මව් රටේ දී ම කොදෙව්වන්ට අවමන් සහගත පරාජයක්

95
Chris Jordan (C), David Willey (L) and Joe Denly (R) of England celebrate the dismissal of Fabian Allen of West Indies during the 2nd T20I between West Indies England at Warner Park, Basseterre, Saint Kitts and Nevis, on March 08, 2019. (Photo by Randy Brooks / AFP)

සෑම් බිලින්ග්ස්ගේ සහ ජෝ රූට්ගේ දක්ෂ පිතිකරණයන් සහ කොදෙව් ප්‍රබල පිතිකරණ ලැයිස්තුව අසරණ කළ ක්‍රිස් ජෝර්ඩන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යැවීමේ බලඇණියේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොදෙව්වන් පරදා දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඊයේ (08) එංගලන්තයට හැකි විය.   

දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම් …

මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ද ඉතිහාසගත…..

දෙරට අතර සාන්ත කිට්ස් හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්තයට ඇරයුම් කළේය. ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

ආරම්භක කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද පළමු කඩුල්ලට සහ සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසි ජෝ රූට් සහ සෑම් බිලින්ග්ස් කණ්ඩායමේ වගකීම සිය කරට ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත විය.

අවසන් පන්දුවෙන් දැවී යන තෙක් පිටියේ රැඳුණු සෑම් බිලින්ග්ස් කොදෙව් පන්දු යවන්නන්ට දිගට හරහට ප්‍රහාර දියත් කරමින් පන්දු 47කින් වේගවත් ලකුණු 87ක් රැස්කළ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත විය. බිලින්ග්ස්ට අනගි සහයක් ලබා දුන් ජෝ රූට් පන්දු 40කින් ලකුණු 55ක් රැස්කළ අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෆැබියන් ඇලන් ලකුණු 29කට කඩුලු 2ක් සහ ශෙල්ඩන් කෝට්‍රල්, කාලෝස් බ්‍රාත්වෙයිට් සහ ඕබෙඩ් මැක්කෝයි කඩුල්ල බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට ප්‍රවේගකාරී කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ක්‍රිස් ගේල් සහ ෂහායි හෝප් පිටියට පිවිසුණ ද ඔවුන්ගේ සබඳතාවය ලකුණු 12කට සීමා කරමින් තෙවන පන්දුවාරය ක්‍රියාත්මක කළ ඩේවිඩ් විලී, ගේල් ලකුණු 5කට සහ හෝප් ලකුණු 7කට පිටියෙන් ඉවත් කළේය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී….

අනතුරුව ක්‍රියාත්මක වූ ක්‍රිස් ජෝර්ඩන් 4 වැනි පන්දුවාරයේ 4 සහ 5 පන්දුවලින් ඩැරන් බ්‍රාවෝ සහ නායක ජේසන් හොල්ඩර් දවා ගැනීමට සමත් විය.

පසුව පිටියට පිවිසි නිකලස් පෝරන් කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට කොදෙව්වන් ලකුණු 20ක් ලබාගෙන ඉතාම අසීරු අඩියකට වැටී තිබුණි.

කෙසේ වෙතත් කොදෙව්වන්ගේ කඩාවැටීම වළක්වා දැමීමට කිසිදු පිතිකරුවෙකුට ඉඩ ලබා නොදෙමින් ඉනිමට තවත් ලකුණු දෙකක් එක්වන විට ෆැබියන් ඇලන් ද ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට යළිත් ක්‍රියාත්මක වූ ක්‍රිස් ජෝර්ඩන් කටයුතු කළේය.

අනතුරුව කොදෙව් ඉනිමට තවත් ලකුණු 11ක් එක්වන විට ලකුණු 10ක් ලබා සිටි කාලෝස් බ්‍රාත්වෙයිට් අදීල් රෂීඩ් යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගිය අතර තවත් ලකුණු දෙකක් එක්වන විට කොදෙව්වන්ගේ අවසන් බලාපොරොත්තුව වූ ශිම්රන් හෙට්මයර් ලකුණු 10කට දවා ගැනීමට ලියම් ප්ලන්කට් සමත් විය.

පසුව ලකුණු 39 දී ශෙල්ඩන් කෝට්‍රල් සහ ලකුණු 45 දී දේවේන්ද්‍ර බිෂෝ දැවී යාමෙන් පන්දුවාර 11 පන්දු 5ක් තුල කොදෙව් ඉනිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අඩුම දෙවන ලකුණු සංඛ්‍යාවට සීමා විය.

ශලින් ද මෙල් වසර 99ක වාර්තාවක් අලුත් කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් ….

එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් පන්දුවාර දෙකක් යවා ලකුණු 6කට කඩුලු 4ක් සහ ලියම් ප්ලන්කට්, අදීල් රෂීඩ් සහ ඩේවිඩ් විලී පිළිවෙළින් ලකුණු 8ක්, 12ක් සහ 18ක් ලබා දී කඩුලු දෙකක බැගින් දවා ගත්හ.

ඒ අනුව එංගලන්තය තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

දක්ෂ පිතිකරණයක නිරත වූ සෑම් බිලින්ග්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර දෙරට අතර අවසන් තරගය ලබන සඳුදා (11) ‘සාන්ත කිට්ස්’හිදී පැවැත්වේ.

එංගලන්ත කණ්ඩායම:- කඩුලු 6ක් දැවී ලකුණු 182 (20): සෑම් බිලින්ග්ස් 87, ජෝ රූට් 55, ඩේවිඩ් විලී 13*, ෆැබියන් ඇලන් 2/29, කාලෝස් බ්‍රාත්වෙයිට් 1/33

එංගලන්ත කණ්ඩායම:- සියල්ලන් දැවී ලකුණු 45 (11.5) කාලෝස් බ්‍රාත්වෙයිට් 10, ශිම්රන් හෙට්මායර් 10, ක්‍රිස් ජෝර්ඩන් 4/06, ලියම් ප්ලන්කට් 2/08, අදීල් රෂීඩ් 2/12, ඩේවිඩ් විලී 2/18

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<