ඉන්දීය නායකයාට ආබාධ බියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2735

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් නළලේ වැදීම නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක Rohit Sharma තරමක ආබාධයකට ලක් ව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරගය ඉලක්ක කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටිය දී ඔහුට මෙලෙස පන්දුවක් හිසේ වැදී තිබුණු අතර ඒ සමඟම කණ්ඩායමේ කාර්ය මණ්ඩලය විසින් ඔහුව පරීක්ෂා කර තිබෙනවා.

එම පරික්ෂාවෙන් අනතුරුව ඔහු නැවතත් පුහුණුවීම් සිදු කිරීම ආරම්භ කිරීමට කටයුතු කළත්, එක් පන්දුවකට පමණක් මුහුණ දීමෙන් අනතුරුව ඇති වූ වේදනාව නිසා ඔහු පුහුණු වීම් නවතා ඉන් ඉවත්ව තිබෙනවා.

එලෙස ඉවත් වීමෙන් පසුව ඔහු පන්දුව වැදුණු ස්ථානයේ අයිස් තබා ගෙන සිටින අයුරු දක්නට ලැබී ඇති අතර ඉන් පැයකට පමණ පසුව නැවතත් ඔහු පුහුණු වීම් ආරම්භ කර කිසිදු වේදනාවකින් තොරව ක්‍රීඩා කර තියෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ එක් අර්ධ ශතකයක් ලබා ගැනීමට Rohit Sharma සමත් වූවත් සිය සුපුරුදු රිද්මයට ඔහුට තවමත් ඔහුට හැකි වුනේ නැහැ.

අවසන් පූර්ව තරගය ආරම්භයට පෙර පැවති මෙම අමතර පුහුණු සැසිය සඳහා Rohit Sharmaට අමතරව Hardik Pandya සහ Dinesh Karthik එම පුහුණු සැසිය සඳහා එක්ව තිබුණා.

Cricinfo ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<