ශ්‍රී ලංකාව විනාශ කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ස්කොෂ් බෝලය

598
Getty Images

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක ආසන්නයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ තිබේ.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවටම උසස් දස්කම් දක්වමින් අවසන් මහා තරගය කරා පැමිණිය ද ඔවුන්ගේ ජයග්‍රාහී ගමන නවත්වන්නට ඕස්ට්‍රේලියානුවෙකු සූදානමින් සිටියේය.

ඔහු නමින් ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සියලුම බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩකයා එදා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 149කි. 

ශතකය වාර්තා කර ගත් අවස්ථාවේ දී ගිල්ක්‍රිස්ට් සිය අත් ආවරණ පෙන්වමින් යමක් කී අතර ඔහු කීවේ කුමක්දැයි ලෝකයා දැන ගත්තේ පසුවය.

පිත්ත හොඳින් ග්‍රහණය කර ගැනීමට සිය අත් ආවරණ තුළ ස්කොෂ් පන්දුවක් රඳවා ගෙන ශතකයක් වාර්තා කර ගත් ගිල්ක්‍රිස්ට් කෙරෙහි ලෝක ක්‍රිකට් ප්‍රජාවෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරය.

බොහෝ දෙනෙකු ස්කොෂ් පන්දුවක් අත් ආවරණ තුළ දමාගෙන පිතිහරඹයේ යෙදුණු ගිල්ක්‍රිස්ට් අසාමාන්‍ය ක්‍රියාවක් කළ අයෙකු ලෙස හඳුන්වා දෙන අතර ඇතමෙකු ඔහු වංචාවක් කළ අයෙකු ලෙස හඳුන්වා දෙන්නට විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බල ඇණිය විනාශ කළ 2007 ලෝක කුසලාන අවසන් මහා තරගයේ වීරයා ඇඩම් ගිල්ක්‍රිස්ට්ට තමා කළ වික්‍රමය ගැන ඇත්තේ මෙවන් මතකයකි.

‘ඩිල්ස්කූප්’ පහරට උප්පැන්නය හැදූ ශ්‍රී ලාංකිකයා!

“2007 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති දිනයේ බාබඩෝස් හිල්ටන් හෝටලයේ අවදි වන විට මට දැනුණේ නුපුරුදු හැඟීමක් නෙවෙයි.

1999, 2003 ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කිරීමත් ඒවා ජයග්‍රහණය කිරීමත් නිසා ලොකු විශ්වාසයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයින්ගේ තිබුණා.

කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පෙර පුහුණුවීම්වලින් අනතුරුව ධාරානිපාත වර්ෂාවක් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඇද හැලෙන්නට වුනා. 

එය ක්‍රීඩකයින් වශයෙන් අපට ඇති කළේ උදාසීන බවක්. එමෙන්ම ප්‍රේක්ෂකයින්ට, අනුග්‍රාහකයින්ට වගේම තරගය නැරඹීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පැරණි ක්‍රීඩකයින්ට පවා දැනුණේ යම් කිසි උදාසීන බවක්.

වර්ෂාව යම් තාක් දුරකට අඩු වීමෙන් රිකී සමඟ මහේල කාසියේ වාසිය උරගා බැලීමට ගියා. කාසියේ වාසිය දිනූ රිකී මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත්තා. 

මම සියලුම ආම්පන්න පැලඳගෙන හේඩොස් (මැතිව් හේඩ්න්) සමඟ පන්දුවට පහර දෙන්නට යන්නට සූදානම් වුනා.

අවාසනාවකට ඒත් සමගම නැවත වතාවක් වර්ෂාව ආරම්භ වුනා.

තරගය ඉක්මනින් ආරම්භ කෙරෙන ලකුණක් තිබුණේ නැහැ. මම ජිම් එක පැත්තට ඇවිදගෙන ගියා. පැත්තකට වී මොහොතක් නිදා ගන්නට මම කල්පනා කළා. ඇත්තටම මම ගැඹුරු නින්දකට වැටුණා. 

මා නැවත ඇහැරෙන අවස්ථාවේ දීත් වර්ෂාව යම් මට්ටමකින් නොකඩවා ඇද හැලෙමින් තිබුණේ.

මම සාමාන්‍ය පුහුණු ඇඳුමකට මාරු වී මොහොතක් යන්නට පෙර කෙනෙකු පැමිණ පැවසුවා වහාම පිතිහරඹයට යන්නට සූදානම් වන ලෙස. එළියට පැමිණ බැලූ විට කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයට ඉහළින් පැහැදිලි අහසක් දකින්නට ලැබුණා. 

හේඩොස්ගෙන් දකින්නට ලැබුණේ සෑහෙන විශ්වාසවන්ත හැසිරීමක්.

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා චමින්ද වාස් තරගයේ මුල්ම පන්දුව යවන්නට සූදානමින්.

මට අදටත් මතකයි වාසි එවූ මුල්ම පන්දුවට මම ආරක්ෂිත පහරක් එල්ල කළා. මට තේරුණා එය හොඳින්ම පිත්තේ වැදුණු බවක්. පන්දුව ඉතා වේගයෙන් පන්දු රකින්නා වෙත ඇදී ගියා.

පසුව මට දැන ගන්නට ලැබුණා පළමු පන්දුවෙන් අනතුරුව වාසි, මුත්තයියා මුරලිදරන් දෙසට හැරී ‘අද නම් අපි විනාශයි’ කියා කියූ බවක්.

ඇත්තටම මුල සිටම මම සෑහෙන විශ්වාසයකින් පන්දුවට පහර දුන්නා. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාලම තර්ජනය එල්ල වන්නේ මුත්තයියා මුරලිදරන්ගෙන් බව අප දැන සිටියා. මුරලිට විශාල වශයෙන් පන්දුව දෙපැත්තටම දඟ කවන්නට හැකියාවක් තිබුණා. මට කිසිම අන්දමකින් මුරලිගේ ඒ පන්දු කියවන්නට හැකියාවක් තිබුණේ නැහැ.

අපි හැම විටම මුරලිට කඩුලු නොදී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. වාසනාවකට මුරලි පන්දු යවන්නට එන විට මම ලකුණු 40කට වඩා රැස් කරගෙන සිටියේ.

මගේ ඉනිමේ එක්තරා අවස්ථාවක මුරලිට හයේ පහරක් එල්ල කළා. ඒ පන්දුව, පිට දඟපන්දුවක් ද, දූස්රාවක් ද, ටොප් ස්පින් පන්දුවක් ද කියා කිසිම වැටහීමක් මට තිබුණේ නැහැ.

ලකුණු සියය ලබා ගත් අවස්ථාවේ දී මම පිත්ත උසවා ආචාර කරන අතර දීම මගේ අත් ආවරණ පෙන්වා යමක් පැවසුවා. 

ලෝක කුසලානය ආරම්භයට පෙර මට පිත්ත ග්‍රහණය කර ගැනීමේ දී යම් අපහසුතාවයක් තිබුණා. මගේ පුහුණුකරුවා යෝජනා කළා ස්කොෂ් පන්දුවක් අත් ආවරණ තුළ දමා ගත් විට යම් තාක් දුරකට ප්‍රගතියක් අත්වේවි කියා.

එංගලන්තය සමඟ පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයක දී මම මේ ස්කොෂ් පන්දුව භාවිත කළා. එම තරගය විනිශ්චය කළ විනිසුරු ටෝනි හිල්ට මම අත් ආවරණ තුළ ස්කොෂ් පන්දුවක් තිබෙන බව කීවා. 

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

මට අවශ්‍ය වුනේ එය නීත්‍යානුකූල දැයි දැන ගැනීමට. හිල් විනිසුරුවරයාට එය ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇත්තටම ඔහු පුදුම වුනා එවැන්නක් අත් ආවරණ තුළ දමාගෙන පන්දුවට පහර දෙන්නේ කෙසේ ද කියා.

මගේ ශතකය නිසාවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ලකුණු ප්‍රමාණයක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්නට හැකියාවක් ලැබුණා.

සනත් ජයසූරිය- කුමාර් සංගක්කාර සබඳතාවය නොවන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිම විටෙක අප ලබා දුන් ඉලක්කයට තර්ජනයක් එල්ල කරන ආකාරයක් අපට දැනුණේ නැහැ.

ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ස්කොෂ් පන්දුව සහ මගේ ක්‍රීඩාශීලිත්වය ගැන තරමක කතා බහක් ඇති වුනා. එවලේ මම ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට පුහුණුකරු, මගේ මිත්‍රයෙකු වන ටොම් මූඩිට කතා කොට ඒ පිළිබඳ විමසුවා.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකු ඔබට චෝදනා කරන්නේ නැහැ. ඇත්තටම ඔවුන් පුදුම වෙනවා ස්කොෂ් පන්දුවක් අත් ආවරණ තුළ දමාගෙන මේ ආකාරයෙන් ඔබ පන්දුවට පහර දුන් ආකාරය ගැන.”

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<