වැටුප් සම්බන්ධයෙන් ICCයෙන් විශේෂ තීරණයක්

651
MELBOURNE, AUSTRALIA - MARCH 08: Meg Lanning of Australia and team mates celebrate with the ICC T20 Trophy after winning the ICC Women's T20 Cricket World Cup Final match between India and Australia at the Melbourne Cricket Ground on March 08, 2020 in Melbourne, Australia. (Photo by Cameron Spencer/Getty Images)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන තරගාවලි සඳහා කාන්තා සහ පිරිමි කාණ්ඩ දෙකටම එක සමාන මුදලක් ඉදිරියේ දී ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම ICC තරගාවලි අවසන් කරන ස්ථානය අනුව ලැබෙන මුදල සහ තරග ජයග්‍රහණය සඳහා ලැබෙන මුදල සමාන වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ICC විධායක නිලධාරි Gerg Barclay ප්‍රකාශ කළේ,

“මෙය අපේ ක්‍රීඩා ඉතිහාසයේ ඉතා වැදගත් තීරණයක් වන අතර ඒ අනුව ICC තරගාවලි ක්‍රීඩා කරන කාන්තා කණ්ඩායම්වලට පිරිම කණ්ඩායම්වලට හිමි වෙන ප්‍රතිලාභම හිමි වෙනවා.

2017 සිට අපි කාන්තා කණ්ඩායම්වලට ලබා දෙන මුදල ඉහළ නැංවූ අතර අපේ බලාපොරොත්තුවේ දෙපාර්ශවයටම සම තැනක් දෙන්න. අපි දැන් ඒ ඉලක්කයට ඇවිත් තියෙනවා. ඒ අනුව කාන්තා ලෝක කුසලාන ජයග්‍රාහකයින්ට පිරිමි ජයග්‍රාහකයින්ට හිමි වෙන මුදලම හිමි වෙනවා. ඒක 19න් පහළ සහ විස්සයි විස්ස තරගවලටත් අදාලයි.

ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම කෙනෙකුට එක සමාන ප්‍රතිලාභ ලබා දිය යුතු නිසයි අපි මේ තීරණය ගත්තේ.”

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරි වසර හතර සඳහා ඉතිහාසයේ සිදු කළ ඉහළම ආයෝජනය සිදු කරන බව තහවුරු කළ අතර ඔවුන් මීට පෙර ඉදිරිපත් කළ පරිදි සෑම කණ්ඩායමක් සඳහාම ප්‍රතිලාභ හිමි වෙනවා.

“අපගේ විකාශන අයිතිය ඇතුළු දේවල් වලින් ලැබූ ඉහළ සාර්ථකත්වය නිසා ඉදිරි වසර සඳහා වාර්තා ගත මුදලක් ආයෝජනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. සියලු සාමාජිකයින්ට මූලික මුදලක් හිමි වන අතර පිටියේ සහ ඉන් පිටත ඔවුන් දක්වන දායකත්වය අනුව අමතර ආදායමක් හිමි වෙනවා.

මෙය මෙතෙක් අපි කළ විශාලතම ආයෝජනය වන අතර එය අපගේ සාමාජිකයින්ට වරක් ලැබෙන විශාලතම අවස්ථාවක්. මේ මඟින් ක්‍රීඩකයින්ගේ සහ රසිකයින් අතර තරගකාරිත්වය වැඩි වෙනවා.”

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තවත් වෙනස්කම් සහ රෙගුලාසි කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

ඉදිරියේ දී තරගාවලියක දී ක්‍රීඩා කරන කණ්ඩායම නියමිත කාලයට පෙර නම් කිරීම අනිවාර්ය වන අතර කණ්ඩායමට සහය වීමට දේශීය සහ ආශ්‍රිත සාමාජිකයින් හත් දෙනෙක් සිටිය යුතුයි. මෙය ක්‍රීඩාවේ වර්ධනය සඳහා ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරනවා.

එමෙන්ම ටෙස්ට් තරගවල පන්දුවාර වේගය පවත්වා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් ලබා දී තිබෙන අතර අඩු පන්දුවාර වේගය සඳහා ක්‍රීඩකයින්ට 5% සිට 50% දක්වා දඩ ගැසීමට අවසර හිමි වෙනවා. එමෙන්ම කණ්ඩායමක් පන්දුවාර 80ට පෙර ප්‍රතිවාදීන් දවා ගැනීමට සමත් වුවහොත් පන්දුවාර වේගය නොසලකා හරින බව ද සඳහන්.

නව වෙනස්කම් සහ ටෙස්ට් ක්‍රීඩාව පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රීඩක Sourav Ganguly ප්‍රකාශ කළේ,

“ලෝක ටෙස්ට් ශූරතාවය නිසා ටෙස්ට් ක්‍රීඩාවේ නව උන්මාදයක් ඇති වෙලා තියෙනවා. අවසන් ටෙස්ට් තරග 69න් 12ක් පමණයි ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙන්නේ. අපි මේක දිගටම තියා ගන්න ඕන, ඒ නිසා අපි පන්දුවාර වේගය ගැන විශාල ලෙස සැලකිලිමත් වෙනවා.

පිරිමි ක්‍රිකට් කමිටුව මෙම පන්දුවාර වේගය ගැන විශාල ලෙස සැලකිලිමත් වනවා වගේම ඒ නිසා කණ්ඩායම් වලට ප්‍රසාද ලකුණු අඩු වුනත් ක්‍රීඩකයින්ගේ ගාස්තුවෙන් 100%ක් අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රිකට් වල රඳවා ගෙන මෙම පන්දුවාර වේගය නිවැරදි කර ගන්න ලැබෙයි කියලා.”

එමෙන්ම මෙම වෙනස්කම් සඳහා එකඟ වන බව සහ නව ටෙස්ට් ලෝක ශූරතාවයේ සිට ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව එකඟව තිබෙනවා.

ICC නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<