නායකත්වය වෙනම මානයකට රැගෙන ගිය අති විශිෂ්ටයා, “මහී”

486

ක්‍රිකට් ලොව එදාමෙදාතුර බිහි කළ හොඳම නායකයෙකු වශයෙන් හැඳින්විය හැකි මහේන්ද්‍ර සිං දෝනි නායකයෙක් ලෙස පමණක් නොව ක්‍රීඩකයෙකු ලෙස ද ඉහළම තලයට යාමට සමත් වූ පුරාවෘත්තයකි.

Photo Story – 15 වසරක් පුරාවට මාලිංග දැක්වූ වීරක්‍රියා

එක්දින ක්‍රිකට් පිටියේ එදාමෙදාතුර හොඳම නිමා කරන්නෙකු වූ වෙමින් එක්දින තරග 350ක දී ලකුණු 10,773ක් රැස් කිරීමට ඔහු සමත් වූයේ 50.57ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

එමෙන්ම ටෙස්ට් ලකුණු 4876ක් රැස් කළේ 38.09ක සාමාන්‍යයක් සහිතවයි. ඊට අමතරව කඩුලු රකින්නෙකු වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දවාලීම් 829කට දායක වීමට ඔහු සමත් විය. 

නායකයෙකු වශයෙන් පන්දුවාර 50 ලෝක කුසලානය, පන්දුවාර 20 ලෝක කුසලානය සහ ICC ශූරයන්ගේ කුසලානය යන කුසලාන ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබා දුන් ලොව එකම නායකයා වන්නේ ද දෝනියි. තවද ඉන්දියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් කිරීමට ද නායකත්වය ලබා දුන්නේ දෝනි විසිනි.

සෙවාග් නම් වූ “ටෙස්ට්” පිතිකරුවා

මේ දිගහැරෙන්නේ සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රීඩා දිවියේ මුල සිට අගට ඔහු පසු කළ සුවිශේෂී සංධිස්ථාන පිළිබඳව පළකරන ඡායාරූප වෘත්තාන්තයකි.

2004 – මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගනිමින් ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මෙම වයර අග භාගයේ දී බංග්ලාදේශයට එරෙහිවයි.

justdial.com

2005 – දෝනි තම මංගල එක්දින ශතකය (148) පාකිස්තානයට එරෙහිවත්, තම එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව (183*) ශ්‍රී ලංකාවට එරෙහිවත් වාර්තා කළේ මෙම වසරේ දීයි. එමෙන්ම ඔහු ටෙස්ට් වරම් හිමිකර ගත්තේ ද 2005 වසර අග භාගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිවයි.

askthatcricketguy.sport.blog

2006 – තම මංගල ටෙස්ට් ශතකය (148) ඔහු පාකිස්තානයට එරෙහිව වාර්තා කළේ පාකිස්තානය සමග පැවති ටෙස්ට් තරගයක දීයි. ඊට අමතරව ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගත්තේ ද එම වසරේ දීයි.

getty images

2007 – එක්දින හා විස්සයි විස්ස තරග රටා දෙකේ නිත්‍ය නායකත්වයට දෝනි පත්වන්නේ මෙම වසරේ දීයි. 2007 වසරේ ඔහුගේ සුවිශේෂීම සංධිස්ථානය බවට පත්වූයේ නවක කණ්ඩායමක් මෙහෙයවමින් විස්සයි විස්ස ලෝක කුසලානය තම රටට උරුම කර දීමට ඔහු සමත් වෙමින් නායකයෙකු ලෙස තමාට හිමි වූ පළමු අභියෝගයම සාර්ථකව ජය ගැනීමයි.

getty images

A crusade to the top – Sri Lanka’s 156th Test Cap

2008 – ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් දෝනි පත්වූයේ මෙම වසරේ දීයි. ඊට අමතරව ඔහු ICC වසරේ ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

getty images

2009 – ඉන්දියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්කිරීමට නායකත්වය ලබා දීමට දෝනි සමත් විය. එම නිසා ඔහුට ICC ටෙස්ට් ශූරතා සෙංකෝලය (ICC Test Championship mace)ද එම වසරේ දී හිමි විය.

getty images

එමෙන්ම පිට පිට දෙවැනි වතාවටත් නොකඩවා ICC වසරේ ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් විය.

2010 – 2010 වසරේ පැවති ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය ලබා දීමට දෝනි සමත් විය. එමෙන්ම මෙම වසරේ දී තම නායකත්වය යටතේ පළමු වරට IPL ශූරතාවයක් හිමිකර ගැනීමට ඔහු සමත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවමිනි.

socioparivar.wordpress.com

2011 – දෝනිගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීම සංධිස්ථානය බවට පත් වූ 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහණයට ඔහු නායකත්වය ලබා දෙනු ලැබුවේ අවසන් මහා තරගයේ දී ඔහු රැස් කළ ජයග්‍රාහී ලකුණු 91*ක ඉනිමත් සමඟිනි. ඊට අමතරව එම වසරේ පැවති IPL තරගාවලිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දිනා දීමට ඔහු සමත් වූයේ නොකඩවා දෙවැනි වතාවටයි.

getty images

2012 – දෝනි සිය එක්දින තරග දිවියේ වාර්තා කළ හොඳම ඉනිම්වලින් එකක් ලෙස හැඳින්විය හැකි 113* පාකිස්තානයට එරෙහිව රැස් කළේ මෙම වසරේ දීයි.

socialmaharaj.com

2013 – දෝනිගේ නායකත්වය යටතේ ඉන්දියාව ICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට දිනා ගත්තේ 2013 වසරේ දීයි. ඊට අමතරව තම ටෙස්ට් දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව (224) ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළේත් මෙම වසරේදීයි. ඔහු රැස් කළ එකම ටෙස්ට් ද්විත්ව ශතකයත් මෙයයි.

getty images

2014 – දෝනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ මෙම වසර අග ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියක දීයි.

getty images

2015 – එක්දින තරග 100ක් ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබා දුන් ලොව තෙවැනි ක්‍රීඩකයා බවට ඔහු පත් වූයේ එම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරගය ජයග්‍රහණය කරමිනි.

getty images

2016 – M.S. Dhoni : The Untold Story නමින් දෝනිගේ ක්‍රිකට් දිවිය සම්බන්ධ චරිතාපදාන චිත්‍රපටියක් එළිදැක්වූයේ 2016 වසරේ දීයි. ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල හයේ පහර 200ක් එල්ල ලොව එකම නායකයා බවට දෝනි පත් වූයේ ද මෙම වසරේදීයි. ඒ එම වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ හයේ පහරක් සමඟිනි.

getty images

2017 – වසර 10ක සීමිත පන්දු වාර නායකත්වයට ඔහු සමුදුන්නේ 2017 වසර ආරම්භයේ දීයි. ඒ ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ එදාමෙදාතුර බිහි කළ හොඳම නායකයා වශයෙනි.

thesportsrush.com

2018 – ඉන්දියානු ජනරජයෙන් එරට තෙවැනි උසස්ම පුරවැසියාට පිරිනමන “Padma Bhushan” සම්මානයට දෝනි පාත්‍ර වූයේ මෙම වසරේ දීයි.

lenseye.co

The best of Tillakaratne Dilshan

2019 – තම ක්‍රිකට් දිවියේ අවසන් එක්දින තරගයට ඔහු ක්‍රීඩා කළේ මෙම වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දීයි. එමෙන්ම එම වසර ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු තම අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.

getty images

2020 – දෝනි නිල වශයෙන් සිය 15 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේ පසුගිය වසරේ දීයි.

theworldnews.net

2021 – Chennai Super Kings වෙනුවෙන් තරග 200ක් නියෝජනය කළ පළමු ක්‍රීඩකයා බවට දෝනි පත්වුනේ මෙම වසරේ දීයි.

dnaindia.com

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<