉතිරි කොටස සඳහා Williamson, Hyderabad මෙහෙයවීමට නියමිතයි.

(Sunrisers Hyderabad FB page)

Sunrisers කණ්ඩායම පසුගිය දා Chennai Super Kings හමුවේ මෙවර තරගාවලියේ සිය පස්වැනි පරාජයටත් මුහුණ දුන්නා. ඔවුන් මෙතෙක් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. Warner එම තරගයෙන් අනතුරුව පරාජයේ වගකීම තමන් භාරගන්නා බව ද මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

Chennai කණ්ඩායමට එරෙහිව මෙවර IPL තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය රැස් කළත් ඔහු බලාපොරොත්තු කඩ වූ විලාසයකින් පිතිකරණයේ නිරත වූ බවට ජාත්‍යන්තර විචාරකයින් අදහස් පළ කර තිබුණා. එම තරගයේ දී Sunrisers ලකුණු 171ක් රැස් කර ගත්තේ Manish Pandeyගේ අර්ධ ශතකයේ හා Williamson පන්දු 10කින් රැස් කළ ලකුණු 26 පිහිටෙනුයි. කෙසේ වෙතත් ප්‍රබල Chennai පිතිකරණ ලැයිස්තුව හමුවේ ඔවුන්ට තරගය ජය ගන්නට හැකි වුනේ නැහැ.   

දකුණු අප්‍රිකාවේ දී පන්දුව පළුදු කිරීමේ සිදුවීම නිසා Warner තරග තහනමකට ලක්වූ 2018 IPL තරගාවලියේ දීත් Sunrisers මෙහෙය වුයේ Williamson විසිනුයි. ඔහු තරග 17ක දී ලකුණු 735ක් රැස් කර ගත් අතර ඔහුගේ නායකත්වය යටතේ Sunrisers කණ්ඩායම IPL අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබුවා. 

“මේක අපි සැහැල්ලුවෙන් ගන්න තීරණයක් නෙවෙයි. David Warner කණ්ඩායම වෙනුවෙන් කළ දේවල්වලට කළමනාකාරිත්වය ගෞරව කරනවා” Sunrisers කළමනාකාරිත්වය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුණා. “තරගාවලියේ ඉතිරි කොටසේ සාර්ථකත්වය සඳහා David පිටියේ හා පිටියෙන් එපිටදීත් අපිට සහය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<