Home Sinhala නවෝද් පරණවිතාන පළමු තරගය ගොඩ දමයි

නවෝද් පරණවිතාන පළමු තරගය ගොඩ දමයි

198

අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට දකුණු අප්‍රිකාව බලා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (12) තමන් මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 15කින්  පරාජය කිරීමට සමත් වූහ. 

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන අර්ධ ශතකයක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය ජීවය ලබා දුන්නේය. 

ධනංජය අර්ධ ශතකයක් වෙත යද්දී ශ්‍රී ලංකාවට 78ක් හරස් වෙයි

ජවයත්, නිසි ඉලක්කයත් නොවූ කල වල්මත් හැර අන් දෙයක් නැති බව නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර….

ජොහැන්ස්බර්ග් හිදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 182ක් පමණි. 

සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර ය. වැඩි පළපුරුද්ද සහිත මේ ආරම්භක පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් පදනමක් වැටිය යුතුව තිබුණි. නමුත් ඔවුන්ට එය ඉටු කිරීමට හැකි වූයේ නැත. මේ වමත් පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාව තෙවැනි පන්දුවාරයේ දී අවසන් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. 

කමිල් මිෂාර එක් ලකුණකට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 4ක් ලෙසිනි. අනතුරුව පිටියට පිවිසි රවිඳු රශාන්ත ද ලබා ගත්තේ ලකුණු 10ක් පමණි. එම කඩුල්ල වෙනුවෙන් නවෝද් සහ රවිඳු අතර ගොඩනැගුණ සබඳතාව ලකුණු 34කි. 

තවීෂ අබිශේක් (14) සහ නවෝද් තෙවැනි කඩුල්ලට ලකුණු 44ක් සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාව එක් කළහ. අනෙක් අන්තයේ පිතිකරුවන් ද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගොඩ නැගීමට මහත් වෙහෙසක් ගත් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තු අසරණ කරමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 68ක් ලබා සිටියේය. එය ශ්‍රී ලංකා ඉනිමේ හොඳම පෞද්ගලික ඉනිම ද විය. 

ඉරෝෂ් සමරසූරියගෙන් නොදැවුනු ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (12 ) දින නිමා වූ කැන්ඩි කස්ටම්ස්……

ඔහුට අමතර ව ශ්‍රී ලංකා ගොඩ ගැනීමේ ඉහළ මෙහෙවරක නිරත වූයේ අහන් වික්‍රමසිංහ ය. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. නායක නිපුන් දනංජය (0), සොනාල් දිනූෂ (4), චමිඳු විජේසිංහ (4) සහ අශේයින් ඩැනියෙල් (7) අඩු ලකුණුවලට සීමා වූහ. 

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 159ක් ව තිබිය දී පිටියේ රැඳී සිටි දිලුම් සුධීරට එක් වූ අවසන් පිතිකරු වූ කවිඳු නදීශාන් අවශ්‍යතාව අනුව පිතිකරණයේ යෙදීම පැසසිය යුතුය. පිතිකරුවන්ගේ වගකීම් ද කරට ගත් මේ දඟපන්දු යවන්නෝ අවසන් කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන ඒමට සමත් වූහ. 

එහි දී කවිඳු නදීශාන් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද, දිලුම් සුධීර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී මෙරික් බ්‍රෙට් සහ ටියන් වැන්වරුන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 198ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවම ලකුණු 48කි. එය බිඳ දැමීමේ ගෞරවය දිනා ගත්තේ පිතිකරුවෙක් ලෙසින් ද තම යුතුකම ඉටු කළ දිලුම් සුධීර ය. ආරම්භක පන්දුවාර 10 අවසන් වීමට තවත් පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී

ආරම්භක පිතිකරු ඇන්ඩෘ ලෝ ලකුණු 15ක් ලබා සිටිය දී දිලුම් සුධීරගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. එතැන් සිට තරගය නිමා වන තෙක් දකුණු අප්‍රිකානු ඉනිම පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය. 

එසේ වූවත් පරාජිත ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වීමට අනෙක් ආරම්භක පිතිකරු ජොනතන් බර්ඩ් සමත් විය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. 

ඔහුට අමතරව මැදපෙළින් පිටියට පිවිසි ජැක් ලීස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකාවේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පැන්නීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. 

නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක පෙරේරා සහ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වාගේ දස්කම්……

දකුණු අප්‍රිකානු ඉනිමේ 37 වැනි පන්දුවාරය යැවූ දකුණතින් වේගපන්දු යවන අම්ෂි ද සිල්වා එම පන්දු වාරයේ දී කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තවත් පහසු කළේය. ඔහුට අමතරව අශේයින් ඩැනියෙල්, දිලුම් සුධීර, මතීෂ පතිරණ, කවිඳු නදීශාන්, චමිඳු විජේසිංහ සහ නිපුන් දනංජය කඩුල්ල බැගින් දවා ගත්හ. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මීළඟ පුහුණු තරගය මේ මස 14 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


South Africa U19
182/10 (44.1)

Sri Lanka U19
197/10 (48.4)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Gerald Coetzee b Tiaan van Vuuren 68 64 12 1 106.25
Kamil Mishara c Luke Beaufort b Gerald Coetzee 1 5 0 0 20.00
Ravindu De Silva c Luke Beaufort b Gerald Coetzee 10 18 1 0 55.56
Thaveesha Abhishek c Gerald Coetzee b Merrick Brett 14 26 1 1 53.85
Nipun Dananjaya lbw b Merrick Brett 0 3 0 0 0.00
Sonal Dinusha c Luke Beaufort b Pheko Moletsane 4 11 1 0 36.36
Ahan Wicrkamasinghe c Jack Lees b Tiaan van Vuuren 34 57 4 0 59.65
Chamindu Wijesinghe run out (Manje Levert) 4 7 0 0 57.14
Ashian Daniel run out (Bryce Parsons) 7 22 0 0 31.82
Dilum Sudheera not out 16 40 1 0 40.00
Kavindu Nadeeshan b 22 40 2 0 55.00


Extras 17 (b 0 , lb 0 , nb 1, w 16, pen 0)
Total 197/10 (48.4 Overs, RR: 4.05)
Fall of Wickets 1-4 (2.1) Kamil Mishara, 2-38 (7.3) Ravindu De Silva, 3-82 (15.5) Thaveesha Abhishek, 4-87 (17.2) Nipun Dananjaya, 5-105 (20.2) Sonal Dinusha, 6-117 (23.2) Navod Paranavithana, 7-129 (26.2) Chamindu Wijesinghe, 8-156 (34.5) Ashian Daniel, 9-159 (36.3) Ahan Wicrkamasinghe, 10-201 (48.4) Kavindu Nadeeshan,

Bowling O M R W Econ
Gerald Coetzee 7 1 21 1 3.00
Achille Cloete 6 0 29 1 4.83
Bryce Parsons 6 0 36 0 6.00
Merrick Brett 7 0 30 2 4.29
Pheko Moletsane 3 0 22 1 7.33
Tiaan van Vuuren 7 2 15 2 2.14
Odirile Modimokoane 8.4 1 32 1 3.81
Jonathan Bird 4 0 16 0 4.00


Batsmen R B 4s 6s SR
Andrew Louw lbw b Dilum Sudheera 15 23 2 0 65.22
Jonathan Bird c Ashian Daniel b Nipun Dananjaya 71 76 8 1 93.42
Bryce Parsons c Mohammad Samaaz b Ashian Daniel 2 4 0 0 50.00
Tyrese Karelse b Matheesha Pathirana 3 18 0 0 16.67
Pheko Moletsane b Kavindu Nadeeshan 8 17 0 0 47.06
Jack Lees run out (Ashian Daniel) 46 70 3 0 65.71
Luke Beaufort c Amshi De Silva b Chamindu Wijesinghe 3 8 0 0 37.50
Tiaan van Vuuren run out (Dilum Sudheera) 9 19 0 0 47.37
Gerald Coetzee b Amshi De Silva 6 9 1 0 66.67
Merrick Brett lbw b Amshi De Silva 0 2 0 0 0.00
Achille Cloete not out 6 19 1 0 31.58


Extras 13 (b 0 , lb 0 , nb 0, w 13, pen 0)
Total 182/10 (44.1 Overs, RR: 4.12)
Fall of Wickets 1-48 (9.3) Andrew Louw, 2-59 (10.6) Bryce Parsons, 3-72 (15.3) Tyrese Karelse, 4-99 (20.3) Pheko Moletsane, 5-119 (25.6) Jonathan Bird, 6-126 (28.1) Luke Beaufort, 7-146 (33.6) Tiaan van Vuuren, 8-158 (36.4) Gerald Coetzee, 9-158 (36.6) Merrick Brett, 10-182 (44.1) Jack Lees,

Bowling O M R W Econ
Dilshan Madusanka 6 0 34 0 5.67
Amshi De Silva 7 1 30 2 4.29
Ashian Daniel 6.1 0 20 1 3.28
Dilum Sudheera 6 0 15 1 2.50
Matheesha Pathirana 6 0 40 1 6.67
Kavindu Nadeeshan 5 0 14 1 2.80
Chamindu Wijesinghe 4 0 20 1 5.00
Nipun Dananjaya 4 0 9 1 2.25