සමාරම්භක තරගයේ දී ම චමරිගෙන් සුපිරි වැඩකිඩ

Fairbreak ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

5243
FairBreak Global

ප්‍රථම වරට සංවිධානය කරනු ලබන FairBreak Invitational ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ (04) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නියෝජනය කරන Falcons කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණක් සුදුසුකම් ලබා තිබූ අතර අතපත්තුට අමතරව තරගාවලියට එක්වන අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ Warriors නියෝජනය කරන උදේශිකා ප්‍රබෝධනි.

ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා ප්‍රතිවාදීන් ලෙස තරග බිමට පිවිසි අතර අතපත්තු විසින් සුපිරි පිතිකරණයක නිරත වෙමින් නොදැවි පන්දු 52ක දී අගනා ශතකයක් වාර්තා කරන්නට සමත් වුනා. ඇයගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා.

උදේශිකා ඇයට නියමිත පන්දුවාර 3 ලකුණු 30කින් අවසන් කරන්නට සමත් වුනා.

Falcons ක්‍රීඩිකාවන් විසින් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු රැකීම තෝරගත් අතර Warriors ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව කඩුලු දෙකක් දැවී ලකුණු 177ක්.

එහි දී Georgia Redmayne සහ Hayley Matthews විසින් අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වූ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 90ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය Falcons වෙනුවෙන් ආරම්භක පිතිකාරිණියන් වූ නායිකා Suzie Bates සහ අතපත්තු පළමු කඩුල්ල සඳහා ලකුණු 133ක සබඳතාවයක් ගොඩනගන්නට සමත් වුනා.

අවසානයේ ඔවුන් පන්දුවාර 18.4ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ මංගල තරගාවලියේ සමාරම්භක තරගයේ ජයග්‍රහණය සඳහා උරුමකම් කියමිනි.

  • Warriors 177/2 (20): Georgia Redmayne 80*, Hayley Matthews 58, Sornnarin Tippoch 1/25, Mariko Hill 1/23
  • Falcons 178/2 (18.4): Chamari Athapaththu 107*, Suzie Bates 60, Hayley Mathews 1/23, Esha Oza 1/28

Falconට කඩුලු 8ක ජයක්.

තරගයේ Highlights වීඩියෝව:

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<