දඹුල්ලේ ගැටලුව LPL තරගාවලියට බාධාවක් නොවන බවට නිවේදනයක්

LPL 2024

54
Lanka Premier League confirms Season 5 will go ahead as scheduled

මෙවර LPL තරගාවලිය කිසිදු වෙනසකින් තොරව නියමිත කාල සීමාව තුල පැවැත්වෙන බව IPG නිෂ්පාදන සමූහය විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (23) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් සිදු කරමින් ඔවුන් මේ බව තහවුරු කළ අතර, පසුගිය බදාදා (22) Dambulla Thunders කණ්ඩායමේ නව සම හිමිකරුවකු අත්අඩංගුවට ගැනීම සහ ඉන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි Dambulla Thunders හිමිකාරිත්වය අත්හිටවීමට තීරණය කිරීම සමඟ එළඹෙන LPL තරගාවලිය පැවැත්වීම පිළිබඳ යම් ගැටලුකාරී තත්වයක් උද්ගත වුනා.

කෙසේ වෙතත් මේ වන විටත් Dambulla වෙනුවෙන් නව හිමිකාරිත්වයක් ලබා දීමේ අවසන් අදියර ගෙවී යමින් පවතින බව IPG විසින් සිය නිවේදනයෙන් සඳහන් කර ඇති අතර, ඒ අනුව මෙවර තරගාවලිය නියමිත කණ්ඩායම් පහ සමඟ නිසි කාලසටහනට අනුකූලව ඉදිරියේ දී පැවැත්වෙනු ඇති.

තරගාවලිය එළඹෙන ජුලි මස 01 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

2024 LPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<