ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න ගිය ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

4349
ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ආබාධයක් නිසාවෙනුයි.

තරගාවලියේ කාණ්ඩ වටයේ පළමු තරගයට පෙර පැවති පුහුණු සැසියේ දී චමීර දකුණු උරහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහු තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොමැති නිසාවෙන් ඔහුව නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සුපිරි 6 දෙනාගේ වටයේ තරග ඔහුට මඟ හැරී යන අතර ඔහුගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා 22 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක සංචිතය සමඟින් එක්වීමට නියමිත බව වාර්තා වනවා.

දිවයිනට පැමිණි පසු චමීර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී පුනරුත්තාපන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයේ ක්‍රීඩා කරන පළමු තරගය නෙදර්ලන්තය සමඟින් හෙට (30) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<