10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන 4 වැනි තරගය මේ මස 23 වැනිදා Bristol හි County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය ද ඇතුලුව ලෝක කුසලාන තරගාවලි 5ක තරග 20කට සහභාගී වෙමින් එම තරග 20 ම පරාජය වී සිටින අයර්ලන්ත කණ්ඩායමයි.
ඔවුන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා එක් වෙන්නේ පැවැති තරග ත්‍රිත්වය ම පරාජය වෙමින් මෙතෙක් සැකසී ඇති ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ පසුවෙමිනුයි. ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන්, ජයග්‍රාහී නවසීලන්ත තරගයත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රතිවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටිනවා.
ඔවුනොවුන් දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා තරග 5ක දී එකිනෙකා හමුව තිබෙනවා. ඒ අතුරින් තරග 4ක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන අතර 2024 වසරේ දී දෙරට හමු වූ අවසන් අවස්ථාවේ ජයග්‍රහණය, අයර්ලන්තය සතු වූවා.
මෙම තරගයේ දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ 25 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Gaby Lewis වෙතයි.
ඇය මේ දක්වා අයර්ලන්ත කණ්ඩායම 31ක් වතාවක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 20ක් ජයග්‍රහණය කර ඇති අතර ඉතිරි තරග 11 අවසන් ව ඇත්තේ පරාජිත තරග ලෙසයි. ඇය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.
පෙර තරගයට ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම
Gaby Lewis (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Orla Prendergast, Rebecca Stokell , Louise Little, Leah Paul, Alice Tector, Arlene Kelly, Aimee Maguire, Lara McBride සහ Cara Murray
සංචිතගත අනෙක් ක්‍රීඩිකාවන්
Christina Coulter Reilly, Georgina Dempsey, Alana Dalzell, Jane Maguire
- අඩු ලකුණු ශ්‍රී ලංකාවට වින කටියි
- ශ්‍රී ලංකාවට හමුවෙන දශකයකට එපිට ශූරියෝ
- ශ්‍රී ලංකාව සමඟ ගැටෙන සත්කාරිකාවන්
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ශ්‍රී ලංකාවට හමුවෙන 2024 ලෝක ශූරියෝ
මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 117කට සහභාගී වී ඇති අයර්ලන්ත කණ්ඩායමේ නායිකාව වන Gaby Lewis මෙම තරගයට එක් වෙන්නේ නිමා වූ නවසීලන්තය හා සමඟ තරගයේ දී ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ඉතා හොඳ පෙර සූදානමකින් යුතුවයි.
ඇය තමන් මේ දක්වා සහභාගී වී ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3117ක් ලබා සිටිනවා. මෙම ලකුණු අතර ඇය 2024 වසරේ දී Dublin හි දී ශ්‍රී ලංකාවට එරෙහි ව පන්දු 75කින් වාර්තා කළ ලකුණු 119ක් ද ඇති අතර එය ඇය ගේ විස්සයි විස්සයි ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම බවටත් පත් ව තිබෙනවා.
ඇය මෙතෙක් සහභාගී වී ඇති ලෝක කුසලාන තරග සංඛ්‍යාව 13ක් වන එහි දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 263ක් ලබා සිටිනවා.
අයර්ලන්ත කණ්ඩායම සතු තවත් දක්ෂ පිතිකාරිනියක් වෙන්නෙ Orla Prendergast. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 86කට සහභාගී වෙමින් අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 1991ක් ලබා ඇති අතර ලබා සිටින කඩුලු සංඛ්‍යාව 67ක්.
මේ අතර ඔවුන් මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන තරග ත්‍රිත්වයේ දී නවසීලන්තයට එරෙහි ව ලබා ගත් අර්ධ ශතකයත් ද සමඟින් ලකුණු 118ක් ලබා ගැනීමට ද ඇය සමත් ව සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 4ක්.
එමෙන් ම කණ්ඩායමේ කඩුල්ල පිටුපස අත් ආවරණ හිමි 20 වැනි වියේ පසුවෙන Amy Hunter ද කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකාරිනියක් ලෙස හැඳින්වෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66කට සහභාගී වෙමින් ජර්මන් (114*) සහ සිම්බාබ්වේ (101*) කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගත් ශතක ද්විත්වයත් සහ තවත් අර්ධ ශතක 6ක් ද සමඟින් ලකුණු 1617ක් ලබා සිටිනවා.
ඔවුන්ට අමතර ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 78ක දී අර්ධ ශතයක් ද සමඟ ලකුණු 879ක් ලබා සිටින Rebecca Stokell කණ්ඩායම සතු දක්ෂ පිතිකාරිනියක් ලෙසින් හැඳින්වෙනවා.
පන්දු යවන්නන් අතුරින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 69ක දී කඩුලු 90ක් ලබා සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Arlene Kelly කෙරෙහි තබා ඇත්තේ ඉහළ බලාපොරොත්තු. ඇය කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නිය බවට ද පත් වෙනවා.
ඊට අමතර ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65ක දී කඩුලු 47ක් ලබා සිටින පා දඟ පන්දු යවන Cara Murray, දකුණතින් මඳ වේග පන්දු යවන Louise Little මෙන් ම වමතින් දඟ පන්දු යවන්නියන් වන Leah Paul සහ Aimee Maguire ද අයර්ලන්ත කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දක්වන පන්දු යවන්නියන් ලෙසින් හැදින්වෙනවා.
පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
සංචිත ගත අනෙක් ක්‍රීඩිකාවෝ
හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, මල්කි මදාරා සහ චේතනා විමුක්ති.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















