ඩයලොග් හා ඇක්සස් සාර්ථකව තරගාවලිය ආරම්භ කරයි

1016

2018 වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (20) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර කුසලාන ශූරතාවලියේ අපරාජිතව දිනය අවසන් කිරීමට ඩයලොග් A කණ්ඩායම හා ඇක්සස් (Access) කණ්ඩායම් සමත් විය.

සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතා තරගාවලිය” අගෝස්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිතයි. විශ්ව විද්‍යාල 13ක්…

ශ්‍රී ලංකා සත් සාමාජික ක්‍රීඩකයින් දස දෙනෙකු ක්‍රීඩා කරන ඇක්සස් කණ්ඩායම, 2017 අනුශූරයින් වූ ක්ලැසික් ට්‍රැවල්ස් (Classic Travels) කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දුන්නේ ඔවුන්ට එකදු ලකුණක් හෝ ලබා නොදී ලකුණු 42-00ක් ලෙස තරගාවලිය ජයග්‍රාහි ලෙස ආරම්භ කරමිනි.

මේ අතර සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කළ ජේ. කේ. එච් (John Keells) B කණ්ඩායම ලකුණු 31-00ක් ලෙස පරාජය කරමින් ඩයලොග් A කණ්ඩායම ද තරගාවලියට විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

ඇක්සස් 42 0 ක්ලැසික් ට්‍රැවල්ස්  
ජේ. කේ. එච් B 0 31 ඩයලොග් A

දිනයේ සවස් භාගයේ පලිහ ශූරතාවලියේ තරග 17ක් ක්‍රියාත්මක වූ අතර ඩයලොග් B කණ්ඩායම හමුවේ ලකුණු 38-05ක් ලෙස පරාජය වන්නට Aitken Spence කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථා කණ්ඩායම, පී. ඒ. බී. සී කණ්ඩායම හා ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගම් කණ්ඩායම පලිහ ශූරතාවේ පළමු තරග කිහිපයේ දී ජය වාර්තා කළ අතර තියුණු තරගයකට පසුව Ceylon Tea Brokers කණ්ඩායම පරාජය කරමින් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කරන්නට සොෆ්ට්ලොජික් කණ්ඩායම සමත් විය.  

කෙසේ වෙතත් ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකු එක් තරගයක දී කණ්ඩායමට ක්‍රීඩා කරවීම නිසා ෆෙයාර් ෆස්ට් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයට සිදු විය.

AITKEN SPENCE 5 38 ඩයලොග් “B”
ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව 41 0 ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් 10 33 පී. ඒ. බී. සී
මාස් “B” 5 43 ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම
CEYLON TEA BROKERS 22 24 සොෆ්ට්ලොජික්
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 29 5 ශ්‍රී ලංකා ඛනිජ හා රසායන නීතිගත සංස්ථාව
CEYLON KNIT TREND 34 0 එච්. එස්.  බී. සී “B”
කොමර්ෂල් ක්‍රෙඩිට් 50 0 ග්ලැක්සෝ ස්මිත්ක්ලයින්
AITKEN SPENCE 17 35 ජෝර්ජ් ස්ටුවර්ට්
ඩයලොග් “B” 41 0 ස්ටැෆර්ඩ් මෝටර් සමාගම
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්   19 21 VIRTUSA
පී. ඒ. බි. සි 5 43 ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගම
CEYLON TEA BROKERS 12 10 ජාතික සංවර්ධන බැංකුව
සොෆ්ට්ලොජික් 19 14 ශ්‍රී ලංකා ඛනිජ හා රසායන නීතිගත සංස්ථාව
ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව 12 19 ජෝර්ජ් ස්ටුවර්ට්
මාස් “B” 24 0 VIRTUSA
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 33 0 ජාතික සංවර්ධන බැංකුව

මේ අතර ජේ. කේ. එච් කණ්ඩායමට නොසිතු ලෙස පරාජය කරමින් Allianz Insurance හා බ්‍රැන්ඩික්ස් කණ්ඩායම පහසුවෙන් පරාජය කළ CDB කණ්ඩායම දිනයේ පැවති බඳුන කාණ්ඩයේ එකම තරග දෙක ජය ගැනීමට සමත් විය.

බ්‍රැන්ඩික්ස් 14 33 සි. ඩි. බි
ALLIANZ INSURANCE 12 7 ජේ. කේ.එච් “C”

අද දිනයේ දී (21) තරග 31ක් පැවැත්වීමට නියමිත අතර උදෑසන 8.40 සිට රාත්‍රී 9 වනතුරු තුරග තරග පිටියේ දී තරග ක්‍රියාත්මක වනු ඇත. තරගය සජීවීව නරඹන්න පිවිසෙන්න ThePapare.com වෙත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<