මිලින්ද සිරිවර්ධනට පළමු පෙළ හොඳම ඉනිම අහිමි වෙයි

1080

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක බදුරලිය සහ සැරසන් කණ්ඩායම් අතර තරගයේ දී මිලින්ද සිරිවර්ධනට කලකට පසුව ළඟා වූ වාර්තාව ලකුණු 10කින් අහිමි විය.

Major League පිටියට ශතක වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (16) අවසාන වූවද එකම තරගයකින්…

ඔහු මේ වන විට පළමු පෙළ තරග 118කට ක්‍රීඩා කර ඇති අතර ඒ අතුරින් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ නොදැවී වාර්තා කරන ලද ලකුණු 185යි. අද තරගයේ දී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 175ක් පමණි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 253කට මුහුණ දී හතරේ පහර 19ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.  

කාසියේ වාසිය දිනූ සැරසන් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධනගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු දිනය පුරා පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 286ක් ලබා ගත්හ. අනතුරුව අද දිනයේ දී ද පිටියට පිවිසි ඔවුන් තම ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 428ක් ලබා ගෙන සිටිය දී ඉනිම අත් හිටවූහ.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මිලින්ද සිරිවර්ධන ය. ඔහු අශේන් බණ්ඩාර සමඟින් එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. අශේන් බණ්ඩාර පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මිලින්ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගමිඳු අමරසිංහ සමඟ එක් වෙමින් 65ක ලකුණු සබඳතාවක් එක් කිරීමට ද දායක විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ රිද්මය යළිත් ගිලිහෙයි

සීතල දෙසැම්බරයේ ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (17) නවසීලන්තයේ…

අද දිනයේ දී ද සැරසන්ස් ඉනිමට අර්ධ ශතක දෙකක් ගොඩ නැගුණි. ඒ ප්‍රමෝද් මධුවන්ත සහ චාමිකර එදිරිසිංහ විසිනි. ප්‍රමෝද් මධුවන්ත පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ ය. චාමිකර එදිරිසිංහ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 10 වැනි කඩුල්ලට නොබිඳුණ ලකුණු සබඳතාව 103කි. එය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද විය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන බුද්ධික සංජීව ලකුණු 97කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සචිත් පතිරණ ලකුණු 120කට කඩුලු 3ක් ද අලංකාර අසංක කඩුලු 2ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටිය හ. එහි දී ආරම්භක පිතිකරු සලිඳු උෂාන් පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියේ ය.

Mzansi විස්සයි විස්ස ශූරතාව ජොසි ස්ටාර්ස් කණ්ඩායමට

දකුණු අප්‍රිකාවේ Mzansi සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ශූරයන් ලෙසින් අභිෂේක ලැබීමට ඩෑන් විලාස්ගේ නායකත්වයෙන් යුත් ජෝසි ස්ටාර්ස්…

ඊට අමතරව ශිරාන් රත්නායක ලකුණු 24ක් ලබා ගත්තේ ය. දැවී ගිය කඩුලු 2ක මධුර ලක්මාල් සහ සචිත්‍ර පෙරේරා සතු විය.

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 428 (147.1) ඇන්ඩි සොලමන්ස් 36, මිලින්ද සිරිවර්ධන 175, ගමිඳු කනිෂ්ක 29, අශේන් බණ්ඩාර 33, සාලිය සමන් 27, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 52,  චාමිකර එදිරිසිංහ නොදැවී 53, බුද්ධික සංජීව 3/97, සචිත් පතිරණ 120/3, අලංකාර අසංක 2/97

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 63 (33) සලිඳු උෂාන් නොදැවී 32, ශිරා්න රත්නායක 24

තරගයේ තෙවැනි සහ අවසාන දිනය හෙට (18) පැවැත්වේ.    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<