රණජයපුර ගිනි තැබුණු තණතීරු අතුරණයට අලුත් එකක්

205

පසුගිය 13 වැනිදා කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් තණතීරු අතුරණය (මැටින්) සඳහා යම් කිසි පිරිසක් විසින් ගිනි තබා එම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් අඩපණ කර තිබූ අතර එම මාධ්‍ය වාර්තාව පිළිබඳ අවධානය යොමු කළ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අද (15) එම විද්‍යාලයට නව තණතීරු අතුරණයක් ලබා දීම සිදු කර තිබේ.

එම පුවත දැන ගත් වහාම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අගතියට පත්වූ කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙන අතර ඒ අනුව ඔවුන් අද උදෑසනම එම ස්ථානය සඳහා පැමිණ ඇත.

තවත් කියවන්න

එහි දී ඔවුන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ක්‍රීඩකයින් මුහුණ දුන් තත්වය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඔවුන්ට නව තණතීරු අතුරණයක් (මැටින්) ලබා දීමට කටයුතු කරන ලදි. එමෙන්ම නව ක්‍රිකට් භාණ්ඩ කට්ටල ඇතුළත් බෑග් 02ක් ද ලබා දෙන ලදි. පසුව එම උපකරණ සමග කැකිරාව බලා යාමට ඔවුන් හට අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සලසා දී ඇත. 

ඉදිරියේ දී එම දරුවන් හට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් හට උපදෙස් දෙන ලදි. මෙම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<