මොහොමඩ් රූමි රාජකීය විද්‍යාලයට?

895

මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු මොහොමඩ් රූමි කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු තනතුරු බාර ගැනීමට නියමිතව සිටින බව ThePapare.com හට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වේ.

ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සටනට දිනය තීන්දුයි!

2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි..

සහිරා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම් සෑම වසරකම පාහේ ශූරතා දිනා ගනිමින් ‘Kings of Football’ යන අන්වර්ථ නාමය ද හිමිකර ගැනීමට සමත් වුවත්, විද්‍යාලය තුළ පාපන්දු ක්‍රීඩාවට ලැබිය යුතු ප්‍රමුඛතාවය සහ කීර්තිය නොලැබීම හේතුවෙන් එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන මොහොමඩ් රූමි අසතුටෙන් පසුවන බව වාර්තා වේ.

අනෙක් පසින් කොළඹ රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අශෝක රවීන්ද්‍රගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරනු ලබන අතර ඔවුන් 2015 වසරේ දී වයස අවුරුදු 19න් පහළ 2 වන කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වීමත් සමඟ පළමු කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරනු ලැබූ වසර 2 තුළ ඉහළ දක්‍ෂතා දැක්වීමට ඔවුන් අසමත් වී ඇති අතර ඒ අනුව තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වට දක්වා ද සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

කෙසේ නමුත් සහිරා විද්‍යාලය 2017 වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ පළමු වටයේ දී සිය කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගනිමින් පිළිමළුන් පිටුදැකීමේ වට දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔවුන්ට පුහුණුකරුවෙක් නොමැතිව අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දීමට සිදුවනු ඇත.  

ශ්‍රී ලංකා පාපන්දුලෝලීන්ට දුර්ලභ අවස්ථාවක්

පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන ලෝක කුසලාන ශූරතාවය ලොව පුරා රැගෙන..

පාපන්දු ක්‍රීඩාවේ ඉතා දක්‍ෂ පුහුණුකරුවෙක් වන රූමි කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අඛණ්ඩව වසර 2ක දී ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය කරා මෙහෙයවන්නට සමත් වූ අතර මේ වන විට එහි තෙවන ශූරතාවය ද හඹායමින් පසුවෙයි. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ද ඔහුව යොදා ගැනීමට වැඩි ඉඩකඩක් ඇත.

රූමි 2010 වසරේ දී සහිරා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කළ අතර එතැන් පටන් ඔහු ශූරතා ගණනාවක් කරා විද්‍යාලයීය කණ්ඩායම් මෙහෙය වන්නට සමත්ව ඇත. 2014 සහ 2016 වසර වල කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහළ පාපන්දු ශූරතාවලියේ ශූරතාවය, 2011, 2012, 2014 සහ 2015 වසරවල දී සමස්ත ලංකා පාසල් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ පාපන්දු ශූරතාවය, වයස අවුරුදු 19න් පහළ පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය එම ජයග්‍රහණ අතරට ඇතුළත් වේ. එමෙන්ම තවදුරටත්, ඔහුගේ ගුරුහරුකම් ජාතික තලයේ මෙන්ම ක්‍රීඩා සමාජ තලයේ ද ඉතා දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයින් බිහිකරන්නට ඉවහල් වී ඇත.   

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<