සෙවාග් නම් වූ “ටෙස්ට්” පිතිකරුවා

758
Virender Sehwag

ලොව ඇතැම් සාම්ප්‍රදායික ක්‍රිකට් විචාරකයන්ට අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ‘ප්‍රහාරාත්මක වේගය’ යනු නිශ්ඵල සහ අර්ථශුන්‍ය සාධකයකි. නමුත් තරගයක ජයග්‍රාහී බලපෑම (winning impact) ඇති කරමින් ඒ හරහා තරගයේ සමස්ත තීරණයම වෙනස් කර කණපිට ගැසීමට එම ප්‍රහාරාත්මක පිතිකරණය කෙතරම් දුරට වැදගත් සාධකයක් ද

පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය කළඑළි කළ ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය

2015 පෙබරවාරි 16. සුපිරි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය උඩුයටිකුරු කළ එම දිනය අදටත් ඔහු සිහිපත් කරන්නේ

සාම්ප්‍රදායික ටෙස්ට් පිතිකරණ රටාවෙන් අත්මිදී, තම ආක්‍රමණශීලී පිතිකරණ ශෛලය මගින් පන්දු යවන්නන් තම අණසකට නතුකර ගත් පිතිකරුවෙකු වශයෙන් ඉන්දීය හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ව ඒ ඔස්සේ කෙතරම් දුරකට ඉදිරියෙන් තැබිය හැකි ද? 

නමුත් බොහෝ විට එවන් ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් පිතිකරුවෙකුගෙන් එතරම් පිතිකරණ ස්ථාවරත්වයක් (consistency) බලාපොරොත්තු විය නොහැකි වුව ද ඔහු එම 50ට ආසන්න පිතිකරණ සාමාන්‍යය, ඉනිම් 180ක් පුරාවටම පවත්වා ගැනීමට සමත් වූයේ මෙම දිගු තරග රටාවට ඔහුට එල්ල කළ හැකි බලපෑමක් මනාව ඔප්පු කර පෙන්වමිනි. එහි සුවිශේෂීත්වය වන්නේ ඒ ඉනිම් අතරින් නොදැවීම් 6ක් පමණක් සටහන් වීමයි. 

එදාමෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔහු හැරුනු විට, පිතිකරණ සාමාන්‍යය අවම වශයෙන් 35ට වැඩි පිතිකරුවන් අතුරින් ප්‍රහාරාත්මක වේගය 80 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු හිටපු කඩුලු රකින්නා වූ ඇඩම් ගිල්ක්‍රිස්ට් පමණි. (අවම ලකුණු 2000ක් රැස්කළ පිතිකරුවන් අතුරින්) 

එසේ නමුත් බොහෝදෙනාට අනුව සීමිත පන්දුවාර විශේෂඥයෙකු ලෙස පමණක් හඳුන්වන විරේන්ද්‍ර සෙවාග්, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ පමණින් එසේ හැඳින්වීම කෙතරම් දුරට ගැලපේ ද? 

සංඛ්‍යාත්මකව බලන විට සෙවාග්, ටෙස්ට් ලකුණු 8586ක් සමඟ 49.34ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන සිටින්නේ, 82.23ක් වැනි ටෙස්ට් පිතිකරුවෙකුට අසාමාන්‍ය ප්‍රහාරාත්මක වේගයක් තම නාමය ඉදිරියේ සටහන් කරගනිමිනි. ඒ ශතක 23ක්, ද්විත්ව ශතක 6ක් සහ ත්‍රිත්ව ශතක 3ක්ම ඊට අන්තර්ගත කරමිනි. 

එහෙත් ඔහුට සීමිත පන්දුවාර තරග රටා ඔස්සේ සාපේක්ෂව එතරම් දිගු දුරක් යාමට නොහැකි විය. ඔහුගේ එක්දින පිතිකරණ සාමාන්‍යය 35ක් සහ විස්සයි විස්ස පිතිකරණ සාමාන්‍යය 21.9 වැනි අගයන් පවත්වා ගැනීම ඊට කදිම නිදසුනයි. 

ලොව නම් දැරූ පන්දු යවන්නන් කිසිවෙකු තුට්ටුවකටවත් මායිම් නොකරමින් ඔහු බොහෝ විට තම කණ්ඩායමට ජයග්‍රාහී බලපෑම (winning impact) නිමවා දෙනු ලැබුවේ ප්‍රහාරාත්මක පිතිකරණය හරහා පිටියේ තම අණසක පතුරවා හරිමිනි. ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමේ සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ්, වී.වී.එස්. ලක්ෂ්මන් වැනි කෙතරම් පුරාවෘත්ත සිටිය ද බොහෝ විට ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ මූලික ඉලක්කය බවට පත්වූයේ විරේන්ද්‍ර සෙවාග් නම් වූ අවතක්සේරු ගත ටෙස්ට් පිතිකරුවායි. පුරා දශකයකට වැඩි කාලසීමාවක් පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාව බවට ඔහු පත්වූයේ ද එලෙසිනි. 

එමෙන්ම බොහෝ විට සෙවාග් එක් එක් අන්තයක සිටිය දී සහ ඔහුගෙන් පසුව පිතිකරණයට පැමිණෙන අනෙකුත් පිතිකරුවන් හට කිසිඳු පීඩනයකින් තොරව පන්දුවට පහර දීමට අවකාශය සැලසෙන්නේ ද ඔහුගේ එම පිතිකරණ ශෛලය ඔස්සේ කණ්ඩායමට එක්වන ධනාත්මක බලපෑම මගිනි. 

සෆ්රාස්ගේ අනාගතය ගැන පුහුණුකරුගෙන් අනාවැකි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා

කෙසේනමුත් ඔහුගේ ටෙස්ට් දිවියේ යම් දුර්වලතාවයක් ලෙස සඳහන් කළ හැක්කේ දකුණු ආසියානු උපමහාද්වීපයෙන් පිටත දී ඔහු තම සුපුරුදු දස්කම් අතරට නොපිවිසීමයි. ඔහු එහිදී රඳවා ගැනීමට සමත් වූයේ 35.66ක පිතිකරණ සාමාන්‍යයකි. සෙවාග්ගේ සමස්ත දත්ත සමඟ සංසන්දනාත්මක වශයෙන් එය තරමක් අඩු අගයක් වුවද වේගපන්දු යවන්නන්ට පමණක් උචිත තණතීරු වල එම අගය ද සැලකිය යුතු මට්ටමේ සාධනීය තත්ත්වයක් වන්නේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය මගින් එම පිතිකරණ සාමාන්‍යයට සාධාරණයක් ඉටුකරමින් එම ගැටලුව මඟහරවා දෙන බැවිනි. 

වසර 143ක් පැරණි ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ත්‍රිත්ව ශතකයට ද උරුමකම් කියන සෙවාග්, 2008 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 278කින් තම වාර්තාගත ත්‍රිත්ව ශතකය රැස් කළේය. අවසානයේ දී ඔහු ලකුණු 319ක් රැස්කර ගනිමින් තවත් වාර්තාවක් තමන් සතුකර ගැනීමට සමත් වූයේ ඉන්දියානු පිතිකරුවෙකු රැස්කළ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමිනි. ඒ සමඟින් ඔහු ලොව ටෙස්ට් ත්‍රිත්ව ශතක දෙක බැගින් රැස්කළ පිතිකරුවන් සිව්දෙනා අතුරින් එක් අයෙකු බවට පත්වීමට ඔහු සමත් වූයේ 2004 වසරේ පාකිස්තානයට එරෙහිව රැස්කළ තම මංගල ත්‍රිත්ව ශතකයත් සමඟිනි. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීම කඩඉමකි.

කෝලි හා ශාස්ත්‍රී මට ලොකු නිදහසක් දුන්නා – පාන්ඩ්‍යා

අද ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍යම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හර්දික් පාන්ඩ්‍යාගේ

එමෙන්ම වේගවත්ම ටෙස්ට් ලකුණු 250 වාර්තාව ද ඊට වැඩි කාලයක් යාමට මත්තෙන් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගැනීමට ඔහු සමත් වූයේ 2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 207ක දී එම සංධිස්ථානය පසුකරමිනි. එහෙත් එම තරගයේදී ඔහු ලකුණු 293කට අවාසනාවන්ත අයුරින් දැවී ගියේ ලොව ත්‍රිත්ව ශතක තුනක් වාර්තා කළ එකම පිතිකරුවා බවට පත්වීමේ දුර්ලභ අවස්ථාව මගහරවා ගනිමිනි. 

කෙසේනමුත් බොහෝ විට අනෙකුත් ආරම්භක පිතිකරුවන් වන ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් සහ එංගලන්තයේ ඇලෙස්ටෙයාර් කුක් වැන්නන් සමඟ සංසන්දනයේ දී සෙවාග් බොහෝ දුරට අවතක්සේරු ගත පිතිකරුවෙකු බවට පත්වන්නේ ඇතැම් දෙනා ඔහුගේ මෙම ජයග්‍රාහී බලපෑමට ලබා දී ඇති අසාධාරණ තක්සේරුව මතයි. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නම් දැරූ ප්‍රහාරාත්මක පිතිකරුවන් බොහොමයක් සිටිය ද ඔවුන්ට රඳවා ගැනීමට අපහසු වූ ස්ථාවරත්වය තබා ගනිමින් සෙවාග් ඔවුන් සියල්ල අභිබවා ඉහළටම ගමන් කළේ එලෙස අන් කිසිඳු ප්‍රහාරාත්මක පිතිකරුවෙකුට නොමැති පිතිකරණ සාමාන්‍යයක් ටෙස්ට් තරග 104ක් පුරාවටම අසාමාන්‍ය අයුරින් පවත්වා ගනිමිනි. 

ඒ අන් සියලුම ආක්‍රමණශීලී පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක වේගය ද අභිබවා යමින් එම අංශ දෙකෙන්ම ලොව ප්‍රමුඛ්‍යා බවට පත්වෙමිනි. විරේන්ද්‍ර සෙවාග් නම් වූ අද්විතීය ටෙස්ට් පිතිකරුවාගේ සුවිශේෂීත්වය ද එයයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<