සාන්ත ජෝසප් විද්‍යාලයට තවත් වාසියක්

259

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේ (16) දී නිමාව දිටීය. එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ පරාජයක් හිමිකර දෙමින් A කාණ්ඩයේ තරගයකට නිමාව ලබා දෙන ලදි.

මහින්ද විද්‍යාලය අභිබවා ගුරුකුල පෙරමුණ ගනී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (15) ක්‍රියාත්මක වූ අතර නවෝද්

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දුටු මේ තරගයේ පළමු ඉනිමේ ජය ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන්  සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 244ක් ලබාගෙන තිබුණි. ඉන් අනතුරුව දෙවන දිනයේ උදෑසන කාලය තුල දී ද සිය පිතිකරණය දියත් කළ ඔවුන් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම අත්හිටුවන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 301ක් ලබාගෙන තිබුණි.

>>Photos: St. Joseph’s College vs St. Benedict’s College Colombo | Singer U19 Cricket Tournament 2018/19<<

ශෙවෝන් ඩැනියල් හා ආරම්භක කඩුලු රකින පිතිකරුවෙක් වන ශෙරන් ෆොන්සේකා යන දෙදෙනා ලබාගත් අර්ධ ශතක ඉනිම් නිසාවෙන් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම පළමු දිනය තුලම එවැනි මට්ටමකට ඔසවා තැබුණි.

එම දැවැන්ත ලකුණට පිළිතුරු දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 120ක් වන අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාලින්ද සෙනෙවිරත්න ලකුණු 37ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 181ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසුණු සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටියදී  තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද ලකුණු අතරට පිවිසුණු දුනිත් වෙල්ලාලගේ ඉනිම් දෙකේ දී ම නොදැවී පිතිකරණයේ නිරත වෙමින් මුළු ලකුණු 69*ක් රැස්කරගත්තේය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 301/7d (89): ශෙවෝන් ඩැනියල් 80, ශෙරන් ෆොන්සේකා 75, දුනිත් වෙල්ලාලගේ 40*, දිනෙත් ජයකොඩි 25 , කවීෂ ජයතිලක 3/89.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම –  120 (53.4): ෂෙහාන් ප්‍රනාන්දු 31, ශාලින්ද සෙනෙවිරත්න 4/37.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 106/3 (30): දුනිත් වෙල්ලාලගේ 29*, ලක්ෂාන් ගමගේ 27*.

පිළියන්දලත් හොරණත් 18 වැනි වරට සටනට

මෙරට ප්‍රධාන පෙළේ මැදි විදුහල් ද්විත්වයක් වන පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර 18 වැනි වතාවට පැවැත්වීමට


වෙස්ලි විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

එස්. එස්. සී ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දුටු මේ තරගය කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

එහි දී වෙස්ලි විද්‍යාල ඉනිම යම්තාක් මට්ටමකට හෝ සවිබලගැන්වූ තේනුක පෙරේරා නොදැවී ලකුණු 38*ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන දිමාල් විජේසේකර ලකුණු 40කට කඩුලු 5ක් දවා ගන්නා විට ගිශාන් බාලසූරිය කඩුලු 3ක් තමන් සතු කරගන්නා ලදි.

වෙස්ලි විද්‍යාලයේ පළමු ඉනිමට එරෙහිව පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය පන්දුවාර 74 පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 265ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. ඒ අතරින් වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ගත් පසිඳු සූරියබණ්ඩාර , අහන් සංචිත, කමිල් මිශාර හා ඉසිවර දිසානායක යන පිතිකරුවන් ලකුණු අතරට පිවිසියේය. ඒ අතරින් සුපිරි පිතිකරණයක නිරත වූ සූරියබණ්ඩාර මෙවර තරග වාරය තුල ලබාගත් ශතක ගොන්න අතරට තවත් ශතකයක් එක්කාසු කරගන්නා ලදි.

ලකුණු 107ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි වෙස්ලි විද්‍යාලයට සිය දෙවන ඉනිම වෙනුවෙන් ද සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වුවත් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 158 (70): තේනුක පෙරේරා 38*, සාහිල් ඩයස් 28, දිමාල් විජේසේකර 5/40, ගිශාන් බාලසූරිය 3/41.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 265/4d (74.5): පසිඳු සූරියබණ්ඩාර 100*, අහන් සංචිත 60*, කමිල් මිශාර 50, ඉසිවර දිසානායක 41.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 95/5 (38) – ශෙනාල් දංගල්ල 35.

ස්ටේන්ගේ බාධා කිරීම් හමුවේ කුසල් පෙරේරාගෙන් නොපසුබට උත්සාහයක්!

විස්සයි විස්ස තරගයකටත් වඩා උණුසුම් අයුරින් ගලා යන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය


කොළඹ නාලන්දා විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

නාලන්දා විදුහල් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දුටු මේ තරගයේ විදත් බටපොල, කවීෂ මදුරප්පෙරුම, චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා යන ක්‍රීඩකයින් වැඩි දස්කම් දක්වන ලදි.

සුහද කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 220ක් රැස්කර ගත්තේය.

සත්කාරක නාලන්දා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ රනිඳු ද සිල්වා ලකුණු 40ක් ලබාගෙන නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් විය. ඔහුගේ එම ඉනිම 4 පහර 4කින් වර්ණවත් විය. පන්දු යැවීමේ දී මදුරංග නවීන් කඩුලු 5යි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට මුදිත ප්‍රේමදාස හා විදත් බටපොල මලියදේව විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 37*ක් හා ලකුණු 27*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටි අතර මලියදේව ලකුණු පුවරුව සටහන් වූයේ 104/3ක් ලෙසයි. කෙසේ නමුත් තරගයේ දෙවන දිනයේ පළමු තරග කාර්තුව මලියදේව විද්‍යාලයට එතරම් සුබදායී නොවූයේ කවීෂ මදුරප්පෙරුම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් මලියදේව පළමු ඉනිම ලකුණු 167කට සීමා කිරීමට සමත් වූ නිසාවෙනි. විදත් බටපොල ලකුණු 54යි.

ලකුණු 70ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි නාලන්දා ක්‍රීඩකයෝ සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවාර 62ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබාගන්නා ලදි. අවසානයේ තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ වන විට ඔවුන්ගේ විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතක එකතු කිරීමට චමිඳු විජේසිංහ  හා රවීන් ද සිල්වා සමත් විය.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 237 (51.2): රනිඳු ද සිල්වා 40, චමිඳු විජේසිංහ 38, අවිශ්ක පෙරේරා 36, ලක්ෂිත රසාංජන 26, ජිතේෂ් වාසල 25, මදුරංග නවීන් 5/90.

මලියදේව විද්‍යාල පළමු ඉනිම –167 (66.5): විදත් බටපොල  54, මුදිත ප්‍රේමදාස 43,  කවීෂ මදුරප්පෙරුම 5/29.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 210/7 (62): චමිඳු විජේසිංහ 67, රවීන් ද සිල්වා 53, දිල්හාර පොල්ගම්පොල 36, අවිශ්ක පෙරේරා 27, මදුරංග නවීන් 4/63, ගයන්ත වික්‍රමාරච්චි 3/32.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<