ලෝක කුසලාන තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට සූදානම

185

එළඹෙන ජුනි මස 06 වන දින මැකාවු හිදී ආරම්භ වන 2022 ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරග සහ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යයේ සහ ලාඕසයේ මාසයක කාලයක සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත.

පාපන්දු නීතිරීති වල සංශෝධන රැසක්

පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේ දී පිළිපැදිය යුතු නීතිරීති තීරණය කරනු ලබන ජාත්‍යන්තර පාපන්දු සංගම්….

ක්‍රීඩකයින් 31 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කටාර් රාජ්‍යය බලා අද (12) පිටත්ව යන අතර ඔවුන් එළඹෙන 25 වන දින දක්වා එහි රැඳී සිටිනු ඇත. එහි දී ඔවුන් ලෝක කුසලාන තේරීම් තරගවල පළමු වටයේ සිටින තවත් කණ්ඩායමක් වන ලාඕසය සමඟ පැවැත්වෙන සුහද තරග ද්විත්වය සඳහා සූදානම් කෙරෙනු ඇත.

අනතුරුව ඉන් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලාඕසය බලා පිටත්ව යන අතර එහි දී මැයි 28 සහ 31 දිනවල දී ඔවුන් ලාඕස කණ්ඩායම සමඟ සුහද තරග 2කට ක්‍රීඩා කරනු ලබන අතර එළඹෙන ලෝක කුසලාන තේරීම් තරගාවලිය යටතේ පැවැත්වෙන මැකාවු කණ්ඩායම සමඟ තරගයට ක්‍රීඩකයින් සූදානම් කිරීම එහි මූලික අරමුණ යි.

එම තරගය පැවැත්වීමට නියමිතව තිබූ මැකාවු ජාතික ක්‍රීඩාංගණය තුළ මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින අතර ඒවා තරගය පැවැත්වෙන ජුනි මස 6 වන දිනට පෙර අවසන් කර ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් තරගය චීනයට නුදුරින් පිහිටි ක්‍රීඩාංගණයක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.  

ThePapare.com සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (SLFF) ලේකම් ජස්වාර් උමාර් මහතා ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරග සහ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාළව කණ්ඩායම සූදානම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්විය.

“කණ්ඩායම සූදානම් කිරීමේ කටයුතු සඳහා අපි සැලසුම් කරලා තිබ්බේ කොළඹ දී සුහද තරග තුනක් පවත්වන්න. නමුත් මේ වන විට රටේ පවතින ආරක්‍ෂක හේතූන් නිසා අපිට අපේ සැලසුම් වෙනස් කරන්න සිදු වුනා. කටාර් රාජ්‍යයේ ඉඳලා මැකාවු යන්න කලින් ඊළඟට අපි කෙළින්ම ලාඕසය බලා යන්න තීරණය කළේ ඒ රටවල් දෙකේම ක්‍රීඩා කිරීමට ලැබෙන තත්වය සහ පසුබිම ගොඩක් දුරට සමාන නිසා.

ශ්‍රී ලංකාවේ පාපන්දුවට නව සහය පුහුණුකරුවෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තේරීම් තරග සහ 2019 දකුණු ආසියානු තරගාවලියේ….

එහි දී අපි සුහද තරග දෙකක් ක්‍රීඩා කරලා අපි ගුවන් යානා කාලසටහන අනුව ජුනි 02 හෝ 03 මැකාවු බලා පිටත් වෙනවා. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තියෙන්නේ චීනයට ගොඩක් ආසන්නයෙන් නිසා අපි මැකාවු වල ඉන්න තීරණය කළා.”

මැකාවු කණ්ඩායම සමඟ පැවැත්වෙන එම පළමු අදියරේ තරගය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙක් පමණක් එරට බලා පිටත්ව යන අතර අනෙක් ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව එනු ඇත. එමෙන්ම මෙම තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට අදාළව පුහුණු කාර්යමණ්ඩලයට පැහැදිලි ඉලක්ක ලබා දීමට මේ වන විට පාපන්දු සම්මේලනය කටයුතු කර ඇත.  

“මැකාවු කණ්ඩායම සමඟ තරගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් තරගයක්. අපි විශ්වාස කරනවා ඒකට අවශ්‍ය හැකියාව සහ සූදානම අපි සතුව තියෙනවා කියලා. අපේ පණිවිඩය බොහොම පැහැදිලියි. ඒ තරගාවලියේ කාණ්ඩ වටයට සුදුසුකම් ලබාගැනීම. අපි දැකලා තියෙනවා සිදු කරන පුහුණු වැඩසටහන්. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා කණ්ඩායම ගැන. දකුණු ආසියානු තරගාවලියේ නම් ඉලක්කය අවම වශයෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීම.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ජුනි මස 11 වන දින පැවැත්වීමට නියමිත දෙවන අදියරේ (2nd leg) තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“අපි බලාපොරොත්තු වෙනවා ජුනි 11 වෙද්දී රටේ තත්වය සාමාන්‍ය තත්වයට පත්වෙයි කියලා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා තරග වලට ලබා දෙන ආරක්‍ෂාව වැඩි කරන්න කියලා. ඒ වගේම විශේෂ ප්‍රවාහන විධිවිධාන සහිතව අපි ක්‍රීඩාංගණය තුළත් දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.”

මැකාවු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග ද්විත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය දකුණු ආසියානු තරගාවලිය වෙත යොමු කෙරෙන අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කමක් දිනා ගැනීමේ අරමුණෙන් පසුවේ. එමෙන්ම වත්මන් පුහුණු කාර්යමණ්ඩලයේ අනාගතය ද එහි ප්‍රතිඵල මත තීරණය වනු ඇත.

පාපන්දුවේ පෙරළියෙන් සුපුරුදු මුහුණු හැලේ; නව මුහුණු එකතු වේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 කටාර් FIFA පාපන්දු ලෝක කුසලානයේ සහ 2023 AFC ආසියානු කුසලාන….

“දකුණු ආසියානු තරගාවලිය සඳහා සූදානම් වීමේ දී අපි සුහද තරග තුනක් මෙහේ තියන්න අපි උත්සාහ කරනවා. නමුත් මේ හැම දෙයක්ම රඳා පවතින්නේ රටේ ආරක්‍ෂක තත්වය මත. ඒ අනුව ඒ තරග අපිට මෙහේ තියන්න බැරි වුනොත් අපි ජාත්‍යන්තර සුහද තරගවලට ක්‍රීඩා කරන්න විදේශයන්ට යන්න ඉඩ තියෙනවා.”

“පුහුණු කාර්යමණ්ඩලයේ ගිවිසුම් දකුණු ආසියානු තරගාවලියේ දී කණ්ඩායම දක්වන දක්‍ෂතා මත සලකා බලනවා. අපි ඔවුන්ට එලක්ක ලබා දීලා තියෙනවා. ඒවාට අවශ්‍ය කාලය ලබා දීලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය බලය ලබා දීලා තියෙනවා. ඒවගෙන් නිසි ප්‍රතිඵල ළඟා කරලා දෙන එක ඔවුන්ගේ කාර්යභාරය. ඒ අනුව අපි දකුණු ආසියානු තරගාවලියේ දී හොඳින් දක්‍ෂතා අතරට පැමිණියේ නැත්නම් සම්පූර්ණ සැලැස්ම ගැනම අපිට නැවත හිතලා බලන්න සිද්ධ වෙනවා.”

තවදුරටත් අදාළ සංවර්ධන වැඩසටහන් රටේ ආරක්‍ෂිත තත්වය හේතුවෙන් මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති නමුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දේශීය තරගාවලි වෙනස් කරමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටී.

“තරගාවලි වෙනස්කම්වලට භාජනය වෙයි. ඒවා නැවත ව්‍යුහගත කිරීම මේ වන විට සිදු වෙමින් තියෙන්නේ. තව මාසෙකින් දෙකකින් වගේ අපිට නව තරගාවලි සහ නව තරගාවලි ආකෘති සැලසුම් අවසන් කරගන්න පුළුවන් වෙයි. පාපන්දු කියන්නේ ලෝකය පුරා සෑම ජාතියක්ම ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩාවක් නිසා පාපන්දු ක්‍රීඩාව අපිට උදව් කරගන්න පුළුවන් කොහොමද කියන එක ගැන අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ජාතීන් සහ පුද්ගලයින් අතර සමීපකම වැඩිදියුණු කරන්න පාපන්දු ක්‍රීඩාව ඉවහල් කරගන්න.”   

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<