10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) සවස සත්කාරක එංගලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එංගලන්තයේ Edgbaston හි දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය මෙවර තරගාවලියේ සමාරම්භක තරගයයි.
දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා විස්සයි විස්ස තරග 12ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් මංගල තරගයේ සිට පිට පිට තරග 10ක් ම ජයග්‍රහණය කරන්නේ එංගලන්ත කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට, එංගලන්තයට එරෙහි ව තරගයක් ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ පළමු තරගයෙන් අනතුරු ව වසර 14කට පසුවයි. ඒ 2023 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලියේ දී පළමු තරගය පරාජය වෙන ශ්‍රී ලංකාව ඉතිරි තරග ද්විත්වය ජයග්‍රහණ කරමින් ජයග්‍රාහී මාවතට පිවිසෙනවා.
ජයග්‍රාහී එම තරග ද්විත්වය ම මෙහෙයවන්නේ චමරි අතපත්තු වන අතර ඇය ඊට අමතර ව එංගලන්ත කණ්ඩායමට එරෙහි ව තවත් අවස්ථා 5ක දී ද නායකත්වය දරා තිබෙනවා. එංගලන්තයේ නායකත්වය හිමි Nat Sciver-Brunt මීට පෙර 2022 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව නායකත්වය දරා ඇති ක්‍රීඩිකාවක්.
එංගලන්ත සංචිතය
Nat Sciver-Brunt (නායිකාව), Amy Jones(කඩුල රකින්නිය), Danni Wyatt-Hodge, Heather Knight, Alice Capsey, Freya Kemp, Danielle Gibson, Charlotte Dean, Issy Wong, Sophie Ecclestone, Lauren Bell, Linsey Smith, Sophia Dunkley, Lauren Filer, Tilly Corteen-Coleman
ශ්‍රී ලංකාවට එරෙහි ව අද තරගයට එකතු වෙන ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් අතුරින් නායිකා Nat Sciver-Brunt සුවිශේෂී අවධානයක් ලක් කළ යුතු ක්‍රීඩිකාවක් බවට පත් ව තිබෙනවා. ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී වෙන්නේ වසරකට පසුවයි.
දකුණත් මැද පෙළ පිතිකාරිනියක් වන ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 137කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 2960ක් ලබා ඇති අතර දකුණති මඳ වේග පන්දු යවමින් කඩුලු 90ක් ලබා සිටිනවා.
ඇය ඉන්දියාව සමඟින් පැවැති පුහුණු තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර ආබාධිත තත්ත්වයක් මත කෙටි කලක් පිටියෙන් ඉවත් ව සිටි ඇයගේ මේ ලකුණු අතරට පිවිසීම ක්‍රිකට් විචාරකයන්ගේ ද නොමද ප්‍රසාදයට ලක් වුණා.
පැවැති පුහුණු තරග ද්විත්වයේ දී ආසර්ථක පිතිකාරිනියක් බවට පත් වූව ද Danni Wyatt-Hodge සුළුවෙන් තැකිය හැකි ආරම්භක පිතිකාරිනියක් නොවේ. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 180ක ඉනිම් 159ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3369ක් ලබා සිටින අතර ඉනිම 45ක දී පමණක් පන්දු යවමින් කඩුලු 46ක් ද ලබා සිටිනවා.
ඇය ගේ මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 10ක දී ලබා ඇත්තේ ලකුණු 186ක් පමණක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 3ක්.
ඇයට අමතර ව සත්කාරක එංගලන්ත කණ්ඩායමේ සිටින තවත් ප්‍රතිවාදීන් සලිත කරන පිතිකාරිනියක් වෙන්නේ කණ්ඩායමේ ශතකලාභී Heather Knight. 35 හැවිරිදි වියේ පසුවෙන ඇය මෙම තරගාවලියට එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 138ක ඉනිම් 123ක දී ශතකයක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 2502ක් ලබා ගනිමිනුයි.
- 10 වැනි ලෝක කුසලානයට හැප්පෙන්නට පෙර
- ලෝක කුසලානයේ අභියෝගාත්මක පන්දු යවන්නියෝ
- 2026 LPL තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින්ගෙන් ඉහළ තරගයක්
- 2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20 තරගාවලිය වේලාසනින් දිනා ගනී
ශ්‍රී ලංකාවට එරෙහි ව අද තරගයට පිවිසෙන එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකීමේ අත් ආවරණ හිමි විය හැකි ක්‍රීඩිකාව වෙන්නේ 32 හැවිරිදි වියේ පසුවෙන Amy Jones. කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙසින් ද කටයුතු කරන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 131ක ඉනිම් 105ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1764ක් ලබා තිබෙනවා.
ඉන්දියාව සමඟින් නිමා වූ පුහුණු තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගන්නා ඇය ඒ හේතුවෙන් ම තමන් කෙරෙහි තබා තිබූ විශ්වාසය දෙගුණ කර ගනිමිනුයි ශ්‍රී ලංකාව සමඟ තරගයට එක් වෙන්නේ.
ඔවුන්ට අමතර ව තරගාවලිය හා එක් වෙන එංගලන්ත කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත යොවුන් ක්‍රීඩිකාවන් බවට පත් ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකාරිනියන් වන Alice Capsey සහ Freya Kemp. ඔවුන් දෙදෙනා ද අද බොහෝ විට ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන කණ්ඩායමට එක් වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වසනීය සහ බලාපොරොත්තු සහගත තැනැත්තිය වී ඇත්තේ වමතින් දඟ පන්දු යවන Sophie Ecclestone කෙරෙහියි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 106කට සහභාගී වෙමින් කඩුලු 144ක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.
27 හැවිරිදි වියේ පසුවෙන ඇයට ලෝක කුසලාන පුහුණු තරග ද්විත්වයේ දී මෙන් ම නිමා වූ ඉන්දීය සහ නවසීලන්ත සංචාරයන් ද්විත්වයේ දී ද බලාපොරොත්තු සහගත පන්දු යැවීමක නිරත වීමට ඇයට හැකි වෙන්නේ නැහැ.
එසේ වී ඇති හෙයින් ම ඇය මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව තම උපරිම උපක්‍රමයන් යොදනු නියතයි.
ඇයට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන Lauren Bell ද ශ්‍රී ලංකාවට එරෙහි ව එන ප්‍රබල පන්දු යවන්නියක්. ඇය මෙම තරගාවලිය හා එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 41ක දී කඩුලු 60ක් ලබා ගනිමිනුයි.
ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, නිලක්ෂිකා සිල්වා, සුගන්දිකා කුමාරි, කවීෂ දිල්හාරි, මිතාලි අයෝද්‍යා, හසිනි පෙරේරා, නිමාෂා මීපගේ, චේතනා විමුක්ති සහ මල්කි මදාරා.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















