ඩයලොග් ලීග් ශූරතාවයේ වෙනසක්

256

නොබොදිනකින් ආරම්භ වීමට නියමිත “ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය” සඳහා නවතම ආකාරයේ තරග ආකෘතියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් හා තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය තරග වාරය ද ඇතුළුව අඛණ්ඩව සිව්වරක් ශූරතාවය දිනූ මහනුවර ක්‍රීඩා සමාජය

2012 වසරේ දී ජාතික රග්බි දින දර්ශනය ප්‍රධාන ලෙස නවතාවයකට භාජනය විය. ඒ 15දෙනාගේ ලීග් තරගාවලියක් සහ සත් සාමාජික තරගාවලියක් වශයෙනි. සති 14ක කාලයක් පුරා, වට දෙකක් ලෙස ලීගය ක්‍රියාත්මක වේ.

විරෝධය නොතකා විදෙස් ක්‍රීඩකයින් මෙරටට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ලසිත ගුණරත්න මහතාගේ පොරොන්දුවකට අනුව ශ්‍රී …

මෙම වසරේ යෝජනා වූ තරග සැලැස්මට අනුව තවත් අතිරේක වට දෙකක් තරගාවලියට ඇතුලත් වීමට නියමිතයි. ඒ ශූරතා කුසලාන හා ඵලක ශූරතා වශයෙනි.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න  මහතා නව සැලැස්ම සම්බන්ධයෙන් ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

“අපි අලුත් තරග රටාවක් හඳුන්වා දෙනවා, එහි දී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 කුසලානය වෙනුවෙන් ද, අග ස්ථාන 4 ඵලක ශූරතාවය වෙනුවෙන් ද තරග වදිනවා.”

පැවැත්වූ අවසන් සභා රැස්වීමේ දී ඔවුන් සති 14කින් පසු කුසලාන අවසන් පූර්ව වටය සඳහා වන තරග පැවැත්වීමට තීරණය කර ඇත. ක්‍රීඩා සමාජ ලබා ඇති ස්ථානයන් මූලික කොට  අවසන් පූර්ව තරග සටහන ක්‍රියාත්මක වනු ඇත. ඒ හා සමගාමීව ඵලක ශූරතාවය ද එවැනිම වූ ස්ථානය මූලික කොට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පොලිස් කණ්ඩායම සමඟින් මහනුවර ක්‍රීඩා සමාජය තරග වදින මොහොතක්

කුසලාන සහ ඵලක ශූරතාවය සඳහා අවසන් පූර්ව තරග පැවැත්වෙන ආකාරය

කුසලාන අවසන් පූර්ව වටය

  • පළමු අවසන් පූර්ව තරගය – ලීගයේ 1 ස්ථානය සහ ලීගයේ 4 ස්ථානය
  • දෙවන අවසන් පූර්ව තරගය-ලීගයේ 2 ස්ථානය සහ ලීගයේ 3 ස්ථානය
  • ශූරතා කුසලාන අවසන් තරගය: පළමු අ. පූ. ජයග්‍රාහකයා සහ දෙවන අ. පූ. ජයග්‍රාහකයා

ඵලක අවසන් පූර්ව වටය

  • පළමු අවසන් පූර්ව තරගය – ලීගයේ 5 ස්ථානය සහ ලීගයේ 8 ස්ථානය
  • දෙවන අවසන් පූර්ව තරගය – ලීගයේ 6 ස්ථානය සහ ලීගයේ 7 ස්ථානය
  • ඵලක ශූරතා අවසන් තරගය: පළමු අ. පූ. ජයග්‍රාහකයා සහ දෙවන අ. පූ. ජයග්‍රාහකයා

තීරණය කළ පරිදි පසුගිය ලකුණු සටහනේ අග ස්ථාන 4හි රැඳුණු කණ්ඩායම් සඳහා විදෙස් ක්‍රීඩකයන් ද සහභාගී වීමට නියමිත අතර තරගාවලිය එළඹෙන නොවැම්බරයේ ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<