පන්දු යවන්නන්ගේ සටනකින් පසු ත්‍රිත්ව කණ්ඩායමට පහසු ජයක්

256
Trinity-wins-the-one-day-overpowering-the-Antonians

ආරම්භයේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගයට සාර්ථක පිළිතුරක් සොයා ගනිමින් වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 47කින් ජය ගන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

ආදරවන්තයින්ගේ අවසන් දිනයට ධනංජයගෙන් ශතකයක්

වසර සියයකටත් වඩා ඈත අතීතයට දිව යන ආදරවන්තයින්ගේ සටනේ 112 වැනි අදියර ඊයේ (17) ගාලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන විට විද්‍යාල දෙකම තරග 23 බැගින් ජයගෙන සිටියේ…

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව නායක ෂැනොගීත් ශන්මුගනාදන් ශත සංවත්සර මහා ක්‍රිකට් තරගයේ මෙන්ම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. කෙසේ වෙතත් ඔහුගේ එම තීරණය අභියෝගයට ලක් කළ සාන්ත අන්තෝනි වේග පන්දු යවන්නන් පන්දු වාර 4ක් තුල ත්‍රිත්ව කඩුලු 2ක් බිඳ දමන්නට සමත් විය. ඒ නායක ශන්මුගනාදන්ව ද ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරය වෙත යොමු කරමිනුයි.

කෙසේ වෙතත් ත්‍රිත්ව ලකුණු පුවරුව 70ක් දක්වා ඉහල දමන්නට තුන්වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ හසිත බෝයගොඩ සහ කලන ද සොයිසා සමත් විය. මෙම සබඳතාව සාන්ත අන්තෝනි විද්‍යාලයට තර්ජනයක් වෙමින් පැවති අවස්ථාවේ මොහොමඩ් අබ්සර් ක්‍රියාත්මක වුනේ හසිතගේ කඩුල්ල දවා ගනිමිනුයි. එක් වරම තරගයේ පාලනය සම්පූර්ණයෙන් කණපිට හැරවූ සාන්ත අන්තෝනි පන්දු යවන්නන් ලකුණු 12ක් තුල කඩුලු 4ක් බිඳ හෙලනට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 82කට කඩුලු 6ක් දැවී සිටි මොහොතේ ඔවුන් හට යලි තරගය පිළිබඳ බලාපොරොත්තු ගෙන දුන්නේ ට්‍රෙවෝන් පර්සිවෙල් සහ ත්‍යාගරාජා භානුගෝබන් එක්ව ගොඩනැගූ 7 වන කඩුල්ලේ සබඳතාව හරහායි. ඔවුන් දෙදෙනා ලකුණු 48ක සබඳතාවක් ගොඩනැගීමෙන් පසු තිසරු ඩිල්ශාන් වේගවත් ලකුණු 49ක් නොදැවී රැස් කරමින් ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 200 සීමාව වෙත ගෙන යන්නට සමත් විය. අවසන් පන්දු වාරයේ 3 වන පන්දුවෙන් අවසන් ත්‍රිත්ව කඩුල්ල බිඳ වැටෙද්දී තිසරුට අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට එක ලකුණක් අඩුවෙන් අනෙක් අන්තයේ බලා සිටීමට සිදු විය.

[rev_slider dfcc728]

.

විරාජිත ජයසිංහ කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් වූ අතර සතිෂ් වික්‍රමාරච්චි සහ මොහොමඩ් අලවි අතරේ කඩුලු 2බැගින් බෙදී යන ලදි.

ලකුණු 201ක ඉලක්කයක් සොයා පිටියට පිවිසි සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් හට ත්‍රිත්ව ක්‍රීඩකයන් අතින් ගිලිහී ගිය උඩ පන්දු 2කින් අමතර වාසියක් සැලසුනත් ක්‍රමයෙන් සිය ආක්‍රමණය දැඩි කල ත්‍රිත්ව පන්දු යවන්නන් ජය මාවත අහුරන්නට සමත් විය. බලාපොරොත්තු නොවූ පරිද්දෙන් පිත්තේ දායකත්වය ද ලබා දුන් තිසරු ඩිල්ශාන්  ත්‍රිත්ව කඩුලු දඩයමට ද ආරම්භයක් ලබා දුන් අතර ඉන් අනතුරුව කිසිදු සබඳතාවකට දුර දිග යාමට නොදුන් පන්දු යවන්නන් අවසානයේ 47 වන පන්දු වාරය තුල සාන්ත අන්තෝනි ඉනිම ලකුණු 153කට සීමා කරන්නට සමත් විය.

සචිත් වික්‍රමාරච්චි ලකුණු 32ක් සමඟින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී මොහොමඩ් අල්ෆර් ලකුණු 29ක් ලබා ගන්නට සමත් විය. හසිත බෝයගොඩ සහ කලන ද සොයිසා කඩුලු 6ක අයිතිය සමව බෙදා ගන්නා ලදි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ තිසරු ඩිල්ශාන් අවිවාදිතවම තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන් දැවී – 200 (49.3): තිසරු ඩිල්ශාන් – 49*, ත්‍යාගරාජා භානුගෝබන් – 33, හසිත බෝයගොඩ –  29, විරාජිත ජයසිංහ – 3/25

සාන්ත අන්තෝනි විද්‍යාලය – සියල්ලන් දැවී – 153 (46.2): සචිත් වික්‍රමාරච්චි – 32, මොහොමඩ් අල්ෆර් – 29, ජනිඳු හිමසර – 22, හසිත බෝයගොඩ – 3/26, කලන ද සොයිසා – 3/17

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 47ක ජයක්.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට