ICC දශකයේ කණ්ඩායම්වලට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

375

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දශකයේ පිරිමි ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන මෙන්ම දශකයේ විස්සයි විස්ස කාන්තා කණ්ඩායමට අදාළ ක්‍රීඩිකාවන් නිල වශයෙන් අද (27) දිනයේ දී ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් සංචිත තුනක් සඳහා ඇතුලත්ව සිටියි.

මෙහි විස්සයි විස්ස සංචිතය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් සිව්දෙනෙක්, ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වෙද්දී ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් බැගින් ඇතුලත්ව ඇත. ඒ සඳහා ඇතුලත්ව තිබෙන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංග පමණි. එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ MS Dhoni හටයි.

ICC දශකයේ පිරිමි විස්සයි විස්ස කණ්ඩායම –  Rohit Sharma, Chris Gayle, Aaron Finch, Virat Kohli, AB de Villiers, Glenn Maxwell, MS Dhoni (c), Kieron Pollard, Rashid Khan, Jasprit Bumrah, Lasith Malinga.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම MS Dhoniගේ නායකත්වයෙන් යුත් ICC දශකයේ පිරිමි එක්දින කණ්ඩායම සඳහා ද ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුලත්ව සිටින අතර ඊට අමතරව Micthell Starc, New Zealand’s Trent Boult යන වේගපන්දු යවන්නන් මේ කණ්ඩායම සඳහා ඇතුලත්ව ඇත.

පිතිකරුවන් ලෙස ඉන්දියාවේ Rohit Sharma සහ Virat Kohli ඇතුළත් වෙද්දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක AB de Villiers සහ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan ද මේ සංචිතය තුල සිටින අතර එංගලන්තය වෙනුවෙන් Ben Stokes මේ ICC දශකයේ පිරිමි එක්දින කණ්ඩායම සඳහා තේරී තිබේ.

ICC දශකයේ පිරිමි එක්දින කණ්ඩායම –  Rohit Sharma, David Warner, Virat Kohli, AB de Villiers, Shakib Al Hasan, MS Dhoni (c), Ben Stokes, Mitchell Starc, Trent Boult, Imran Tahir, Lasith Malinga.

ලසිත් මාලිංග ICC දශකයේ පිරිමි එක්දින සහ විස්සයි කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන විට ICC දශකයේ පිරිමි ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර පමණි. ICC දශකයේ ක්‍රිකට් කණ්ඩායම් තුනම සඳහා ඇතුළත් වන එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන Virat Kohli හට විස්සයි විස්ස සහ එක්දින යන සංචිතවල නායකත්වය නොලැබුණු නමුත් ICC දශකයේ පිරිමි ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිනා ගැනීමට Virat Kohli හට වරම් ලැබී තිබේ.

ICC දශකයේ පිරිමි ටෙස්ට් කණ්ඩායම – Alistair Cook, David Warner, Kane Williamson, Virat Kohli (c), Steve Smith, Kumar Sangakkara, Ben Stokes, Ravi Ashwin, Dale Steyn, Stuart Broad, James Anderson.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දශකයේ විස්සයි විස්ස කණ්ඩායමක් නම් කිරීමට ICC පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Meg Lanningගේ නායකත්වයෙන් යුතුව නම් වූ මේ සංචිතය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකට ඇතුළත් වීමට වරම් ලැබී නැත.

ICC දශකයේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම – Alyssa Healy, Sophie Devine, Suzie Bates, Meg Lanning (c), Harmanpreet Kaur, Stafanie Taylor, Deandra Dottin, Ellyse Perry, Anya Shrubsole, Megan Schutt, Poonam Yadav

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<