මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

451

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය එකිනෙකා මුණගැසුණේ කොළඹ තුරඟ තරග පිටියේ දී ය. මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් තරගයක් වූ අතර එහි දී ලකුණු 33-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට CH&FC ක්‍රීඩා සමාජයට හැකි විය.

තරින්ද රත්වත්ත නැවත වතාවක් නාවික හමුදාවට හිසරදයක් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (2) පැවැත්වුණේ ප්‍රබල CR&FC කණ්ඩායම හා නාවික හමුදා ක්‍රීඩා……

මහනුවර කණ්ඩායම පසුගිය සතියේ නාවිකයන්ට එරෙහිව ලකුණු 63-31ක් ලෙස ජය වාර්තා කළේ වාර්තා පොත් අලුත් කරමිනි. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මහනුවර ක්‍රීඩක තිළිණ විජේසිංහ එම තරගයේ ලකුණු 36ක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කළේ උත්සාහක දිනුම් 4ක් සහ ප්‍රවර්තන 8ක් සමඟිනි. එම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ ලබා ගත් 10 වැනි ජයග්‍රහණය වූ අතර ඔවුන් තවමත් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 61ක් ලබා ගනිමිනි.

CH කණ්ඩායම ද මෙම තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් ක්‍රීඩා කරන්නේ ඔවුන් පසුගිය සතියේ පොලිස් කණ්ඩායම ලකුණු 25-38ක් ලෙස පරාජය කර ලකුණු සටහනේ 3 වැනි ස්ථානය තහවුරු කරගෙන ඇති නිසාවෙනි. ලකුණු සටහනේ ඔවුන් ලකුණු 45ක් ලබා ගැනීමට සමත්ව ඇත.

පළමු වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ ලකුණු 38-22ක් ලෙසිනි.

පසුගිය තරග දෙකේ දී මහනුවර වෙනුවෙන් ක්‍රීඩා නොකළ අනුරුද්ධ විල්වර මෙම තරගයට කැඳවා තිබුණේ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ගණනක් ලබාගෙන සිටින ධනුෂ්ක රන්ජන් වෙනුවටයි.

තරගය ආරම්භ කිරීමට පෙර කණ්ඩායම් දෙකම මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් පසුගිය දා අප අතරින් වෙන්වූ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩාලෝලියෙක් වූ Kandy Fa හෙවත් ෆාරුක් හමීඩ් සිහි කළේය.

තරගය ආරම්භ කිරීම මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්තේ විසින් සිදු කළ අතර තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටන් කරන ආකාරයක් පෙනී ගියේය. ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් CH ක්‍රීඩකයෝ 7 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය. එම කාර්යය සැමුවෙල් මදුවන්ත විසින් සිදු කළේය. (CH 03- 00 මහනුවර)

මහනුවර කණ්ඩායම තරගයට අවතීර්ණ වූයේ rolling maul අවස්ථාවක් මගින් 10 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ තවත් ලකුණු දෙකක් කණ්ඩායමට එක් කළේය. (CH 03-07 මහනුවර)

විදෙස් ක්‍රීඩකයින් නැවතත් කරළියට

මෙවර ඩයලොග් රග්බි ලීගය ආරම්භ කර සති 9කට පසු ලැබුණු අධිකරණ නියෝගය මඟින් විදේශීය ක්‍රීඩකයින් හට නැවත මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීමේ……

මහනුවරට දැඩි අභියෝගයක් එල්ල කළ CH ක්‍රීඩකයෝ 15 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට අවස්ථාව උදා කරගත්ත ද එය සාර්ථක නොවීය. නමුත් 23 වැනි මිනිත්තුවේ දී CH ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර ක්‍රීඩකයෝ අසරණ කරමිනි. එම උත්සාහක දිනුම නිශෝන් පෙරේරා විසින් වාර්තා කළ අතර සැමුවෙල් මදුවන්තට අමතර ලකුණු දෙකක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගියේය. (CH 08–07 මහනුවර)

මීළඟ මිනිත්තු කිහිපයේ දී මහනුවරට දැඩි අභියෝගයක් CH විසින් එල්ල කළ අතර පන්දුව මහනුවර අර්ධයේ තබා ගනිමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කරනු දක්නට ලැබුණි. මහනුවර අර්ධයේ පන්දුව තබා ගැනීමේ වාසිය උදාකරගත් CH ක්‍රීඩකයෝ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 3ක් එකතු කරගත්තේ මහනුවර තව තවත් අසරණ කරමිනි. (CH 11–07 මහනුවර)

ඉන් අනතුරුව මහනුවර ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට උත්සාහ කළ අතර පන්දුව knock on වීම නිසා එය අවාසනාවන්ත ලෙස මගහැරී ගියේය. එහි වාසිය තරගයේ 38 වැනි මිනිත්තුවේ දී ලබා ගත් CH කණ්ඩායමේ කළිඳු කාරියවසම් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සැමුවෙල් මදුවන්තට මගහැරී යාම නිසා තවත් ලකුණු දෙකක් කණ්ඩායමට එක් කිරීමට නොහැකි විය. (CH 16–07 මහනුවර)

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 16 (2T, 2P) – 07 (1T) මහනුවර ක්‍රීඩා සමාජය

තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීමේ වාසනාව උදාකරගත් මහනුවර ක්‍රීඩක විශ්වමිත්‍ර ජයසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 12ක් දක්වා ඉහළ නංවමිනි. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (CH 16–14 මහනුවර)

ඉන් තවත් මිනිත්තු 3ක් යාමටත් පෙර CH කණ්ඩායමේ සැමුවෙල් මදුවන්ත තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවරට ජයග්‍රහණය සඳහා තිබූ බලාපොරොත්තු බොඳ කරමිනි. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් සැමුවෙල් ලකුණු 7ක් කණ්ඩායමට එක් කළේය. (CH 23–14 මහනුවර)

Video – වැටුණු කණ්ඩායම් නැගිටීම සහ ෆාගේ මරණය

ඩයලොග් රග්බි ලීගයේ 11 වැනි සතියේ පුවත්

මීළඟ මිනිත්තු කිහිපය ඉතාමත් තීරණාත්මක වූ අතර මහනුවර කණ්ඩායම තම අත්දැකීම් උපයෝගී කරගෙන තරගයට අවතීර්ණ වීමට ගත් සියලු උත්සාහයන් CH ක්‍රීඩකයෝ ව්‍යර්ථ කළේය. තරගයේ 60 වැනි මිනිත්තුවේ දී මහනුවරට දඬුවම් පහරක් මගින් ලකුණු 3ක් එක් කරගැනීමට අවස්ථාව උදා විය. එම කර්තව්‍යය මනාව ඉටු කළ තිළිණ විජේසිංහ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 17 දක්වා ඉහල නැංවිය. (CH 23 – 17 මහනුවර)

අවාසනාව මහනුවර කණ්ඩායම පසුපසම හඹා ආ අතර තරගයේ 68 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් CH කණ්ඩායමේ සැමුවෙල් මදුවන්ත තම ලකුණු තත්ත්වය ලකුණු 26ක් දක්වා ඉහළ දැමූවේ මහනුවරට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. (CH 26–17 මහනුවර)

මහනුවර කණ්ඩායම අවසන් මිනිත්තු 10 දී උත්සාහක දිනුමක් ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගත් අතර CH කණ්ඩායමේ ප්‍රබල ආක්‍රමණය හමුවේ එම සියලු උත්සාහයන් සුනුවිසුනු වී ගියේය. අවසන් මිනිත්තු 5 වන විටත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මහනුවරට නොහැකි වූයේ ඔවුන් තීරණාත්මක අවස්ථාවල දී සිදු කළ අත්වැරදීම් නිසාවෙනි.

තරගය අවසන් කිරීමේ වගකීම ද CH ක්‍රීඩකයෝ ලබා ගත්තේ සුදම් සූරියආරච්චි 79 වැනි මිනිත්තුවේ දී ලබා ගත් උත්සාහක දිනුමත් සමඟිනි. ප්‍රවර්තන කාර්යය මනාව ඉටු කළ සැමුවෙල් මදුවන්ත CH ලකුණු තත්ත්වය ලකුණු 33ක් දක්වා ඉහළ දැමුවේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවය උදාකර ගනිමිනි. (CH 33–17 මහනුවර)

රග්බි පිටියට ආදරය කළ ‘ෆාරුක් අංකල්’ නොඑන ගමන් යයි

රග්බි ක්‍රීඩාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවටම ලැදි ප්‍රේක්ෂකයින් සිටියා නම් ඒ අතලොස්සක් පමණි. එයිනුත් මහනුවර ක්‍රීඩා……

එම උත්සාහක දිනුමත් සමඟින් තරගය අවසන් වූ අතර යුද හමුදා කණ්ඩායමට පසු මහනුවර පරාජය කිරීමේ ගෞරවය CH කණ්ඩායම ලබා ගත්තේය. මෙම තරගයේ මහනුවර කණ්ඩායම අත්වැරැදීම් ‍රැසක් සිදු කළ අතර එහි ප්‍රයෝජන CH කණ්ඩායම මනාව ලබා ගත්තේය. තරගාවලියේ මුල් තරගවල දී මහනුවර ක්‍රීඩකයෝ පෙන්වූ දැඩි ආක්‍රමණශීලී තරග රටාව මෙම තරගයේ දී දක්නට නොලැබුණි.

CH කණ්ඩායම පෙර තරගවල දී ක්‍රීඩා කළ ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කරමින් දැඩි ජවයකින් ක්‍රීඩා කළ අතර තරගයේ සියලුම ගෞරවයන් ඔවුන් සතු විය. මහනුවර ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගයට ක්‍රීඩා නොකිරීම ද කණ්ඩායමේ පසුබැසීමට හේතුවන්නට ඇත.

මෙය මහනුවර මෙම තරගාවලියේ දී ලැබූ 2 වන පරාජය වූ අතර CH කණ්ඩායම ලබාගත් 8 වැනි ජයග්‍රහණය වේ.

අවසන් ලකුණු තත්ත්වය: CH&FC කණෟඩාම 33 (4T, 2C, 3P) – 17 (2T, 1P) මහනුවර ක්‍රීඩා සමාජය

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • CH&FC ක්‍රීඩා සමාජය: සැමුවෙල් මදුවන්ත (1T, 2C, 3P), කළිඳු කාරියවසම් (1T), සුදම් සූරියආරච්චි (1T), නිශෝන් පෙරේරා (1T)
  • මහනුවර ක්‍රීඩා සමාජය: තිළිණ විජේසිංහ (2C, 1P), විශ්වමිත්‍ර ජයසිංහ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<