IASC ආරම්භයේ දී ශෙලින්ඩාගෙන් මල්වෙඩි

131

ශ්‍රී ලංකාවේ දසත ව්‍යාප්තව පවතින ජාත්‍යන්තර පාසල් අතර පවත්වනු ලබන මලල ක්‍රීඩා තරගාවලියක් වන “ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සැණකෙළිය” හෙවත් ISAC මලල ක්‍රීඩා තරගාවලියේ 20 වැනි අදියර ඊයේ (14) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. 

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩාවල තේරීම් තරගවලට දින නියම වෙයි

ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන්…….

පෙර වසරේ ක්‍රීඩා උළෙලේ දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කරන ශෙලින්ඩා ජැන්සන් වෙත මෙවර තරගාවලියේත් සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණි.

සියල්ලන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් සිය අවසාන ISAC ක්‍රීඩා උළෙලට සහභාගි වන ශෙලින්ඩා මෙවර තරගාවලියේ පදක්කම් මැෂිම ආරම්භ කළේ වයස අවුරුදු 20න් පහළ බලිකා 200m ඉසව්ව තත්පර 24.6කින් අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරමිනි.

ශෙලින්ඩා ජැන්සන් 200m අවසන් තරගය අතරතුර දී

20න් පහළ බාලක 200m ඉසව්ව තත්පර 21.8කින් අවසන් කරමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සංතුශ් වීරසිංහ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. 

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ 200m තරග ඉසව්ව තත්පර 21.8 කාලයකින් නිමා කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ පසිඳු ගුණවර්ධන විසින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ අතර එම ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගත් ක්‍රීඩකයා ද පෙර තරගාවලි වාර්තාවක් බිඳ දමා තිබීම කැපී පෙනුනි.

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා වයිරසය……

මීට අමතරව පසුගිය වසරේ තවත් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක් වන නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දුලන්‍යා විසින් මෙම වසරේත් තම පළමු ඉසව්ව වූ 200m බාලිකා තරගය තත්පර 25.5කින් අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය.

වයස අවුරුදු 16න් පහළ 200m බාලක ඉසව්වේ රන් පදක්කම ලීඩ්ස් විද්‍යාලයේ දිනෙත් වීරරත්න විසින් ජයග්‍රහණය කළ අතර එම ඉසව්වේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School, Kandy) සේනකා ගුණරත්න විසිනි.

පාසල් කිහිපයක් අතර පදක්කම් දෝලනය වෙමින් තරගාවලියේ ප්‍රථම දිනය නිමාවට පත්වූ අතර අද (15) ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් ඉසව් කිහිපයක් වන 400×4 සහය දිවීමෙ තරග සහ වේගත්ම ධාවන ඉසව්ව වන 100m අවසන් තරග ද පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පුරා දින 3ක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. තරගාවලියේ සියලු තරග වාර්තා සහ ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<