ගියවර ශූරයන්ට අනුශූරයන්ගෙන් රතු එළියක්

589

11 වන සතියේ පැවති ප්‍රධානතම තරගයක් ලෙස, ගියවර තරගාවලියේ ශූරයන් වූ Cleveland Cavaliers කණ්ඩායම හා අනුශූරයන් වූ Golden State Warrios කණ්ඩායම අතර තරගය කාගේත් කතාබහට ලක්විය.

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක නත්තල් දින තරගයේදී හමුවූ අවස්ථාවේ දී ශූරයන් වූ Cleveland Cavaliers කණ්ඩායම එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. නමුත් සඳුදා පැවති තරගයෙන් Cleveland Cavaliers  කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35ක දැවැන්ත ජයක් ලබා ගැනීමට Golden State Warrios කණ්ඩායම සමත් වීම කැපීපෙනෙන් සිදුවීමක් බවට පත්විය.

ඩෙරික් රෝස් තරගයට පෙර අතුරුදහන් වේ

10 වන සතියේ තරග ආරම්භයට පෙර 9 සතියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මත සතියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බටහිර කාණ්ඩයෙන්…

මාර්ටින් ලූතර් කිං සමරු දිනයේදී පැවති මෙම තරගයේ Golden State Warrios කණ්ඩායම විසින් තරග ආරම්භයේ සිටම දියත් කල ආක්‍රමණශීලි ක්‍රීඩා රටාව හේතුවෙන් පළමු අර්ධය අවසානයේ ලකුණු 72 – 49ක් ලෙස විශාල ලකුණු පරතරක් රදවා ගැනීමට Golden State Warrios කණ්ඩායම සමත් විය. තරගය අවසානයේ ලකුණු සටහන ලකුණු 129 – 91ක් ලෙස සටහන් විය.

මෙම තරගයට පෙර Cleveland Cavaliers කණ්ඩායම සහභාගි වූ අවසන් තරග 3න්, 2ක්ම පරාජයට පත්වීම කැපීපෙනෙන්නක් විය. කෙසේ වෙතත් ජයග්‍රාහී  Golden State Warrios කණ්ඩායම වෙනුවෙන් ක්’ලේ තොම්සන් (Klay Thompson) ලකුණු 26ක් ලබාගත් අතර ඩ්‍රේමන්ඩ් ග්‍රීන් (Draymond Green) ලකුණු 11ක්, නැවත ලබා ගැනීම් 13ක් (rebound) හා විශිෂ්ට ගණයේ පන්දු හුවමාරු කිරීම් 11ක් (assists) වාර්තා කිරීමට සමත් විය.

තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට උත්සහ කළ ලේබ්රෝන් ජේම්ස් (LeBron James) ලකුණු 20ක් ලබා ගැනීමට සමත් විය. මෙය Cleveland Cavaliers  කණ්ඩායම මෙම තරග වාරය තුලදී අත්කරගත් 10 වන පරාජය මෙයයි.

මෙම ජයග්‍රහණයට පෙර මෙම කණ්ඩායම් දෙක මුණගැසුනු අවසන් අවස්ථා හතරේදීම Cleveland Cavaliers කණ්ඩායම හමුවේ පරාජය වන්නට Golden State Warrios කණ්ඩායමට සිදුවූ අතර අවසන් තරග වාරයේ, මාර්ටින් ලූතර් කිං සමරු දිනයෙහි පැවති තරගයෙන් මෙවැනිම ලකුණු  40 දැවැන්ත ජයක් ලැබීමට Golden State Warrios කණ්ඩායම සමත් වුවත්, අවසන් මහා තරගාවලියේදී Cleveland Cavaliers කණ්ඩායම අතින් පරාජය විය.

බටහිර කාණ්ඩයේ (Western conference) ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ දැනට රැදී සිටින San Antonio Spurs කණ්ඩායම හා නැගෙනහිර කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින Cleveland Cavaliers යන කණ්ඩායම් අතර තරගයක් සති අන්තයේ පැවැත්විය.

ප්‍රබල කණ්ඩායම් දෙකක මෙම හමුව දැක බලා ගැනීමට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් පැමිණ සිටීම දැක ගත හැකි විය. උද්වේගකර තරගයක් වූ මෙහි පළමු අර්ධය අවසානයේ ලකුණු 57 – 56ක් ලෙස ඉදිරියෙන් සිටීමට Cleveland Cavaliers කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් අවසන් කාර්තුවේ San Antonio Spurs කණ්ඩායම ක්‍රියාත්මක කළ දක්ෂ ක්‍රීඩා රටාව හේතුවෙන් තරගයේ පෙරමුණ ගැනීමට San Antonio Spurs කණ්ඩායමට හැකිවිය. තම දක්ෂතා මැනවින් උපයෝගී කරගත් Cleveland Cavaliers ක්‍රීඩක ලේබ්රෝන් ජේම්ස් තම කණ්ඩායමේ පරාජය ප්‍රමාද කරන්නට සමත් විය. තරගයේ නිල කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 107 බැගින් ලබාගෙන සම තත්වයේ පසු වීම, තරගයේ තියුණු බව මනාව පිළිබිඹු කරන්නට සමත් විය. කෙසේ වෙතත් විනාඩි 5ක අතිරේක කාලයේදී ලකුණු 11ක් ලබා ගත් කණ්ඩායම ලකුණු 118 – 115 ලෙස ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

ජයග්‍රහි කණ්ඩායම වෙනුවෙන් ක්’වහි ලේනොර්ඩ් (Kawhi Leonard) තම පෞද්ගලික ඉහලම ලකුණු ප්‍රමාණය සනිටුහන් කරමි ලකුණු 41ක් වාර්තා කිරීමට සමත් විය. කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ ලේබ්රෝන් ජේම්ස් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් විය. ක්’වහි ලේනොර්ඩ් 2014 වසරේ අවසන් මහා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගිය තරගවාර දෙකකදී පිට පිට දෙවතාවක් වසරේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.

මෙම සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් ලෙස තරගාවලියේ සුපිරි තරු තරග වදින NBA ALL-Star තරගය සඳහා බටහිර කාණ්ඩයේ හා නැගෙනහිර කාණ්ඩයේ  කණ්ඩායම් සඳහා ආරම්භක ක්‍රීඩකයන් 5 බැඟින් නම් කිරීම සිදුවිය.

මේ සදහා අන්තර්ජාලය හරහා 50%ක් වූ ක්‍රීඩාලෝලීන්ගේ මනාපයත්, 25%ක් වූ  ක්‍රීඩකයන්ගේ මනාපයත් හා 25%ක් වූ ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ මනාපයත් සැලකිල්ලට ගන්නා ලදී.

එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් දොලොස් දෙනෙකුගෙන් සමන්විත අතර ආරම්භක ක්‍රීඩකයින් 5 දෙනා වැඩිම මනාප ලබා ගන්නා පිලිවෙලට ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙකු හා පසුපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් නම් කරනු ලබයි. කණ්ඩායමක ක්‍රීඩකයින් 12න් 10 දෙනෙකු මනාප මත පදනම් කරගෙන තෝරාගනු ලබන අතර ඉතිරි ක්‍රීඩකයන් දෙදෙනා පුහුණුකරුවන්ගේ කැමැත්ත මත තෝරාගනු ලබයි. මෙම තරගය පෙබරවාරි මස 18 වැනිදා New Orleans Pelicans කණ්ඩායමේ ක්‍රීඩා පිටියේ උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. කණඩායම් දෙකට අදාල ආරම්භක ක්‍රීඩකයන් මෙසේය.

නැගෙනහිර කණ්ඩායමfdafdfdf
  1. ක්’යිරි අ’වින්ග් (Kyrie Irving) – Cleveland Cavaliers කණ්ඩායම
  2. ග’න්නිස් අ’ටෙනේකුම්පෝ (Giannis Antetokounmpo) – Milwaukee Bucks කණ්ඩායම
  3. ලේබ්රෝන් ජේම්ස් (Lebron James) – Cleveland Cavaliers කණ්ඩායම
  4. ඩිමාර් ඩිරෝසන් (DeMar DeRozan) – Toronto Raptors කණ්ඩායම
  5. ජිමී බට්ලර් (Jimmy Butler) – Chicago Bulls කණ්ඩායම
බටහිර කණ්ඩායමasdsadsadsad
  1. ස්’ටෙෆන් ක්’රී (Stephen Curry) – Golden State Warrios කණ්ඩායම
  2. ජේම්ස් හාර්ඩන් (James Harden) – Houston Rockets කණ්ඩායම
  3. ක්’වහි ලේනොර්ඩ් (Kawhi Leonard) – San Antonio Spurs කණ්ඩායම
  4. කෙවින් ඩුරෙන්ට් (Kevin Durant ) – Golden State Warrios කණ්ඩායම
  5. ඇන්තනි ඩේවිස් (Anthony Davis) – New Orleans Pelicans කණ්ඩායම