ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගැන පැමිණිල්ලක්

1174

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී සලකා බලන්නේ ඔවුන්ගේ දස්කම් සහ ශාරීරික යෝග්‍යත්වය පිළිබඳවයි.

ඊට අමතරව ඔවුන් පිටියෙන් ඉවත නැවත නැවත කරන චර්යාධර්ම උල්ලංඝනය කිරීම් ද බොහෝ විට සලකා බලනවා.

එම සලකා බැලීම් බොහෝ විට මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබෙන කොදෙව් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ නොගැනීම පිළිබඳ විවාදාත්මක සිදුවීම් වලට ද කරුණු ලෙස ගැනීමට හැකි.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර උතුරු කලාපයේ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් සිව්දෙනෙක් තරගාවලියේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කර තිබෙන බවට පැමිණිලි ලැබී ඇතයි වාර්තා වෙනවා.

මෙම සිදුවීම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් හට අවධාරණය නොවූ බව ද ඔවුන් පිළිගන්නා අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පිටත දේශීය පිටියේ දී ඔවුන් බස්නාහිර සහ උතුරු කලාප කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් බව සඳහන්.

උතුරු කලාපය නියෝජනය කළ කණ්ඩායමේ හිමිකරුවා සිය ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බවට සඳහන් කර තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු එම ක්‍රීඩකයින්ට එරෙහි පැමිණිල්ලක් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට යොමු කර තිබෙනවා.

මෙම වසරේ පැවති තරගාවලියේ දී ඔවුන්ගේ ක්‍රීඩකයින් අවස්ථා හතරක දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ආචාරධර්ම උල්ලංඝනය කළ බව ඔහු සඳහන් කරනවා.

සාමාන්‍ය ක්‍රියාවලියට අනුව සෑම තරගයකටම පසුව කණ්ඩායම් විසින් සිය ක්‍රීඩකයින් ගැන වාර්තාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දිය යුතු අතර මෙලෙස වාර්තා කළ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා දේශීය තරග පිටියේ ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයින් බව ද වාර්තා වෙනවා.

“මම මේ තත්වය දැන ගත් පසු කලබල වුනා වගේම ඉතා ඉක්මනින් ඒක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා කළා. එම ඉන්දීය පාලක මණ්ඩලයේ නිලධාරියා ද එම කඩවීම් බරපතළ ලෙස සලකා සිය වගකීම ඉටු කළා, යැයි එම කණ්ඩායම් හිමිකරුවා සඳහන් කළා.

එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් දූෂණ විරෝධී නිලධාරියෙකු සඳහන් කළේ, සෑම තරගයකට පසුවම ක්‍රීඩකයින්ගේ හැසිරීම් ඉන්දීය පාලක මණ්ඩල නිලධාරියාට සඳහන් කරන බවයි.

එලෙස වාර්තා කළ කරුණු වල දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වලට වඩා විනය සහ සීමා උල්ලංඝනය කිරීම් වලට අදාළ චෝදනා තිබෙන බව ද ඔහු සඳහන් කළා.

මෙලෙස වාර්තා වූ ක්‍රීඩකයින් ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් හෝ ඇතුළත් වීමට ආසන්නයේ සිටින ක්‍රීඩකයින් බව ද වාර්තා වන අතර විස්සයි විස්ස කණ්ඩායම තෝරා ගැනීමෙන් පසුව එය පිළිබඳ වැඩි තොරතුරු නිකුත් වෙතැයි අපේක්ෂා කරනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<