යුවරාජ් සහ ශාස්ත්‍රි twitter හි හාස්‍යජනක සටනක

350

“අපි ජාතියක් විදියට ආඩම්බර වූ මොහොතක්. අපේ ජ්‍යේෂ්ඨයන් 1983 දී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ අද වගේ දවසක. 1983 ලෝක කුසලාන කණ්ඩායමේ සිටි හැම ක්‍රීඩකයෙකුටම සුබ පැතුම්.”

මේ යුවරාජ් සිං සිය Twitter ගිණුමේ අද (25) තබා තිබූ සටහනකි. 

ආචර්ට තවත් PCR පරීක්ෂණයක් 

ඉන්දීය කණ්ඩායම සිය ස්වර්ණමය ගමන ආරම්භ කළේ 1983 වසරේ අදවන් දිනක ජයග්‍රහණය කළ ලෝක කුසලානයත් සමඟිනි. කපිල් දේව්ගේ නායකත්වයෙන් තරගාවලිය සඳහා සහභාගී වූ ඉන්දීය කණ්ඩායම අවසන් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් තම පළමු ලෝක කුසලානය ඉන්දියාවට ගෙන යාමට සමත් විය.

“ඔබ අපිට ලොකු ආදර්ශයක් වුනා 2011දීත් ඒ දේම ආයෙත් කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඉන්දියාව සෑම ක්‍රීඩාවකින්ම ලෝක ශූරයන් වේවි කියලා” යුවරාජ් සිය සටහනේ තවදුරටත් පවසා තිබුණි. 

වර්තමාන ඉන්දීය පුහුණුකරු වන රවී ශාස්ත්‍රි ද එම ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර ඔහු යුවරාජ්ගේ මෙම Twitter පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේයි. 

“ස්තූතියි කනිෂ්ඨයා! ඔබට පුළුවන් මාව හා කපිල් දේව් මේකට එකතු කරගන්න.” 

රවී ශාස්ත්‍රි මෙලෙස පවසා තිබුණේ මීට මාස කීපයකට පෙර යුවරාජ් සිං හා ඔහු අතර ඇතිවූ හාස්‍යජනක සංවාදයක ප්‍රතිඵලයක් ලෙසිනි. 

රවී ශාස්ත්‍රිගේ එම පිළිතුරට යුවරාජ් නැවත ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, රවී ශාස්ත්‍රි පිටියේ දී මෙන්ම ඉන් පිටතදීත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් බවත්, කපිල් දේව් එයට හාත්පසින් වෙනස් ශ්‍රේෂ්ඨයෙක් බවත්ය.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම ශූරතාව දිනා ගෙන වසර 11ක් පිරීම නිමිත්තෙන් පසුගිය අප්‍රේල් මාසයේ දී රවී ශාස්ත්‍රි Twitter හි සටහනක් තබා තිබුණි. අවසන් තරගයේ ජයග්‍රාහී ලකුණ සටහන් කළ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණිගේ හයේ පහරේ වීඩියෝ පටයක් ද එයට ඇතුළත් විය. 

එම සඳහනේ දී රවී ශාස්ත්‍රි “සුබ පැතුම් ඔබට. ඔබට මෙය ජීවිත කාලය පුරාවටම මතකයේ තියන අවස්ථාවක් වේවි. හරියට 1983 අපේ කණ්ඩායම වගේ” යැයි පවසා තිබුණි. 

රවීගේ එම සටහන සඳහා සචින් තෙන්දුල්කාර් හා විරාත් කෝලි ද එක් කරගෙන තිබුණි. 

ආසියානු කුසලානය UAE හෝ ලංකාවේ

එම සටහනත් සමඟින් රවී ශාස්ත්‍රි හා යුවරාජ් සිං අතර හාස්‍යජනක සංවාදයක් ගොඩනැගී තිබුණේ එම සටහනට තමා හා මහේන්ද්‍ර සිං දෝණි ද එකතු කරගන්නා ලෙස යුවරාජ් පැවසීමත් සමඟිනි. 

“ස්තූතියි ජ්‍යේෂ්ඨයා! ඔබට පුළුවන් මාව වගේම මහී වත් මේකට එකතු කරගන්න. අපිත් ඒ කණ්ඩායමේ හිටියා” යුවරාජ් පවසා තිබුණි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<