ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාවට එරෙහිව 1-1 කරති

258

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) පර්ත් හිදී  නිමාව දුටු අතර එම තරගයෙන් ලකුණු 146ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඕස්ට්‍රේලියානුවන් ලබා ගත් මෙම ජයත් සමඟින් ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට ඔවුන්ට හැකි විය.

මිලින්ද සිරිවර්ධනට පළමු පෙළ හොඳම ඉනිම අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට්

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානුවන් පළමුව පන්දුවට පහර දුන් අතර එම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් මාකස් හැරිස් හා ඒරන් ෆින්ච් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි.

පන්දු 105ක දී 4 පහර 6ක් සමඟ ලකුණු 50ක් රැස්කරගත් ෆින්ච් එම ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රා එවූ පන්දුවකට කඩුල්ල මුව කිරීමේ වරදට හසුවයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  මාකස් හැරිස් 4 පහර 10ක් සමඟ ලකුණු 70ක් ලබා ගත්තේ ය. ට්‍රැවිස් හෙඩ් ලකුණු 58යි.

අවසානයේ ඔවුන් සිය පළමු ඉනිමට රැස්කරගත් ලකුණු 326ට පිළිතුරු දීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පිටියට පැමිණි අතර පළමු පන්දුවාර  5ක් ඇතුළත දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ නොසැලී සිට ගත් ඉන්දීය නායක විරාත් කෝලී 4 පහර 13ක් හා 6 පහරක් සමඟ ලකුණු 123ක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 25 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමිනි. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ පීටර් හැන්ඩස්කොම්ස් රැකගත් උඩපන්දුව හමුවේ දැවී ගිය කෝලී පන්දු 257කට මුහුණ දී සිටි අතර හයේ පහරක් සහ හතරේ පහර 13කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත් විය.

මෙන්ඩිස් හා මැතිව්ස් ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වති

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්

සිය සුපුරුදු පිතිකරණ පහරවල් වන ‘ඩ්‍රයිව්’ සහ ‘කට්’ පහර කරා ගිය කෝලි ලකුණු 22ක් ලබාගෙන සිටිය දී නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමකට අසන්න අවස්ථාවක් වෙත ඇදී ගියත් එහි දී කෝලී වාසනාවන්ත විය. විරාත් කෝලි සහ අජින්ක්‍යා රහනේ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවති ලකුණු 90 සබඳතාවය ඉන්දීය පළමු ඉනිමේ මැදපෙළ තවදුරටත් සවිමත් කළේය. කෝලී ලබාගත් ශතකයට අමතරව ඉන්දීය ඉනිමට අර්ධ ශතකයක් එක්කාසු කළ රහනේ ලකුණු 51කට දැවී යන ලදි.

ලකුණු 43ක පළමු ඉනිමේ වාසියක් සහිතව නැවතත් සිය දෙවන ඉනිම දියත් කළ ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමේ දී මෙන්ම මේ ඉනිමේ දීත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනගාගත් අතර පන්දු 213කට මුහුණ දෙමින් තරමක ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූ උස්මාන් කවාජා පහර 5ක් සමඟ ලකුණු 72ක් රැස්කර ගත්තේය. ඊට අමතරව වෙනත් කිසිදු පිතිකරුවෙක් හට ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 40 සීමාව අභිබවා ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය (17) නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 287ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දීය කණ්ඩායම එක් මොහොතක දී කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලබා අසීරු තත්වයකට පත්ව සිටියේය.

පළමු ඉනිමේ දී ශතකයක් ලබාගත් නායක විරාත් කෝලිට දෙවැනි ඉනිමේ දී වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩක් නොලැබුණු අතර ක්‍රිස් ලයන්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට හතරේ පහර 2ක් සමඟ කෝලි ලබා සිටියේ ලකුණු 17ක් පමණි. ඉන් නොනැවතුන දඟපන්දු යවන ක්‍රීඩක ලයන්, ආරම්භක පිතිකරු මුරලි විජේගේ ඉනිම ද ලකුණු 20කට සීමා කළේය.

නේතන් ලයන් ලකුණු 67කට කඩුලු 5ක් දවා ගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූ අතර ඔහුට අනගි සහායක් ලබා දුන් වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අර්ධ ශතකයක් (51) ක් ලබා ගත් අජින්ඛ්‍යා රහනේ සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 91ක සබඳතාවයක් ගොඩනැගී විරාත් කෝලී ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා රිෂාබ් පාන්ට් සමඟ එක්ව තවත් ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

අවසානයේ දී ලකුණු 287ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 140කට සීමා කිරීමට නේතන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. එහි දී ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 5ම ලකුණු 28ක් තුළ දී බිඳ වැටුණි.

ඕස්ට්‍රේලියානුවන්ගේ අභිමානවත් ටෙස්ට් ක්‍රිකට් ගමන තුල මාස 11කට පසුව ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස ද මෙය ඔවුන්ගේ ක්‍රිකට් පොත් අලුත් කරන ලදි. මේ තරගය පුරාවට ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් ශාමී කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන විට ඕස්ට්‍රේලියානුවන්ගේ දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් කඩුලු 8ක් දවාගෙන දස්කම් දැක්වීමට සමත් විය.  

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 326 (108.3): මාකස් හැරිස් 70, ට්‍රැවිස් හෙඩ් 58, ඒරන් ෆින්ච් 50, ෂෝන් මාෂ් 45, ටිම් පේන් 38, ඉෂාන්ත් ෂර්මා 4/41.

ඉන්දීය පළමු ඉනිම – 283 (105.5): විරාත් කෝලි 123, අජින්ක්‍යා රහනේ 51, රිෂාබ් පාන්ට් 36, නේතන් ලයන් 5/67.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – 243 (93.2): උස්මාන් කවාජා 72, ටිම් පේන් 37, ඒරන් ෆින්ච් 25, මොහොමඩ් ශාමී 6/56, ජස්ප්‍රීට් බුම්රා 3/39

ඉන්දීය දෙවැනි ඉනිම – 140 (56): අජින්ක්‍යා රහනේ 30, හනුමන් විහාරි 28, නේදන් ලයන් 3/39, මිචෙල් ස්ටාක් 3/46.

තරගයේ වීරයා – නේතන් ලයන් (ඕස්ට්‍රේලියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<