දසුන් ඇමරිකාවට

Major League Cricket 2023 t

10633

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක හට මෙම මාසයේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත Major League විස්සයි විස්ස ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබෙනවා.  

තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී දසුන් ශානකව Seattle Orcas කණ්ඩායම විසින් ගිවිසුම් ගත කර ගැනීමට කටයුතු කළා. 

මෙම තරගාවලිය සඳහා දසුන් ශානකට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද තේරී පත්ව සිටියත්, වසරකට ලීග් තරගාවලි දෙකකට පමණක් අවසර ලබා දීමේ තීරණය මත ඔවුන් දෙදෙනාට මෙම තරගාවලියට සහභාගී වීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා. 

නමුත් පසුව එම තීරණය වෙනස් කරමින් දසුන් හට තරගාවලිය ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙන අතර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ක්‍රීඩා කළ දසුන් සිම්බාබ්වේ සිට ඇමරිකාව බලා පිටත් වීමට නියමිතයි.  

තරගාවලියට තේරී පත් වූ අනෙක් ක්‍රීඩකයා වන වනිඳු නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔහු පෙර සැලසුම් කර පරිදි තරගාවලියට සහභාගී වන්නේ නැහැ.  

ඇමරිකා එක්සත් ජනපදය විසින් පළමු වරට සංවිධානය කරන මෙම Major League Cricket ක්‍රිකට් තරගාවලිය ජූලි 13 ආරම්භ වීමට නියමිතයි. 

දෙස් විදෙස් ලීග් තරග පිටියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<