කොළඹ “Blues” කණ්ඩායම නම් කෙරේ

965

කොළඹ “Blues” කණ්ඩායම සහ මහනුවර “Reds” කණ්ඩායම අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ඔක්තෝබර් 5 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

2019 පාසල් රග්බි ලීගය මාර්තුවේ

2019 වසර සඳහා වන පාසල් රග්බි තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය …

ThePapare.com මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර තරගාවලිය සඳහා කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රමුඛ පෙළේ පාසල් කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත. එළඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා තරගාවලියට පෙර සූදානමක් ලෙස ද මෙම තරගාවලිය හැඳින්විය හැකිය.

2016 වසරේ නිකිල ගුණධීරගේ නායකත්වයේ පටන් කොළඹ කණ්ඩායම තෙවතාවක් ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ශූරයන් ලෙස තරගාවලියට පිවිසෙන අතර මෙවර ද ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සටන් වදිනු ඇත.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ දයාන් සබාර් සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය මෙවර කොළඹ කණ්ඩායමට ඇතුලත් ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් දෙදෙනෙකි.

හරිත රග්බි බලකායට කන්ද උඩරට පුහුණුකරුවෙක්

ලබන වසර සඳහා වන පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් නව පුහුණුකරුවකු තෝරා …

කොළඹ “Blues” කණ්ඩායම

ඉදිරිපෙළ

දයාන් සබාර් (වෙස්ලි විද්‍යාලය), මලීෂ මධුමෙවන් (රාජකීය විද්‍යාලය), ෆාදිල් ආදන් (රාජකීය විද්‍යාලය), ඉෆාම් ෆරීඩ් (රාජකීය විද්‍යාලය), ක්‍රිස්ටියන් ඩි ලිලී (සාන්ත තෝමස්), තරිඳු ද අල්විස් (සාන්ත ජෝසප් ), තරිඳු හසිත් (වෙස්ලි විද්‍යාලය), අදීශ හඳුන්පතිරණ (සාන්ත තෝමස්), ජවිඳු ප්‍රනාන්දු (සාන්ත පීතර), හරීත් සේනානායක (සාන්ත තෝමස්), ජූලියන් චාර්ල්ස් (සාන්ත පීතර), රවිඳු අංජුල (ඉසිපතන), ෂෙවෝන් ග්‍රෙගරි (සාන්ත ජෝසප්), අබ්දුල් ෆයිස් (සාන්ත පීතර), තුවාන් සයිඩ් (සහිරා), ෂෙහාන් එරන්ද (සාන්ත ජෝසප්), හිමන්ත හිරුෂාන් (රාජකීය), ශාමික මිලින්ද (විද්‍යා විද්‍යාලය), ලක්ෂාන් උඩුවන (සාන්ත පීතර)

පසුපෙළ

ගැමුණු චේතිය (සාන්ත ජෝසප්), නිකිල් ද සිල්වා (රාජකීය), සාබිත් ෆෙරෝස් (රාජකීය), ශාන් අකිල (සාන්ත ජෝසප්), කාවින්ද කේෂාන් (සාන්ත ජෝසප්), කෙනත් විමලදාස (සාන්ත පීතර), රුක්ෂාන් මධුසංක (සාන්ත පීතර), ජේසන් කරුණාරත්න (සාන්ත පීතර), රිසිත් ප්‍රනාන්දු (රාජකීය), මුෂින් ෆලීල් (රාජකීය), ශෙනොල් ශේනුක (සාන්ත පීතර), කළිඳු නන්දිල (රාජකීය), ජනිදු ඩිල්ෂාන් (රාජකීය)

කණ්ඩායමේ පුහුණුකරු ලෙස දුෂාන්ත ලෙව්කේ මහතා කටයුතු කරන අතර මහනුවර කණ්ඩායම වෙනුවෙන් ආනන්ද කස්තුරිආරච්චි මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<