ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන ඉහළට

2024-2031 වසර සඳහා වන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි

273

ICC ක්‍රිකට් විධායක කමිටුවේ හමුවක් ඊයේ (1) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුනා. එහි දී 2024-2031 වසර සඳහා වන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි පිළිබඳව වැඩි අවධානයක් යොමු වුනා. 

අවසානයේ දී පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන වැඩි කර ගැනීමටත්, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය නැවත පැවැත්වීමටත් එහි දී තීරණය වී තිබෙනවා.

ඒ අනුව 2027 වසරේ දී සහ 2031 වසරේ දී පැවැත්වෙන පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වීමට නියමිත අතර එහි දී තරග 54ක් පැවැත්වෙනු ඇත. එසේම 2024, 2026, 2028 සහ 2030 යන වසරවල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 20 දක්වා වැඩි කර ගැනීමට තීරණය වී තිබෙනවා.

තවද 2017 වසරේ දී අවසන් වරට පැවැත්වුණු ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 සහ 2029 යන වසරවල දී නැවත වරක් පැවැත්වීමට තීරණය වීම මෙහි දී ගනු ලැබූ තවත් සුවිශේෂී තීරණයක් වෙනවා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් වසර දෙකකට වතාවක් එහි අවසන් මහා තරගයක් පැවැත්වෙනු ඇති අතර 2024-31 කාල වකවානුව තුල ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අවසන් මහා තරග 4ක් (2025, 2027, 2029, 2031) පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත්:

තවද කාන්තා ක්‍රිකට් සලකා බැලීමේ දී එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක් (2025, 2029), විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා තරගාවලි 4ක් (2024, 2026, 2028, 2030)ක් සහ  ශූරයින්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් (2027 සහ 2031) පැවැත්වීමට සැලසුම් කතර තිබෙනවා.

2027 වසරේ සිට පැවැත්වෙන ICC පිරිමි ලෝක කුසලාන එක්දින තරගාවලිවල දී කණ්ඩායම් 7ක් කාණ්ඩ දෙකක් යටතේ තරග කොට එම කාණ්ඩ දෙකේ පළමු ස්ථාන තුන දිනා ගන්නා කණ්ඩායම් 6ක් සුපිරි 6 දෙනාගේ තරග වටය සඳහා තේරී පත්වනවා.

පසුව එහි දී ඒ ඒ කණ්ඩායම් දක්වන දස්කම් අනුව අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගවලට කණ්ඩායම් සුදුසුකම් ලබාගනු ඇත. ඒ අනුව එම ලෝක කුසලාන තරගාවලිවල දී අර්ධ අවසන් පූර්ව වටයක් දැක ගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වුණේ එවැනි අකාරයේ තරග ආකෘතියකට අනුවයි.

එසේම 2024 සිට පැවැත්වෙන ICC පිරිමි ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිවල දී කණ්ඩායම් 5ක් කාණ්ඩ හතරක් යටතේ තරග කොට ඒ සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක බැගින් කාණ්ඩ 4න් කණ්ඩායම් 8ක් සුපිරි අට වටය සඳහා පැමිණෙනවා. පසුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙස එය ඉදිරියට යනු ඇත.  

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ද 2017 වසරේ දී මෙන් කණ්ඩායම් 4 බැගින් වුනු කාණ්ඩ දෙකක් යටතේ මූලික වටය පවත්වා එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. පසුව එහි අවසන් මහා තරගය පැවැත්වෙනවා.

2024-2031 වසර සඳහා වන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි මෙසේයි,

2024 සිට 2031 දක්වා පැවැත්වෙන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි – පිරිමි

  • 2024: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2025: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2025: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2026: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2027: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2027: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2028: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2029: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2030: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2031: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2031: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.

2024 සිට 2031 දක්වා පැවැත්වෙන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි – කාන්තා

  • 2024: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 10, තරග 23යි
  • 2025: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 31යි
  • 2026: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 12, තරග 33යි
  • 2027: ශූරයින්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6යි, තරග 16යි
  • 2028: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 12, තරග 33යි
  • 2029: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 10යි, තරග 48යි
  • 2030: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 12, තරග 33යි
  • 2031: ශූරයින්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6යි, තරග 16යි

2024 සිට 2031 දක්වා පැවැත්වෙන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි – වයස අවුරුදු 19න් පහළ කාන්තා සහ පිරිමි

  • 2024 සිට 2031 දක්වා පැවැත්වෙන ICC ප්‍රධාන ක්‍රිකට් තරගාවලි – පිරිමි
  • 2024: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2025: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2025: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2026: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2027: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2027: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.
  • 2028: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2029: ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 8යි, තරග 15යි
  • 2030: විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 20, තරග 55යි
  • 2031: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 14යි, තරග 54යි
  • 2031: ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය – කණ්ඩායම් 2යි, තරග 1යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<