ඇඩම් සැම්පා, කෝලිගේ උත්සහය දියකර හරියි

83

අවශ්‍යම මොහොතේ නිසි ලෙස ක්‍රියාත්මක වූ ඇඩම් සැම්පාගේ දක්ෂ පන්දු යැවීම සහ උස්මාන් කවාජාගේ සහ ඒරන් ෆින්ච්ගේ විශිෂ්ට  ආරම්භක සබඳතාවය හේතුවෙන් සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා තෙවන එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

මව් රටේ දී ම කොදෙව්වන්ට අවමන් සහගත පරාජයක්

සෑම් බිලින්ග්ස්ගේ සහ ජෝ රූට්ගේ දක්ෂ පිතිකරණයන් සහ කොදෙව් ප්‍රබල පිතිකරණ ලැයිස්තුව අසරණ…

රන්චි හීදි ඊයේ (08) පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා මුලින්ම පන්දු රැකීම තෝරාගත්ත ද එම තීරණයට අභියෝග කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 313ක් රැස්කළේය.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෑත කාලයේ ගොඩනැගුණු සාර්ථකම ආරම්භක සබඳතාවය මෙම තරගයේ දී වාර්තා වූ අතර ඒ අනුව කවාජා සමගින් නායක ඒරන් ෆින්ච් එක්ව සිය ලකුණු පුවරුවට ලකුණු 193ක් එක් කළහ.

පළමු කඩුල්ල ලෙස ෆින්ච් ලකුණු 93කට දැවී යන විට ඔහුගේ පිත්තෙන් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් වාර්තා වී තිබුණි. එමෙන්ම  ඕස්ට්‍රේලියානු ඉනිමේ දැකුම්කළු පිතිකරණක නිරත වූ උස්මාන් කවාජා දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ඔහු වටිනා ලකුණු 104ක් රැස්කර සිටි අතර ඊට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.

අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් දෙවන කඩුල්ලට පිටියට පිවිස පන්දු 31කින් වේගවත් ලකුණු 47 රැස්කළ අතර රවින්ද්‍ර ජඩේජා විසින් ඔහුව දුවද්දී දවා ගැනීමකට හසුකර ගන්නා විට මැක්ස්වෙල් දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් පිටියේ සීමාවෙන් එපිටට යොමුකර තිබුණි.

මීට අමතරව තෙවැනි සහ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි මාර්කස් ස්ටොයිනස් සහ ඇලෙක්ස් කෙරී වේගවත් ලකුණු 50ක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක්කළ අතර ඔවුන් පිළිවෙළින් නොදැවී ලකුණු 31ක් සහ 21ක් රැස් කළහ.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී…

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කුල්දිප් යාදේව් ලකුණු 64කට කඩුලු 3ක් සහ මොහොමඩ් සාමි ලකුණු 52කට එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 314ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසිය ද ඔවුන්ගේ ආරම්භය අසාර්ථක කරමින් ශිකර් දවාන් එක් ලකුණකට සහ රෝහිත් ෂර්මා ලකුණු 14කට ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජෙයි රිචර්ඩ්සන් සහ පැට් කමින්ස් සමත් විය.

අනතුරුව නායක විරාත් කෝලි කඩුල්ලට එක්වූ අතර ඔහු සිය සුපුරුදු පිතිකරණ කෞෂල්‍යය විදහා දක්වමින් අකර්මණ්‍ය වී තිබූ ඉනිම යළි ගොඩනගමින් ඉදිරියට රැගෙන යාම ආරම්භ කළේය.

කෙසේ වෙතත් කෝලි සහ දෝනි අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගී ඇති අවස්ථාවේ 20 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඇඩම් සැම්පා එහි පළමු පන්දුවම දෝනිගේ කඩුල්ල වෙත යොමුකරමින් දෝනි ලකුණු 26කට දවා ගත්තේය.

අනතුරුව පස්වැනි කඩුල්ලට කේඩර් ජාදේව් පිටියට පිවිසි අතර කෝලිගේ වැඩි දායකත්වය යටතේ ඔවුන් දෙදෙනා ලකුණු 88ක සබඳතාවයක් ගොඩනගමින් තරගය යළිත් ජයග්‍රාහි මාවතට ගෙන ආවේය. එහෙත් ඒ අවස්ථාවේ 32 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ ඇඩම් සැම්පා එහි 4 වැනි පන්දුවෙන් ලකුණු 26ක් රැස්කරගෙන සිටි කේඩර් ජාදේව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් එම සබඳතාවයටත් තිත තැබීය.

ජයදේව්ගේ දැවී යාමෙන් පසුව විජේ ශංකර් පිටියට පිවිසි අතර ඔහු කෝලි සමඟ එක්වෙමින්  හයවැනි කඩුල්ලට ලකුණු 43ක් එක්කර තිබිය දී තරගයේ බලාපොරොත්තු සියල්ල කණපිට පෙරළමින් සිය එක්දින තරග දිවියේ 41 වැනි ශතකය රැස්කර සිටි කෝලි දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ ඇඩම් සැම්පා සමත් විය. 38 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී කෝලි දැවී යන විට ඔහු පන්දු 95කින් විශිෂ්ට ලකුණු 123ක් රැස්කර සිටි අතර ඊට හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140…

කෝලි දැවී යන විට තරගයේ ජයග්‍රහණයට පන්දු 75කින් ලකුණු 95ක් ලබාගත යුතුව තිබුණ ද, විජේ ශංකර් පන්දු 30කින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 32ක් රැස්කර සිටිය දී ඉන්දියාවේ අවසන් බලාපොරොත්තුව ද සුන් කරමින් නේතන් ලයන්, ශංකර් දවා ගත්තේය. අනතුරුව අනෙක් කිසිදු පිතිකරුවෙකුට ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් සැපයීමට නොහැකි විය.

අදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වූ සැම්පා තරගයේ හැරවුම් ලක්ෂය වෙමින් ඉන්දීය කණ්ඩායමට පහසු ජයක් හිමිකර ගැනීමට තිබූ අවස්ථාව මඟ හරවමින් ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර, ජෙයි රිචර්ඩ්සන් සහ පැට් කමින්ස් පිළිවෙළින් ලකුණු 37 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් දවා ගත්හ.

එ් අනුව තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව උදාකර ගනිමින් ඕස්ට්‍රේලියාව ලකුණු 32ක ජයක් ලැබූ අතර, දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව තවමත් පෙරමුණ ගෙන සිටී.

පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ උස්මාන් කවාජාට තරගයේ වීරයා සම්මානය හිමි වූ අතර දෙරට අතර සිව්වැනි එක්දින තරගය ලබන (10) වන ඉරිදා ‘මොහාලි’ හිදී පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම: කඩුලු 5ක් දැවී ලකුණු 313 (50): උස්මාන් කවාජා 104, ඒරන් ෆින්ච් 93, ග්ලේන් මැක්ස්වෙල් 47, මාර්කස් ස්ටොයිනස් 31*, ඇලෙක්ස් කෙරී 21*, කුල්දීප් යාදේව් 3/64, මොහොමඩ් සාමි 1/52

ඉන්දීය කණ්ඩායම: සියල්ලන් දැවී 281 (48.2): විරාත් කෝලි 123, විජේ ශංකර් 32, පැට් කමින්ස් 3/37, ජෙයි රිචර්ඩ්සන් 3/37, ඇඩම් සැම්පා 3/70

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<