Home Sinhala ඩිල්ශාන් – මහීෂ් සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!

ඩිල්ශාන් – මහීෂ් සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!

1057
Sri Lanka crowned champions of ICC Men’s Cricket World Cup Qualifier 2023
Photo Credit : Getty Images

සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා.

නෙදර්ලන්තය සමඟ අවසන් සටන වෙනුවෙන් සූදානම් කර තිබුණේ හරාරේ ක්‍රීඩාංගණයයි. තම නිජබිම නියෝජනය කරන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටියත්, අද තරගය නැරඹීමට සැලකිය යුතු තරමක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Scott Edwards මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවා. 

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නව විවේක ගන්වා තිබූ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ කණ්ඩායම සමඟ එක්වී තිබුණා. ඒ අනුව අද ඉනිම ඇරඹුණේ පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම අතිනුයි. ඔවුන් දෙදෙනා මුල් කඩුල්ලට ලකුණු 39ක් එකතු කළා. නමුත් Vikramjit Singh පන්දුව අතට ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාටම ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදු වුනා. 

අද ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් පස්දෙනාම හොඳ ආරම්භයක් ලබා ගත්තත්, ඉන් කිසිවෙකුත් දීර්ඝ ඉනිමක් කරා යාමට සමත් වුනේ නැහැ. නමුත් ඔවුන් වරෙක ලකුණු 180ට කඩුලු 3ක් පමණක් දැවී ශක්තිමත් ස්ථානයක සිටියා. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අද හතරේ පහර 5ක් සහ මිඩ්-විකට් ඔස්සේ දැවැන්ත හයේ පහරක් සමඟින් ලකුණු 43ක් රැස් කළා. 

තම එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලෙස සහන් ආරච්චිගේ ලබා ගත් ලකුණු ප්‍රමාණය 57ක්. චරිත් අසලංක ලකුණු 36 දී දුවද්දී දැවී යාමකට හසුවුනා. ශ්‍රී ලංකාව ලකුණු 300කට ආසන්න ඉලක්කයක් වෙනුවෙන් ඉව අල්ලමින් සිටියත්, සහන් ආරච්චිගේ 36 වැනි පන්දුවාරයේ දී දැවී යාමත් සමඟ ඉනිමට කණකොකා හැඬුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7ම බිඳ වැටුණේ ලකුණු 53ක් තුලයි. 

මෙම දීර්ඝ තරගාවලිය තුල පිත්තෙන් කැපී පෙනෙන යමක් කර පෙන්වීමට අපොහොසත් වූ දසුන් ශානක අදත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. ලකුණු 190ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ගෞරවාන්විත ලකුණක් කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු ද්විත්වය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයි.  

වනිඳු ලකුණු 29ක් රැස් කරද්දී, තීක්ෂණ තමන්ට හැකි පමණින් ශිල්ප දක්වමින් ලකුණු 13ක් ලබා ගත්තා. මේ නිසාම ශ්‍රී ලංකාවට තම සුපිරි පන්දු බල ඇණිය සමඟ තරගයක් දිය හැකි ඉලක්කයක් වන ලකුණු 233ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගන්නට හැකි වුනා. Van Beek, Ryan Klein, Vikramjit Singh සහ Saqib Zulfiqar කඩුලු 2 බැගින් දවා ගත්තා

තරගය ගැන සුබවාදී බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසියත්, මෙවර ලෝක කුසලානයේ භයානකම පන්දු බල ඇණිය සතු ශ්‍රී ලංකාව ඉදිරියේ නෙදර්ලන්තයට එය පහසු වුනේ නැහැ. ශ්‍රී ලංකාවේ වාසනාවකට කලකට පසු හමුවුනු වමත් වේගපන්දු තරුව වන ඩිල්ශාන් මධුශංක අද හොඳ දෝලනයක් ලබා ගනිමින් නෙදර්ලන්ත ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත්තා. 

Vikramjit යාර 30 සීමාව තුල පහතින් ලබා දුන් උඩපන්දුව චරිත් අසලංක දක්ෂ ලෙස රැක ගනිද්දී, Wesley Barresi දැවී ගියේ ඩිල්ශාන්ගේ දෝලනය තුට්ටුවකට මායිම් නොකර එල්ල කරන්නට ගිය දැවැන්ත පහර වැරදී මැද ඉන්න වට කිහිපයක් ගුවනේ පියඹා ගිය පසුවයි.

ඉන්පසු දසුන් ශානක තම දඟපන්දු බර අවිය වන වනිඳු හසරංග සටන් බිමට කැඳවූ අතර ඔහු Teja Nidamanuru කඩුලු ලබා ගන්නටත් පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තා.  

නෙදර්ලන්ත නායකයා දුවද්දී දැවී යන්නේ ඉක්මන් ලකුණකට වඩා වේගයෙන් පැතුම් නිස්සංක රැකගෙන කඩුලු රකින්නා වෙත පන්දුව යොමු කිරීම නිසයි. දණින් වැටී සිටි ශ්‍රී ලංකා ඉනිම බිමටම සමතලා කර දැමීමට මහීෂ් තීක්ෂණ අද දිනයේත් සමත් වුනා. නෙදර්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 3ම හිමිවුනේ ඔහුටයි. ශ්‍රී ලංකාව අද තරගයට පන්දු යවන්නන් සිව් දෙනෙකු පමණක් යොදාගෙන ප්‍රතිවාදී ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දැමීම විශේෂත්වයක්. 

Result


Sri Lanka
233/10 (47.5)

Netherland
105/10 (23.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Aryan Dutt b Vikramjit Singh 23 33 3 0 69.70
Sadeera Samarawickrama c Noah Croes b Vikramjit Singh 19 23 4 0 82.61
Kusal Mendis lbw b Saqib Zulfiqar 43 52 5 1 82.69
Sahan Arachchige c Logan van Beek b Saqib Zulfiqar 57 71 4 0 80.28
Charith Asalanka run out (Logan van Beek) 36 36 4 0 100.00
Dhananjaya de Silva b Ryan Klein 4 8 0 0 50.00
Dasun Shanaka c Vikramjit Singh b Logan van Beek 1 2 0 0 50.00
Wanindu Hasaranga c Max O’Dowd b Ryan Klein 29 21 2 1 138.10
Mahesh Theekshana st Scott Edwards b Aryan Dutt 13 30 0 0 43.33
Matheesha Pathirana c Noah Croes b Logan van Beek 4 11 1 0 36.36
Dilshan Madushanka not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 233/10 (47.5 Overs, RR: 4.87)
Bowling O M R W Econ
Logan van Beek 10 0 40 2 4.00
Ryan Klein 9 1 42 2 4.67
Aryan Dutt 9.5 0 51 1 5.37
Vikramjit Singh 4 0 12 2 3.00
Clayton Floyd 5 0 28 0 5.60
Saqib Zulfiqar 10 1 59 2 5.90


Batsmen R B 4s 6s SR
Vikramjit Singh c Charith Asalanka b Dilshan Madushanka 13 14 3 0 92.86
Max O’Dowd b Mahesh Theekshana 33 63 1 1 52.38
Wesley Barresi b Dilshan Madushanka 0 6 0 0 0.00
Teja Nidamanuru lbw b Wanindu Hasaranga 0 2 0 0 0.00
Noah Croes lbw b Dilshan Madushanka 7 6 1 0 116.67
Scott Edwards run out (Kusal Mendis) 1 3 0 0 33.33
Saqib Zulfiqar lbw b Wanindu Hasaranga 6 7 1 0 85.71
Logan van Beek not out 20 24 1 0 83.33
Ryan Klein lbw b Mahesh Theekshana 2 7 0 0 28.57
Aryan Dutt lbw b Mahesh Theekshana 0 2 0 0 0.00
Clayton Floyd lbw b Mahesh Theekshana 9 7 2 0 128.57


Extras 14 (b 4 , lb 1 , nb 0, w 9, pen 0)
Total 105/10 (23.3 Overs, RR: 4.47)
Bowling O M R W Econ
Dilshan Madushanka 7 1 18 3 2.57
Mahesh Theekshana 6.3 1 31 4 4.92
Wanindu Hasaranga 7 1 35 2 5.00
Matheesha Pathirana 3 0 16 0 5.33



මේ අනුව නෙදර්ලන්ත ඉනිම අද ලකුණු 105කට නිමා වුනා. සමස්ත තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 සීමාව පසුකර යාමට සමත් වූ එකම කණ්ඩායම වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණයි. තරගයේ වීරයා ලෙස වටිනා කඩුලු 3ක් ඉක්මනින්ම බිඳ දමා ජයග්‍රහණයේ දොරටු විවර කරදුන් ඩිල්ශාන් මධුශංක සම්මාන දිනා ගත්තා. 

තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ සීමිත තරග ගණනක දී ලකුණු 600ක් එකතු කර ගත් Sean Williamsයි. ඔහු අද හරාරේ වල රැඳී නොසිටි නිසා ඔහු වෙනුවෙන් Sikandar Raza සම්මානය ලබා ගත්තා.

කුසලානය දිනා ගනිමින් නායක දසුන් ශානක උද්‍යෝගයෙන් තරග නැරඹීමට පැමිණි සිම්බාබ්වේ ප්‍රේක්ෂකයින්ට ස්තූති කරමින් සඳහන් කළේ, තමන් සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට අවශ්‍ය කණ්ඩායමක් නොවන බව ලොවට හඬ නගා කීමට තම ක්‍රීඩකයින්ට අවශ්‍ය වූ බවයි. 

අනෙක් අතින් මෙම තරගාවලිය හරහා එක්දින කණ්ඩායමේ ස්ථාන කිහිපයක් සඳහා ගැලපෙන ක්‍රීඩකයින් සොයා ගැනීමට හැකි වූ අතර දිමුත් සහ සදීර ඒ අතරින් සුවිශේෂී වෙනවා. අනෙක් අතින් වනිඳු සහ මහීෂ් වෙනදාට වඩා උපක්‍රමශීලීව පන්දු යැවීමත්, ඩිල්ශාන් සතු දෝලනයත් නිසා මීලඟ ලෝක කුසලානය ගැනත් ප්‍රේක්ෂකයින්ගේ සිතේ මෝදු වීගෙන එන්නේ සුබවාදී නැවුම් බලාපොරොත්තුවක්. 

තවත් ක්‍රීඩා පුවත් වල උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම! 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<