ICCයේ ලොකු පුටුවකට අලුත් අයෙක්

289
Pic caption - මනූ ස්වෝනි මහතා

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කර තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. සිංගප්පූරු ක්‍රීඩා මධ්‍යස්ථානයේ මෙන්ම ප්‍රකට රූපවාහිනී ක්‍රීඩා නාලිකාවක් වන ESPN ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය හොබවා ඇති සෝනි මහතා, ලබන මාසයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

අවසන් පන්දු වාරයේ ප්‍රහාරයෙන් ඉන්දියාව සටනට පා තබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර …

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂන්ක් මනෝහර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම නාම යෝජනා කමිටුව විසින් ගෝලීය සෙවීම් හා පත්කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ස්වෝනි මහතාගේ පත්වීම අනුමත කර තිබෙන බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ තනතුරට ස්වෝනි මහතාට ලබාදීම පිළිබඳව අදහස් දක්වා සිටින මනෝහර් මහතා, ”මනූගේ පත්වීම තහවුරු කිරීමට මට අවස්ථාව හිමිවීම පිළිබඳ සතුටට පත් වෙනවා” යැයි සඳහන් කර තිබේ.

වසර 22කට අධික වාණිජ අංශයේ ස්වෝනි මහතා සතු විශිෂ්ට අත්දැකීම් සම්භාරය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සිදුකරගෙන යන ගෝලීය වර්ධන වැඩ සටහනේ නව උපාය මාර්ග සම්පාදනය කර ගැනීම සඳහා ඉවහල් වනු ඇති බවට විශ්වාසය තබා තිබේ. ලොව පුරා විශිෂ්ට සාමාජිකයන් රාශියක් නිර්මාණය කර ගැනීම සඳහා සිදුකරගෙන යන සෙවීම් ක්‍රියාවලිය යටතේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින් සමඟ කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යනු ඇති බව එම නිලධාරීහු මනූ පිළිබඳව විශ්වාසය තබා තිබේ.

අසල්වැසි රටේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඛේදනීය ඉරණමක්

ඉන්දියාවේ දකුණු ගෝආහී මාර්ගාවෝ නගරය කේන්ද්‍රකර ගනිමින් …

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයා, “ඔහු ක්‍රීඩාව මෙන්ම විකාශනයන් සම්බන්ධව නායකත්වය ලබා දුන් චරිත ගණනාවක දී ම ඔහු සාර්ථකත්වයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම මූලෝපායික චින්තකයෙකු වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි සංකීර්ණතාවන් තේරුම් ගනියි. ස්වෝනිව නිර්දේශ කිරීම සඳහා නාම යෝජනා කමිටුවේ තීරණය ගනු ලැබූ ඒකමතික තීරණයක් වන අතර මා හා මගේ සහකාර අධ්‍යක්ෂකවරුන් ඔහු සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි පවසා තිබේ.

ESPN ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධව වසර 17ක අත්දැකීම් ඇති ස්වෝනි මහතාගේ කාල සීමාව ඇතුළත දී එම ආයතනය ප්‍රමාණය සහ වාර්ෂික ආදායම දෙගුණ කිරීමට සමත්වී තිබේ. එමෙන්ම එම කාල වකවානුව තුළ දී ආසියාවේ රටවල් 24ක පාර්ශ්වකරුවන් සමඟ නව්‍ය අන්තර්ගතයන් සහ ඩිජිටල් වර්ධන උපාය මාර්ගයන් ලබා දෙමින් ශක්තිමත් සම්බන්ධතා ගොඩ නගා ගැනීමට සමත් වීම කැපී පෙනෙයි.

ඊට අමතරව 2007 වසරේ සිට 2015 වසර දක්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ ලෝක විකාශන හවුල්කාරීත්වය සමඟ වූ ගිවිසුමට එළඹෙමින් කටයුතු කිරීමේ දී ලද පැහැදීම ද මෙම පත්වීම ලබා දීමට වක්‍රාකාරව හේතු නොවූවාද නොවේ. මීට අමතරව ස්වෝනි මහතා ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් ආයතනයේ විගණන කමිටු සාමාජිකයකු මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

පැන්ඩාගෙන් තවත් සුපිරි ඉනිමක්

නවසීලන්ත ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් හට කිසිදා අමතක නොවන මතකයන් …

එම තනතුර තමාට හිමි වීම සම්බන්ධව අදහස් පළ කර සිටින ස්වෝනි මහතා, “අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ගෝලීය ක්‍රිකට් ප්‍රජාවට සේවය කිරීමේ වරප්‍රසාදය හා වගකීම හිමි වීම උසස් කොට සලකනවා. මට ලැබුණු අවස්ථාව බිලියනයකට අධික ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයන්ගේ සිටින මෙම ක්‍රීඩාවේ වර්ධන ක්‍රමෝපායන් හරහා ඉදිරියට ගෙන යෑමට මට ලැබිලා තියෙන හොඳම අවස්ථාවක්” යනුවෙන් පවසා තිබේ.

ස්වෝනි මහතා ලබන පෙබරවාරි මස මැද සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සම්බන්ධ වීමට නියමිත අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් එම ධුරයේ රැඳී සිටින එංගලන්ත ජාතික ඩේවිඩි රිචර්ඩ්සන් මහතා සමඟ පාලනය භාර ගැනීමට පෙර නායකත්වයේ ස්ථාවරත්වය සහතික කර ගැනීම සඳහා එකට කටයුතු කිරීමට නියමිව තිබේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<