IPL පිටියේ වටිනාම කණ්ඩායම අනාවරණය කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

1991

Lucknow Super Giants සහ Gujarat Titans යන කණ්ඩායම් එක්වීමත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාකම විශාල ලෙස ඉහළ ගිය අතර පසුගිය වසරේ දී එහි විකාශන වටිනාකම ද ඉන්දීය කෝටි 48390ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගියා.

මෙම තරගාවලියේ වටිනාකම තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර සමීක්ෂණයකට අනුව පසුගිය වසරේ දී එහි සන්නාම වටිනාකම 80%ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.2) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායමේ වටිනාකම පසුගිය වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 212ක් ලෙස ගණන් බලා ඇති අතර ඉහළම වටිනාකම සහිත කණ්ඩායම වන්නේ එයයි.

Chennai Super Kings සහ Punjab Kings අතර වටිනාකමේ පරතරය ඩොලර් මිලියන 90ක් වන අතර තරගාවලියට අලුතින් එක් වූ Lucknow Super Giants සහ Gujarat Titans කණ්ඩායම්වල වටිනාකම් සලකා බලා නැහැ.

“අපි ව්‍යාපාර වටිනාකම් තක්සේරු කරන්නේ නැහැ, අපි කරන්නේ සන්නාම නාමයන් වල වටිනාකම තක්සේරු කරන එකයි,” සමීක්ෂණය සිදු කළ Houlihan Lokey ආයතනයේ උපසභාපති Harsh Talikoti ප්‍රකාශ කළා.

“Chennai Super Kings කණ්ඩායමට වාර්තාගත ආදායමක් හිමි වන්නේ ඔවුන්ගේ ජයග්‍රාහී රටාව සහ නැවත කැඳවීම නිසයි. ඒ වගේම MS Dhoni නිසා අනුග්‍රාහකයින් ඇතුළු විශාල වටිනාකම් රැසක් ඔවුන්ට හිමි වෙනවා”

එමෙන්ම නිමා වූ තරගාවලියේ CSK, RCB, සහ MI කණ්ඩායම් ක්‍රීඩා කිරීමේ දී නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබූ අතර අවසන් මහා තරගය Jio Cinema ඔස්සේ මිලියන 32ක පිරිසක් නරඹා තිබුණා.

තරගාවලියට එක් වූ නව කණ්ඩායම් දෙකෙන් අවස්ථා දෙකක දී අවසන් මහා තරගයට පැමිණි Gujarat Titans (ඩොලර් මිලියන 120) කණ්ඩායමේ වටිනාකම Lucknow Super Giants (ඩොලර් මිලියන 83) කණ්ඩායමට වඩා වැඩි බව ද හෙළි වෙනවා.

ඩොලර් මිලියන 195ක වටිනාකමක් සහිතව Royal Challengers Bangalore කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් පසුගිය වසරට වඩා 52.3%ක වටිනාකම් වර්ධනයකට ලක්ව තිබෙනවා.

“මෙම දශකයේ හොඳම පිතිකරුවා ලෙස සැලකෙන Virat Kohli මෙම කණ්ඩායමේ සිටීම වටිනාකම ඉහළ යාමට විශාල හේතුවක් වන අතර ඒ සමඟ කණ්ඩායමට ඉතා හොඳ අනුග්‍රාහකයින් ලබා ගැනීමට හැකිව තිබෙනවා. මෑත කාලයේ කටාර් ගුවන් සමාගම

සමඟ ඇති කර ගත් ගිවිසුම එයට හොඳ සාධකයක් වෙනවා,” යැයි එම වාර්තාවේ සඳහන් වුනා.

තරගාවලියේ ශූරතාවය පස් වරක් දිනා ගැනීමට සමත් වූ MI කණ්ඩායම ඩොලර් මිලියන 190ක වටිනාකමක් සමඟ මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර එය පසුගිය වසරට වඩා 34.8%ක වර්ධනයක් වෙනවා.

“දස්කම් අතර සිටීම තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ නරඹන්නන් ඉහළ යාමට විශාල ලෙස බලපාන්නේ. 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය මුම්බායි කණ්ඩායම දිනා ගනිද්දී, ඔවුන්ට තමයි වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබ්බේ. ඒ නිසා දස්කම් දක්වන ආකාරය මෙම නරඹන්නන් සමඟ ඉතා හොඳින් සම්බන්ධ වෙනවා,” යැයි ITW Consulting හී විධායක නිලධාරි Bhairav Shanth ප්‍රකාශ කළා.

මෙම ලැයිස්තුවේ හතරවැනි ස්ථානය ඩොලර් මිලියන 181ක වටිනාකමක් සහිත KKR කණ්ඩායමට හිමිව තිබෙන අතර 2010 වසරේ දී වටිනාම සන්නාමය සහිත කණ්ඩායම වූයේ ඔවුනුයි.

Rajasthan Royals (ඩොලර් මිලියන 120) හයවැනි ස්ථානයේත්, Delhi Capitals, Sunrisers Hyderabad සහ PBKS කණ්ඩායම් පිළිවෙළින් 5,7 සහ 9 වැනි ස්ථානවල පසු වෙනවා.

කණ්ඩායම් වටිනාකම් වෙනස් වූ ආකාරය,

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<