නවසීලන්තයට ගිය කොදෙව්වන් නිරෝධායනයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2020

935

නවසීලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර දී සිය සති දෙකක නිරෝධායන කාලසීමාව ආරම්භ කර තිබේ. 

IPL තරගාවලිය ක්‍රීඩා නොකරන කොදෙව් ක්‍රීඩකයින් පසුගිය අඟහරුවාදා බාබඩෝස් දූපතේ සිට ගුවන්ගත වී ඇති අතර ඔවුන්ට නවසීලන්තයට ළඟා වීමට පැය 54ක් ගතව තිබීම විශේෂත්වයකි. ඔවුන් කොදෙව් දූපත් වල සිට ලන්ඩන් වලට පැමිණ ඇති අතර එතැනින් ඩුබායි ඔස්සේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත පැමිණ තිබේ. කොදෙව්වන් පසුගිය ජූලි මාසයේ දී එංගලන්තය සමඟ ද ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර තිබිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

 

 

මූලික සෞඛ්‍ය පරීක්ෂණ වලින් පසුව කොදෙව් ක්‍රීඩකයන් Christchurchහි Lincoln විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති ඉහළ දස්කම් කළමනාකරණ පිළිබඳ මධ්‍යස්ථානයට යොමු කර තිබේ. එහිදී දින හතරක් නිරෝධායනය වීමෙන් අනතුරුව ඔවුන් සිය පුහුණුවීම් ආරම්භ කරනු ඇත. 

කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි Johnny Grave මහතා එරට පුවත් සේවයකට පවසා තිබුනේ ක්‍රීඩකයින්ගේ හා කණ්ඩායමේ නිලධාරීන්ගේ වැටුප් 50%කින් කප්පාදු කරන බවයි.  කෙසේ වෙතත් ඔවුන්ගේ තරග ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවීමට නියමිත බව ඒ මහතා පවසා තිබුනි. 

කොදෙව් කණ්ඩායමක් අවසන් වරට නවසීලන්තයේ සංචාරයක යෙදී ඇත්තේ 2017-18 තරගවාරයේ දීය. එහිදී කොදෙව් ක්‍රීඩකයින් ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කළ අතර ඉන් එක් විස්සයි විස්ස තරගයක් වැස්සට සේදී යන විට අනෙක් තරග සියල්ලම ඔවුන් පරාජයට පත්විය. 

Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<