• පළමු වරට නැගෙනහිර පළාතට ජිම්නාස්ටික් ඉසව්වෙන් ජාතික මට්ටමේ  රන් පදක්කමක්

41වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළට අයත් ජිම්නාස්ටික් තරග පසුගියදා නිමාවට පත් විය. ඒ අනුව පිරිමි තරගාවලියේමුළු රන්පදක්කම් හයෙන් පහක් දිනාගත් බස්නාහිර පළාත් පිරිමි කණ්ඩායමට එහි ශුරතාව හිමි වු අතර  කාන්තා සමස්ථතරගාවලියේ මුළු රන්පදක්කම් හතරෙන් තුනක් දිනාගත් බස්නාහිර පළාත් කාන්තා කණ්ඩායමට  කාන්තා ජිම්නාස්ටික්ශුරතාව හිමි විය.

විශේෂත්වය වන්නේ ප්‍රථම වතාවට නැගෙනහිර පළාතට ජිම්නාස්ටික් ඉසව්වෙන් ජාතික මට්ටමේ  රන් පදක්කමක්හිමිවිමයි. පිරිමි සමාන්තරව පෝල ඉසව්වේ රන් පදක්කම එසේ නැගෙනහිර පළාතට හිමි වු අතර කාන්තා අංශයේඅනෙක් රන් පදක්කම උතුරු මැද පළාතට හිමි විය. ඒ සමබර දණ්ඩ ඉසව්වෙන්ය.

තරගාවලියේ සමස්ථ ජිම්නාස්ටික් පිරිමි අනුශුරතාව උතුරු මැද පළාතත්, පිරිමි ජිම්නාස්ටික්  තෙවැනි ස්ථානය දකුණුපළාතත් හිමි කර ගන්නට සමත් විය. කාන්තා ජිම්නාස්ටික් අනුශුරතාවය සහ තෙවැනි ස්ථානය පිළිවෙළින් දකුණු සහමධ්‍යම පළාත් කණ්ඩායම් හට  හිමි කර ගන්නට හැකි විය

41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාතේ ඩිල්ෂාන් කාවින්දසම්මානයට පාත්‍ර වු අතර එම පළාතම නියෝජනය කළ රිද්මා සමනලි දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලෙසසම්මාන දිනා ගනු ලැබිය.