10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන 2 වැනි තරගය මේ මස 16 වැනිදා Southampton හි The Rose Bowl ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඔවුන්ගේ හෙට දවසේ ප්‍රතිවාදීන් වෙන්නේ ගිය වර ලෝක කුසලානයේ ශූරියන් වන නවසීලන්ත කණ්ඩායමයි.
කෙසේ වෙතත් නවසීලන්තය සේ ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ද මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරග පරාජයට පත් වෙමින් ලත් ව්‍යාකූලත්වයත් සමඟිනුයි.
එබැවින් මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩිකාවෝ තම සැලසුම් උපරිමයෙන් උත්කර්ශයට පත් කිරීමට සූදානම් වෙනු නියතයි.
දෙරට ක්‍රීඩිකාවෝ මෙම තරගයට පිවිසෙද්දී මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 14ක ජයග්‍රහණ නවසීලන්තය ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට ජය ගත හැකිව ඇත්තේ තරග 2ක් පමණයි. මෙම තරග ද්විත්වයට ම නායකත්වය දී ඇත්තේ වත්මන් නායිකා චමරි අතපත්තුයි. දෙරට අතර පැවැති අනෙක් තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.
මෙම තරගයට එක් වෙන චමරි අතපත්තු සහ Suzie Bates දෙරට අතර නිමා වූ තරග 17 දී ම කණ්ඩායම් නියෝජනය කර තිබීම විශේෂත්වයක්. එහි දී Suzie Bates අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 605ක් ලබා ගනිමින් දෙරට අතර ක්‍රීඩිකාවන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ලෙසින් වාර්තා පොත් අතර සිටිය දී චමරි අතපත්තු අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 419ක් ලබා 2 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
හෙට තරගයේ දී කාසියේ වාසිය උරගා බැලීමට පැමිණෙන චමරි අතපත්තු නවසීලන්තයට එරෙහි ව තරග 13ක නායකත්වයේ කටයුතු කර ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ නායිකා Melie Kerr පළමු වරටයි ශ්‍රී ලංකාවට එරෙහි ව නායකත්වයේ කටයුතු කරන්නේ.
පෙර තරගයට ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම
Melie Kerr (නායිකාව), Isabella Gaze (කඩුල රකින්නිය), Georgia Plimmer, Sophie Devine, Brooke Halliday, Maddy Green, Izzy Sharp, Jess Kerr, Nensi Patel, Rosemary Mair, Bree Illing.
සංචිතගත අනෙක් ක්‍රීඩිකාවන්
Polly Inglis (කඩුල රකින්නිය), Suzie Bates, Flora Devonshire, Lea Tahuhu.
ශ්‍රී ලංකාවට එරෙහි ව පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායමේ නායිකා Melie Kerr මෙම තරගයට පිවිසෙන්නේ විස්සයි විස්ස 100 වැනි ජාත්‍යන්තර තරගයට සහභාගී වීමෙන් අනතුරුවයි. මේ තරග ශතකයේ දී ඇය ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණ 1930ක් ද සහ කඩුලු 106ක් ද ලබා සිටිනවා. නමුත් ඇයට නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී සාර්ථක වීමට හැකි වෙන්නේ නැහැ.
කණ්ඩායමේ සිටින වඩාත් ම සටන්කාමී තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන්නේ 36 වැනි වියේ පසුවෙන Sophie Devine. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 155කට මුහුණ දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 24ක් සමඟින් ලකුණු 3714ක් ද සහ කඩුලු 128ක් ද දවා ගෙන තිබෙනවා. ඒ අතර ලෝක කුසලාන තරග 39ක ලකුණු 807ක් සහ කඩුලු 29ක් ඇති අතර ඊට අමතර ව ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 14ක දී ලබා ගත් ලකුණු 270ක් සහ කඩුලු 6ක් ද ඒ අතර තිබෙනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව 33 වැනි වියේ පසුවෙමින් මැද පෙළින් පිටියට පිවිසෙන Maddy Green ද තරමක් පාලනය කර ගත නොහැකි පිතිකාරිනියක් ලෙසයි හැඳින්වෙන්නේ. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක ඉනිම් 101ක දී ලකුණු 1398ක් ලබා තිබෙනවා. ඇය ගේ අවසන් ඉනිම් 5 අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 134කින් සමන්විත අතර එහි සාමාන්‍ය 44.66ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් ව තිබෙනවා.
එම පිතිකාරිනියන්ට අමතර ව Isabella Gaze, Georgia Plimmer සහ Brooke Halliday ද කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකාරිනියන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.
නවසීලන්ත පන්දු යවන්නියන් අතුරින් Jess Kerr කණඩායමේ සිටින ප්‍රබල ප්‍රතිවාදීනියක්. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 53කට සහභාගී වෙමින් කඩුලු 39ක් ලබා තිබෙනවා. ඇයත් සමඟින් දකුණතින් මඳ වේග පන්දු යවන්නියන් වන Jess Kerr සහ Rosemary Mair ද මෙන් ම නවක ක්‍රීඩිකාවන් වන Bree Illing සහ Nensi Patel ද ශ්‍රී ලංකාවට එරෙහි ව තරගයට පිවිසෙනු ඇතැයි සිතෙන ක්‍රීඩිකාවෝයි.
ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, මිතාලි අයෝද්‍යා,
සංචිත ගත අනෙක් ක්‍රීඩිකාවෝ
කාව්‍යා කාවින්දි, හසිනි පෙරේරා, නිමාෂා මීපගේ, චේතනා විමුක්ති සහ.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















