නිල් මහා සටන් සගයන්ගේ 17න් පහළ අවසන් මහා තරගය

SLSCA U17 Division 1 Tournament 202

4
U 17 Div i Tournament 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

කණ්ඩායම් 70ක් කාණ්ඩ 8ක් යටතේ තරග වැදුණ මෙම තරගාවලියේ දී ඔවුනොවුන් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ අපරාජිත කණ්ඩායම් ලෙසින් වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ 2 වැනි වටයේ දී රාජකීය විද්‍යාලය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් ද සහ සාන්ත තෝමස් විද්‍යාලය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජය කරමින් ද පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එම වටයේ දී රාජකීය විද්‍යාලය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් ද සහ සාන්ත තෝමස් විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එම වටයේ දී රාජකීය විද්‍යාලය කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් ද සහ සාන්ත තෝමස් විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් පූර්ව වටයේ දී රාජකීය විද්‍යාලය කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් දසහ සාන්ත තෝමස් විද්‍යාලය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

මෙම තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලය දුශේන් උඩවෙළ ගේ නායකත්වය යටතේ ද සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය රෙශෝන් සොලමන්ස් ගේ නායකත්වය යටතේ ද තරග බිමට පිවිසීමට නියමිතයි.

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

දුශේන් උඩවෙළ (නායක), සවිනු ගමගේ, මුදිත ගුණසේකර, නිතේශ් ජයසිංහ, රනුද රණසිංහ (කඩුලු රකින්නා), මනුත් දසනායක, ජවීත් පෙරේරා, මහිරු කොඩිතුවක්කු, චනිතු කංකානම්ගේ, සඳුල් අබේවර්ධන, ගගන් ගමගේ, තෙනුජ බණ්ඩාර, තේනුක බාලසූරිය, තෙනුල වේරගෙල, සිතුම් සත්සර, බුද්මිණ ගුණවර්ධන

 

නිලධාරීන් : සඳුන් වීරසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), ගාමිණී පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), ප්‍රගීත් ප්‍රඩිනැන්ඩෝ (සහාය පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු) සහ කසුන් මදුසංක (සහාය පුහුණුකරු)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

රෙශෝන් සොලමන්ස් (නායක), මෙතුක ගුණරත්න, ශවෙන් ප්‍රනාන්දු, තිහස් කකුලන්දර, සරිඳු සුගතදාස, ස්ටෙවෝන් පීරිස්, තරුල් ජයසූරිය, කුශේන් පෙරේරා, ශෙනුක් ප්‍රනාන්දු, විහස් පීරිස්, කෙවින් ගුණසීල. ප්‍රභාෂ් ජයවික්‍රම, සීලන් ආතිද්‍ය, ඩී. එස්. ජනිත්, ආර්. පී. පී. බී. රන්දුණු, පී. ඩබ්ලිව්.ජී.බී.එම්.ඒ. ද සිල්ව

 

නිලධාරීන් : කපිල ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), නිලංක පීරිස් (ප්‍රධාන පුහුණුකරු), පසන් වනසිංහ (විශේෂඥ පුහුණුකරු), ඔමල්ක ප්‍රනාන්දු (සහාය පුහුණුකරු)

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී දසුන් ThePapare.com, Dialog TV චැනල් 126 ඔස්සේ ThePapare 1 HD සහ Dialog Play app මඟින් ඔබට නැරඹීමට හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<