ශෙලින්ඩා ගෞරවාන්විතව සමුගනී

232

නව තරගාවලි වාර්තා රැසක් බිහි කරමින් පුරා දින තුනක් මුළුල්ලේ පැවති “ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සැණකෙළිය” හෙවත් ISAC මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්විය.

IASC ආරම්භයේ දී ශෙලින්ඩාගෙන් මල්වෙඩි

ශ්‍රී ලංකාවේ දසත ව්‍යාප්තව පවතින ජාත්‍යන්තර පාසල් අතර පවත්වනු ………….

තරගාවලියේ අවසාන දිනය වූ ඊයේ (16) දිනයේ දී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් 100m ධාවන ඉසව් හි අවසන් තරග පැවැත්විය. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ජයග්‍රහණ දිනා ගත් ක්‍රීඩිකාවක් වන ශෙලින්ඩා ජැන්සන් හට මීටර් 200 බාලිකා ධාවන ඉසව්වේ දී අභියෝග කළ සදීපා හෙන්ඩර්සන් ද වයස අවුරුදු 20න් පහළ මීටර් 100 බාලිකා ඉසව්වට සහභාගී වූ නිසාවෙන් කාගේත් අවධානය මෙම ඉසව්ව සඳහා යොමු වී තිබුණි. 

කෙසේ නමුත් එම ඉසව්ව තමන්ගේ මිස අන් අයෙකුගේ නොවන බව කියා පාන්නාක් මෙන් නව තරගාවලි වාර්තාවක් සමඟින් ඉසව්වේ රන් පදක්කම් දිනා ගන්නට ශෙලින්ඩා සමත් වුනේ තත්පර 11.6 කාලයකින් ඉසව්ව අවසන් කරමිනි. 

නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ කාවින්ද බණ්ඩාර 20න් පහළ බාලක 100m ඉසව්ව තත්පර 10.7කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර එම වයස් කාණ්ඩයේ 200m ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පවා පිහිටවූ සංතුෂ් හට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ බාලක 100m ඉසව්ව තත්පර 10.9කින් නිමා කරමින් කොළඹ ගේට්වේ විද්‍යාලයේ පසිඳු ගුණවර්ධන නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සියල්ලන්ගේ අවධානය දිනා ගත් ක්‍රීඩිකාවක් වූ දුල්යානා සුළුදාගොඩ හට රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වූ අතර 18න් පහළ බාලිකා 100m ඉසව්ව දිනාරා බන්ඩාරදීර විසින් ජයග්‍රහණය කළේ තත්පර 12.3ක කාලයක් වාර්තා කරමිනි. 

>> තරගාවලියේ දෙවැනි දිනයේ ඡායාරූප <<

තම ISAC ක්‍රීඩා දිවියේ අවසාන ඉසව්ව ලෙස 100X4 සහය දිවීම ඉසව්ව සඳහා සහභාගි වූ ශෙලින්ඩා ජැන්සන් එම ඉසව්ව ජයග්‍රහණයක් සමඟින් අවසන් කරන්නේ IAAF ප්‍රසාද ලකුණු 1003 සමඟිනි. 

එමෙන්ම ගියවර තරගාවලියේ දී මෙන්ම මෙවර තරගාවලියේ ද දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හෙවත් “Munchee Challenge Cup” සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා/ක්‍රීඩිකාවට  හිමි සම්මානය හෙවත් “RIT Alles Challenge Trophy and Edexcel Challenge Trophy” යන සම්මාන ද්විත්වය ජයග්‍රහණය කරන්නට ශෙලින්ඩා සමත් වීම කැපී පෙනෙන කරුණකි. 

ශෙලින්ඩා ජැන්සන් විසින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගනිමින්.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන සම්මාන හෙවත් “Munchee Challenge Cup” සම්මානය දිනා ගන්නට තුන්පිම්ම ඉසව්වෙන් මීටර 15.44ක දක්ෂතාවයක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ වත්තල ලයිසියම් විද්‍යාලයේ සඳුන් කුමාර සමත් විය. 

ව්යිචර්ලෙයි ජාත්‍යන්තර පාසල් අභියෝගතා වයස අවුරුදු 12න් පහළ බාලිකා ශූරතා කුසලානය හොරයිසන් ජාතික පාසලේ සුරක්ශි දරන්ගම විසින් දිනා ගත් අතර OKI ජාත්‍යන්තර පාසල් අභියෝගතා වයස අවුරුදු 12න් පහළ බාලක ශූරතා කුසලානය කොළඹ ගේට්වේ විද්‍යාලයේ බිනාල් ගුණරත්න විසින් දිනා ගන්නා ලදි.

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා ………….

එමෙන්ම ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් අභියෝගතා වයස අවුරුදු 14න් පහළ බාලිකා ශූරතා කුසලානය කොළඹ ගේට්වේ විද්‍යාලයේ නෙහන්සා පරණලියනගේ සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ නෙලිනි සමරසේකර අතර සමව බෙදී ගිය අතර “Burhani Serendib School” අභියෝගතා වයස අවුරුදු 14න් පහළ බාලක ශූරතා කුසලානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ කෙනුල් දුල්මින් විසින් ද දිනා ගන්නා ලදි.

සඳුන් කුමාර විසින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගනිමින්.

Asian International School විසින් ප්‍රදානය කරනු ලබන නාලංගි පෙරේරා අනුස්මරණ අභියෝගතා වයස අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාව මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School, Kandy) සේනකා ගුණරත්න විසින් දිනා ගත් අතර “Belvior International School” අභියෝගතා වයස අවුරුදු 16න් පහල බාලක ශූරතා කුසලානය පානදුර ලයිසියම් විද්‍යාලයේ දිනෙත් වීරරත්නට හිමි විය.

>> ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ ඡායාරූප ඇල්බමය <<

මීට අමතරව “Ilma International School” අභියෝගතා වයස අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දුල්යානා සුළුදාගොඩ, කොළඹ ගේට්වේ විද්‍යාලයේ මලීකා අමිත් සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශෂිනි ඩිල්ශා අතර සමව බෙදී ගියේය.

“Lyceum International School” අභියෝගතා වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාව කොළඹ ගේට්වේ විද්‍යාලයේ පසිඳු ගුණවර්ධන විසින් දිනා ගන්නා ලදි.

“Royal Institute” අභියෝගතා වයස අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාව‍ කොළඹ ගේට්වේ විද්‍යාලයේ සදීපා හෙන්ඩර්සන් විසින් දිනා ගත් අතර “Elizabeth moir School” අභියෝගතා වයස අවුරුදු 20න් පහළ ශූරතාව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ සඳුන් කුමාර විසින් දිනා ගන්න ලදි.

“Gateway Graduate School” සමස්ත තරගාවලියේ හොඳම සහය දිවීමේ කණ්ඩායමට හිමි ශූරතාව ශෙලින්ඩා ප්‍රමුඛ කොළඹ ගේට්වේ විද්‍යාලයීය සහය දිවිමේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

ලෝක ශූරයා නැවතත් ගෘහස්ථ පිටියට

ඇමරිකානු ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින්ම සිටින …………

“The British School Colombo” අභියෝගතා වයස අවුරුදු 14න් පහළ සමස්ත ශූරතාව, “Colombo International School” අභියෝගතා වයස අවුරුදු 16න් පහළ සමස්ත ගූරතාව, “Stafford International school” අභියෝගතා වයස අවුරුදු 18න් පහළ සමස්ත ශූරතාව, “Alethea International School” අභියෝගතා වයස අවුරුදු 20න් පහළ සමස්ත ශූරතාව ඇතුළු සමස්ත ශූරතා 4ක් වත්තල ලයිසියම් විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන්නට සමක් විය.

“St. Nicholas International School” අභියෝගතා වසය අවුරුදු 12න් පහළ සමස්ත ශූරතාව කොළඹ ගේට්වේ විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

පුරා දින තුනක් පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලිය අවසානයේ දී රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 23ක් ඇතුළුව සමස්ත පදක්කම් 92ක් දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නොකඩවා 12 වැනි වරටත් පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 29ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟින් සමස්ත පදක්කම් 72ක් දිනා ගත් කොළඹ ගේට්වේ විද්‍යාලය දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදි.

සමස්ත පදක්කම් සටහන

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<