Home Sinhala වසර 12කට පසුව එංගලන්තයට තවත් T20 ලෝක කුසලානයක්

වසර 12කට පසුව එංගලන්තයට තවත් T20 ලෝක කුසලානයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

304
(Photo by Isuru Sameera/Gallo Images/Getty Images)

ICC 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) එංගලන්තය සහ පාකිස්තානය අතර ඕස්ට්‍රේලියාවේ MCG ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුළු 5ක ජයක් ලබාගත් එංගලන්තය 8 වන විස්සයි විස්ස ලෝක කුසලානයේ නව හිමිකරුවන් බවට පත් වුනු අතර එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලානයක් ජයගත් දෙවැනි අවස්ථාව මෙයයි.

මේ අවසන් මහා තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වීමට හැකි බව බොහෝ දෙනා පවසා සිටියත් තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල වුනේ නැහැ. අවසන් පූර්ව තරග වලදී පාකිස්තානය සහ එංගලන්තය පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් මේ අවසන් මහා තරගයට පිවිසියා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

පාකිස්තානය – Babar Azam (c), Mohammad Rizwan (wk), Mohammad Haris, Shan Masood, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Mohammad Wasim Jr, Naseem Shah, Haris Rauf, Shaheen Afridi

එංගලන්තය – Jos Buttler (wk/c), Alex Hales, Philip Salt, Ben Stokes, Harry Brook, Liam Livingstone, Moeen Ali, Sam Curran, Chris Woakes, Chris Jordan, Adil Rashid

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක Buttler පළමුව පන්දු රැකීමට තීරණය කළා. පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලය වුනු Babar සහ Rizwanගේ සබඳතාවය ලකුණු 29කට සීමා කිරීමට Curran සමත් වුනා.

Masood සහ නායක Babar එක්ව ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් මේ තරගය තුල පාකිස්තානු ඉනිමේ වාර්තා වුනු හොඳම පිතිකරණ සබඳතාවය ගොඩනංවමින් මදපෙලට යම් ස්ථාවරත්වයක් එක් කළා. එම සබඳතාවය අවසන් කරමින් Babar ලකුණු 32කට දැවී ගියා.

මැදපෙළ ස්ථාවර කිරීමට වැඩි උත්සයක් ගත Masood ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 28ක් තුල ලකුණු 38ක් ලබාගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහරක් ඇතුලත් වුනා. පාකිස්තානු ප්‍රබල තුරුම්පුවක් වන Iftikhar Ahmed පන්දු 6ක් තුල ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට හැකිවීම එංගලන්තය විශාල වාසියක් වුනා.

අවසානයේ දී Curran ඇතුළු එංගලන්ත පන්දු යවන්නන් අවසන් පන්දුවාර 5 තුල ලකුණු 31කට කඩුළු 4ක් ලෙස සටහන් කරමින් පාකිස්තානය ප්‍රබල අභියෝගයක් ලබාදීමට සමත් වුනා. අවසානයේ දී පාකිස්තානයට සිය නියමිත පන්දුවාර 20 තුල කඩුළු 8ක් දැවී ලබාගන්නට හැකියාව ලැබුනේ ලකුණු 137ක් පමණයි. පන්දු යැවීමේ දී Curran සිය පන්දුවාර 4 තුල ලකුණු 12ක්  පමණක් ලබාදෙමින් කඩුළු 3ක් දවාගත් අතර Rashid සහ Jordan කඩුළු 2 බැගින් දවාගත්තා.

ලකුණු 138ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලයේ ප්‍රහාරාත්මක සබඳතාවය පළමු පන්දුවාරය තුලම බිඳ දැමීමට Afridi සමත් වුනේ ලකුණක් ලබාගෙන සිටි Hales දවාගෙනයි. කෙසේ නමුත් පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ පීඩනයට එරෙහිව නොසැලුණු Buttler පන්දු 17ක් තුල 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 26ක් ලබාගත්තේ එංගලන්තයට ස්ථාවර සහ සාර්ථක ආරම්භයක් ලබාදෙමින්.

Rauf පාකිස්තානය වෙනුවෙන් Buttlerගේ කඩුල්ල දවාගනිමින් පාකිස්තානයට අවශ්‍යවම තිබූ කඩුල්ලක් දවාගත් අතර අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් එක්වූ Stokes සහ Brook සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42කදී ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළා.

අවසන් පන්දු 30 දක්වා පාකිස්තානය සහ එංගලන්තය අතර කරට කර සටනක් පැවති නමුත් 16 වැනි පන්දුවාරයේ පළමු පන්දුව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව Shaheen Shah Afridi ආබාධයකට ලක්වීම නිසා Iftikhar ක්‍රියාත්මක කළ අවසන් පන්දු 5ට එරෙහිව Ali සහ Stokes එක්ව ලකුණු 13ක් ලබාගනිමින් තරගයේ වාසිය නැවතත් සිය කණ්ඩායම දෙසට හරවා ගත්තා.

ඉන් නොනැවතුණු Ali සහ Stokes 17 වැනි පන්දුවාර තුලද ලකුණු 16ක් ලබාගනිමින් තවදුරටත් තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගනිමින් ලකුණු ලබාගැනීම සිදු කළා. අවසානයේ දී එක් පන්දුවාරයක් සහ තවත් කඩුළු 5ක් අතැතිව සිය ඉලක්කය හඹා යාමට එංගලන්තය සමත් වුනු අතර Stokes පන්දු 49ක් තුල නොදැවී ලකුණු 52*ක් ලබාගනිමින් සුපිරි ඉනිමක් දියත් කළා. පන්දු යැවීමේ දී Rauf කඩුළු 2ක් දවාගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Pakistan
137/8 (20)

England
138/5 (19)

Batsmen R B 4s 6s SR
Mohammad Rizwan b Sam Curran 15 14 0 1 107.14
Babar Azam c & b Adil Rashid 32 28 2 0 114.29
Mohammad Haris c Ben Stokes b Adil Rashid 8 12 1 0 66.67
Shan Masood c Liam Livingstone b Sam Curran 38 28 2 1 135.71
Iftikhar Ahmed c Jos Buttler b Ben Stokes 0 6 0 0 0.00
Shadab Khan c Chris Woakes b Chris Jordan 20 14 2 0 142.86
Mohammad Nawaz c Liam Livingstone b Sam Curran 5 7 0 0 71.43
Mohammad Wasim Jnr c Liam Livingstone b Chris Jordan 4 8 0 0 50.00
Shaheen Shah Afridi not out 5 3 1 0 166.67
Haris Rauf not out 1 1 0 0 100.00


Extras 9 (b 1 , lb 1 , nb 1, w 6, pen 0)
Total 137/8 (20 Overs, RR: 6.85)
Bowling O M R W Econ
Ben Stokes 4 0 32 1 8.00
Chris Woakes 3 0 26 0 8.67
Sam Curran 4 0 12 3 3.00
Adil Rashid 4 1 22 2 5.50
Chris Jordan 4 0 27 2 6.75
Liam Livingstone 1 0 16 0 16.00


Batsmen R B 4s 6s SR
Jos Buttler c Mohammad Rizwan b Haris Rauf 26 17 3 1 152.94
Alex Hales b Shaheen Shah Afridi 1 2 0 0 50.00
Phil Salt c Iftikhar Ahmed b Haris Rauf 10 9 2 0 111.11
Ben Stokes not out 52 49 5 1 106.12
Harry Brook c Shaheen Shah Afridi b Shadab Khan 20 23 1 0 86.96
Moeen Ali b Mohammad Wasim Jnr 19 12 3 0 158.33
Liam Livingstone not out 1 2 0 0 50.00


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 138/5 (19 Overs, RR: 7.26)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 2.1 0 13 1 6.19
Naseem Shah 4 0 30 0 7.50
Haris Rauf 4 0 23 2 5.75
Shadab Khan 4 0 20 1 5.00
Mohammad Wasim Jnr 4 0 38 1 9.50
Iftikhar Ahmed 0.5 0 13 0 26.00