මල්ෂ තරුපතිත් ශතකයක් සමාජයට එක් වෙයි

Inter Club U23 Tournament 2026

1
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේ දී Moors SC කණ්ඩායමේ නායක මල්ෂ තරුපති ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඔහු මෙම ශතකය වාර්තා කරන්නේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 56ක දී ලකුණු 100ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් ද ඇතුලත් කෙරුණා.

මේ අතර CCC කණ්ඩායමේ පා දඟ පන්දු යැවූ තිසරු වන්නිනායක Galle CC කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 62කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහු එම තරගයේ ප්‍රතිවාදීන්ගේ 2 වැනි ඉනිමේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා ගන්නවා.

ඔවුන්ට අමතර ව Bloomfield C & AC කණ්ඩායමේ අමීෂ රසාංජන (59) සහ දිනෙත් පැහැසර (75), Moors SC කණ්ඩායමේ විශාර ප්‍රනාන්දු (87) සහ රුවීන් ෆොන්සේකා (57), Chilaw Marians CC කණ්ඩායමේ දිනිත ද සිල්වා (57), Navy SC කණ්ඩායමේ යුනෙත් සෙනෙවිරත්න (57) සහ Panadura SC කණ්ඩායමේ සුවහස් ප්‍රනාන්දු (50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Leo CC කණ්ඩායමේ විශ්ව පීරිස් Chilaw Marians CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 85කට කඩුලු 6ක් දවා ගන්නවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Baduraliya CC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.

Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (57.0) නිකිල් ජයවීර 39, මානස මදුභාෂණ 34, රුසඳු සිල්වා 36, හංසමාන ද සිල්වා 4/29, තරින්ද නිර්මාල් 3/71, කවීෂ පියුමාල් 2/27

 

Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 189 (50.0) අමීෂ රසාංජන 59, දිනෙත් පැහැසර 75, තරුෂ දමිඳු 2/51, මානස මදුභාෂණ 2/39, රුසඳු සිල්වා 2/30

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield C & AC කණ්ඩායමට.)

Tamil Union C & AC සහ Moors SC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (76.0) විහස් තෙව්මික නොදැවී 96, මෙවන් දිසානායක 22, තේමිය ගුණරත්න 23, දිනිත් කුමාරසිංහ 2/21, ඉඳුවර උදේන 3/52, සඳරු මල්ශාන් 2/54

 

Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 315 (53.3) විශාර ප්‍රනාන්දු 87, රුවීන් ෆොන්සේකා 57, මල්ෂ තරුපති 100, සිතුම් විහඟ 26, විහස් තෙව්මික 4/52, විශ්ව ධනංජය 2/74

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 170 (45.0) ටෙහාන් බීටර් 27, සචිර වැලිවත්ත 26, ජානුක රත්නායක 63, විහස් තෙව්මික 24, ඉඳුවර උදේන 4/65

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moors SC කණ්ඩායමට.)

CCC සහ Galle CC අතර තරගය, කොළඹ CCC  ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (73.4) සරිත් සුදීන 73, වෙනුර විතානගේ 53, සනූල් වීරරත්න 99, රශ්මික පෙරේරා 35, මානිත් රාජපක්ෂ 3/106, චතුම් ලක්ප්‍රිය 3/72, යුතික ද සිල්වා 3/46

 

Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (41.0) දුල්සිත් දර්ශන 26, චමත්ක කවිශාන් 29, දුවිඳු රණතුංග 2/48, අබීත් පරණවිදාන 3/37, තිසරු වන්නිනායක 3/25

 

Galle CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 129 (39.5) යුතික ද සිල්වා 59, දුල්සිත් දර්ශන 22, තිසරු වන්නිනායක 8/37

CCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 56ක ජයක්.

Chilaw Marians CC සහ Leo CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (39.5) ඔෂද ගිම්හාන් 40, පූර්ණ කල්හාර නොදැවී 43, සසංක නිර්මාල් 4/20, තිමිර ඉරුශික 5/13

 

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 249 (66.0) දිනිත ද සිල්වා 57, දර්ශක සංදීප් 21, ගිම්හාන් රසාංජන 39, සසංක නිර්මාල් 24, කලන ලියනගේ 39, මෙලන් හංසක නොදැවී 20, ඔෂද ගිම්හාන් 2/64, විශ්ව පීරිස් 6/85

 

Leo CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 92 (31.5) අවින්ත ද අල්විස් 43, පූර්ණ කල්හාර 20, තිමිර ඉරුශ්ක 2/25, මෙලන් හංසක 3/29

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Chilaw Marians CC කණ්ඩායමට.)

Ace Capital CC සහ Navy SC අතර තරගය, කොළඹ BRC  ක්‍රීඩාංගණයේ දී.

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (73.0) කවිඳු අමමෙත් 44, වනුජ සහන් 89, සුපුන් වඩුගේ නොදැවී 76, තිසර ඒකනායක 26, රචින්ත ද සිල්වා නොදැවී 50, තිනේත් සාලිංග 2/75, රුවින් සංකල්ප 2/102, සහශ් ගොඩගේ 3/92

 

Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවි 160 (41.5) ජනිත් ප්‍රනාන්දු 27, යුනෙත් සෙනෙවිරත්න 38, චාමික රණසිංහ 49, වනුජ සහන් 3/58, තිසර ඒකනායක 4/23

 

Navy SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවි 221 (62.0) උවිඳු පෙරේරා 22, චන්දූප පෙරේරා 33, යුනෙත් සෙනෙවිරත්න 57, චාමික රණසිංහ 41, වනුජ සහන් 2/50, අනුක විජේවර්ධන 2/40

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Ace Capital CC කණ්ඩායමට)

Kandy Customs SC සහ Panadura SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (46.0) පූජිත් වත්සුග 30, කවිෂ ඉඳුවර නොදැවී 36, යශින් ප්‍රනාන්දු 2/21, මලින්ත සිල්වා 4/35, විශ්ව ලහිරු 3/29

 

Panadura SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 231 (32.0) සුවහස් ප්‍රනාන්දු 50, චාර්ය පරණවිතාන 84, අසදිස ද සිල්වා 33, කංචන ද ලිවේරා 23 

 

Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 67 (24.5) අර්ශාන් ජෝසප් 24

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Panadura SC කණ්ඩායමට.)

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<