Home Sinhala පාකිස්තානය හමුවේ සිංහ පැටව් පසුබසියි!

පාකිස්තානය හමුවේ සිංහ පැටව් පසුබසියි!

86

ශ්‍රී ලංකා යොවුන් පිළ මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. 

ඒ සඳහා වන පෙර පුහුණු තරග මේ දින වලදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිළ අද (14) තරග වැදුනේ පාකිස්තානු පිළට එරෙහිවයි. එහිදී ඔවුන් කඩුලු 4ක පරාජයක් ලැබූවද මෙම යොවුන් කණ්ඩායම ඔවුන්ට ලැබුණු පුහුණු තරග දෙකේදී දැක්වූ දක්ෂතා සතුටුදායක මට්ටමක තිබුණි.

නවෝද් පරණවිතාන පළමු තරගය ගොඩ දමයි

අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට දකුණු අප්‍රිකාව බලා…

ශ්‍රී ලංකාව අද තරගය සඳහා පාකිස්තානු පිළ මුණ ගැසෙන්නේ පෙර තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකානුවන් උපන් බිමේදීම දණ ගැස්වූ ප්‍රිටෝරියා පිටියේදීමයි. එහිදී කාසියේ වාසිය ද දිනා ගන්නා නායක නිපුන් ධනංජය පසුගිය තරගයේ දී මෙන්ම මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. නමුත් ශ්‍රී ලංකාව අදත් පිතිකරණ අංශයෙන් සාර්ථක නොවූ අතර ඔවුන්ගේ මුල් කඩුලු 4ම බිඳ වැටෙන්නේ මුළු ලකුණු 71දීයි.

මෙහිදී ශ්‍රී ලංකා මුල්පෙළ සුණු විසුණු කිරීමේ කාර්‍යභාරය වමත් වේග පන්දු යවන්නෙකු වන තහීර් හුසේන් සහ වමත් පිට දඟ පන්දු යවන්නනෙකු වන ආමීර් අලි සාර්ථකව ඉටු කළ අතර ශ්‍රී ලංකාව තරගයක් නොදීම පසු බසින ආකාරයක් නිරූපණය විය. නමුත් ලෙහෙසියෙන් පරාජය භාර නොගන්නා යොවුන් නායකයෙකු ලෙස හැඳින්විය හැකි නිපුන් ධනංජය සහ සොනාල් දිනූෂ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගමින් කණ්ඩායම වැටුණු වළෙන් ගොඩ ගැනීමට සමත් වූහ.

එහිදී පන්දු 88කට මුහුණ දුන් නිපුන් ධනංජය එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් රැස් කරද්දී සොනාල් දිනූෂ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 68ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් එල්ල කරමිනි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4කට ලකුණු 193ක් දක්වා ඉහළ ගෙන යන්නට මෙම පිතිකරුවන් දෙදෙනාට හැකි වුවද පාකිස්තානුවන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6ම ලකුණු 22ක් තුල බිඳ හෙලන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 215කට සීමා කරමිනි.

ප්‍රබල වෙනස්කමක් සහිතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිකුත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය මේ මස 19 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලිය…

පන්දු යැවීමේ දී තහීර් හුසේන් කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙද්දී අබ්බාස් අෆ්රිඩි, ආමීර් අලි සහ අමීර් කාන් ඉතින් කඩුලු 6 තමන් අතරේ සමසේ බෙදා ගත්හ. ලකුණු 216ක ඉලක්කය හඹා යාමට පාකිස්තානුවන්ට සම්පූර්ණ පන්දුවාර 50ක් ඉතිරිව තිබූ නිසා මෙය ඒකපාර්ශ්වික තරගයක් බව පෙනෙන්නට තිබුනු නමුත් ශ්‍රී ලංකාව මීට දින දෙකකට පෙරාතුව දකුණු අප්‍රිකානුවන් පරාජය කිරීමට සමත් වන්නේ ලකුණු 200කටත් අඩු ලකුණක් සාර්ථකව ආරක්ෂා කරමිනි.

කෙසේවෙතත් අද එවන් වාසනාවක් ශ්‍රී ලංකා පිළ සතු නොවූ අතර පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 61ක සබඳතාවයක් ගොඩ නගන්නේ තරගයේ වැඩි වාසි අතට ගනිමිනි. ඉන් අනතුරුව පාකිස්තානු පිළේ කඩුලු 3ක් ලකුණු 11ක් තුලදී බිඳ වැටුනද මෙවන් පහසු හඹායාමක් වරද්දා ගන්නට තරම් ඔවුන් දුර්වල කණ්ඩායමක් නොවූහ. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ෆහාඩ් මුනීර් ලකුණු 51ක් ලබා ගන්නේ හතරේ පහර 5ක් සමඟයි.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සද්දන්ත නියමුවා ‘ෆ්ලෙම්’

ඔහු ගැන කතා කරන්නට පෙර ඇය ගැන කතා කළ යුතුමය. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ …

මේ අනුව පාකිස්තානය තවත් පන්දු 28ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයක් වාර්තා කරගත් අතර ශ්‍රී ලංකා පිළ එහිදී දැක්වූ දක්ෂතා ද සැලකිය යුතු මට්ටමක විය. පන්දු යැවීමේ දී වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංක කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. මේ අනුව 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමිව තිබූ පුහුණු තරග නිමාවට පත්වන අතර කුසලානය වෙනුවෙන් කෙරෙන සටනේ දී හැකි උපරිමයෙන් දස්කම් දක්වන්නට හැකි වේවායි ThePapare.com කණ්ඩායම සුබ පැතුම් එක් කරන්නෙමු! 

Result


Sri Lanka U19
215/10 (49.3)

Pakistan U19
218/6 (45.2)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Haider Ali b Tahir Hussain 12 13 2 0 92.31
Kamil Mishara c Qasim Akram b Tahir Hussain 15 30 2 0 50.00
Mohammad Samaaz b Aamir Ali 19 31 2 0 61.29
Thaveesha Abhishek lbw b Aamir Ali 13 30 2 0 43.33
Nipun Dananjaya c Rohail Nazir b Mohammad Amir Khan 55 88 1 2 62.50
Sonal Dinusha b Tahir Hussain 68 87 7 0 78.16
Ahan Wicrkamasinghe b Mohammad Amir Khan 0 1 0 0 0.00
Chamindu Wijesinghe c & b Abbas Afridi 7 9 0 0 77.78
Ashian Daniel not out 2 2 0 0 100.00
Kavindu Nadeeshan c Rohail Nazir b Tahir Hussain 1 2 0 0 50.00
Dilum Sudheera c Rohail Nazir b Abbas Afridi 2 4 0 0 50.00


Extras 21 (b 4 , lb 2 , nb 0, w 15, pen 0)
Total 215/10 (49.3 Overs, RR: 4.34)
Fall of Wickets 1-21 (4.5) Navod Paranavithana, 2-36 (8.5) Kamil Mishara, 3-69 (16.2) Thaveesha Abhishek, 4-71 (18.5) Mohammad Samaaz, 5-193 (45.2) Nipun Dananjaya, 6-193 (45.3) Ahan Wicrkamasinghe, 7-209 (47.5) Chamindu Wijesinghe, 8-210 (48.1) Sonal Dinusha, 9-212 (48.4) Kavindu Nadeeshan, 10-215 (49.3) Dilum Sudheera,

Bowling O M R W Econ
Tahir Hussain 10 0 41 4 4.10
Mohammad Amir Khan 10 0 38 2 3.80
Abbas Afridi 8.3 1 26 2 3.13
Aamir Ali 8 0 30 2 3.75
Qasim Akram 5 0 29 0 5.80
Fahad Munir 5 0 26 0 5.20
Mohammad Haris 3 0 19 0 6.33


Batsmen R B 4s 6s SR
Haider Ali c Kamil Mishara b Dilshan Madusanka 33 38 4 1 86.84
Muhammad Shehzad lbw b Dilshan Madusanka 24 35 2 0 68.57
Rohail Nazir b Dilshan Madusanka 5 8 1 0 62.50
Fahad Munir retired 51 86 5 0 59.30
Mohammad Haris run out (Chamindu Wijesinghe) 43 36 5 0 119.44
Qasim Akram c Dilshan Madusanka b Kavindu Nadeeshan 29 28 3 0 103.57
Mohammad Irfan Khan not out 11 27 1 0 40.74
Abbas Afridi not out 10 14 1 0 71.43


Extras 12 (b 0 , lb 1 , nb 0, w 11, pen 0)
Total 218/6 (45.2 Overs, RR: 4.81)
Fall of Wickets 1-61 (10.4) Haider Ali, 2-69 (12.3) Rohail Nazir, 3-72 (14.6) Muhammad Shehzad, 4-137 (27.3) Mohammad Haris, 5-186 (36.6) Fahad Munir, 6-199 (40.3) Qasim Akram,

Bowling O M R W Econ
Amshi De Silva 4 0 27 0 6.75
Matheesha Pathirana 6 0 34 0 5.67
Dilshan Madusanka 5 0 21 3 4.20
Chamindu Wijesinghe 5 0 20 0 4.00
Nipun Dananjaya 6 0 23 0 3.83
Sonal Dinusha 4 0 20 0 5.00
Ashian Daniel 4 0 19 0 4.75
Kavindu Nadeeshan 7 0 36 1 5.14
Dilum Sudheera 4 0 13 0 3.25
Navod Paranavithana 0.2 0 4 0 20.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<