KKR අසාර්ථක වෙන්න හේතුව මම නෙමෙයි – ගංගුලි

921
Sourav Ganguly

2008 වසරේ ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී “Prince of Kolkata” ලෙස නම් දැරූ සුපිරි ක්‍රීඩක සෞරව් ගංගුලි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. 

සුපිරි ක්‍රීඩක ගංගුලි කණ්ඩායම මෙහෙයවූ නිසාම KKR ප්‍රේක්ෂකයින්, ඔවුන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වේ යැයි බලාපොරොත්තු වුනා. නමුත් KKR කණ්ඩායම එම තරග වාරයේ දී අසාර්ථක වූ අතර ඔවුන් තරගාවලිය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේයි. 

කණ්ඩායමේ කළමනාකාරිත්වය සමඟ ගංගුලි ගැටුම් ඇති කර ගත් අතර KKR පුහුණුකරු වූ John Buchananගේ එක් නායකයෙක් වෙනුවට නායකයින් කිහිපදෙනෙක් වැඩ පිළිවෙළ ද පළමු තරගවාර කිහිපයේ දී අසාර්ථක වුනා. 

නායකත්වයෙන් තමා ඉවත් කිරීම සැලසුම්සහගත වැඩක් – ගංගුලි

2005 වසරේ දී තමා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා

KKR කණ්ඩායම දෙවන තරග වාරයේ දී Buchanan පුහුණුකරු ධුරයෙන් ඉවත් කළා. තුන්වැනි අදියරේ දී ගංගුලි නැවත නායකයා ලෙස කණ්ඩායමට පැමිණියත්, නයිට් රයිඩර්ස් කණ්ඩායමට එවරත් පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 2011 වසරේ දී ගෞතම් ගාම්භීර් කණ්ඩායමේ නායකත්වය භාර ගත් අතර 2012 හා 2014 වසරවල දී ඔවුන් IPL කිරුළ දිනා ගන්නට සමත් වුනා. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහභාගී ලෙස කටයුතු කරන ගංගුලි KKR කණ්ඩායමේ දී තමන් මුහුණ දුන් ගැටලු පිළිබඳ සිය හඬ අවදි කරමින් පවසා සිටියේ කණ්ඩායම මෙහෙයවන්නට තමන්ට නිදහස ලබා දෙන ලෙස තමන් ශාරුක් ඛාන්ගෙන් ද ඉල්ලා සිටි බවයි.

“මම දැක්කා ගෞතම් ගාම්භීර් කියලා තියෙනවා, ශාරුක් ඛාන් තමන්ට කිව්වා කියලා මේක ඔයාගේ කණ්ඩායම මම ඔයාට බාධා කරන්නේ නැහැ කියලා. ඒක තමයි මම ශාරුක් ඛාන්ට පළමු තරග වාරයේ දී කිව්වේ. මට නිදහස දෙන්න කියලා. නමුත් එක සිදු වුනේ නැහැ” ගංගුලි Gautam Bhattacharjee සමඟ සංවාදයකට එක්වෙමින් පවසා තිබුණා. 

පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය තවත් පස්සට

අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙම

“හොඳම IPL කණ්ඩායම් ක්‍රීඩකයින්ට පූර්ණ නිදහස ලබා දුන්නා. චෙන්නායි සුපර්කිංග්ස් බලන්න එම්. එස්. දෝනි තමයි ඒ කණ්ඩායම මෙහෙයවන්නේ. මුම්බායි කණ්ඩායමේත් එහෙමයි. කවුරුත් රෝහිත් ශර්මාට කියන්නේ නැහැ ගිහින් මේ මේ ක්‍රීඩකයින් තෝරාගන්න කියලා” ගංගුලි පවසා සිටියා.

“අපි හිතපු විදිය තමා අපිට ලොකුම ගැටලුව වුනේ. පුහුණුකරු (John Buchanan) සිතුවා අපිට නායකයින් හතරක් ඕනේ කියලා. ඔහු සිතුවා මට නායකයෝ හතරක් දෙන්න මම දිනලා පෙන්නන්නම් කියලා.”

“පුහුණුකරු එක්ක ගැටලු පටන් ගත්තේ පළමු තරග වාරයේ අවසානයට වෙන්නයි. ගැටලුව වුනේ මම නෙවෙයි. අපි නායකයෝ පත් කරගත්ත විදිහෙයි ගැටලුව තිබුණේ. අපිට බ්‍රෙන්ඩන් මැකලම් හිටියා, අපිට පන්දු යවන්නන්ගේ නායකයෙක් හිටියා මම දන්නේ නෑ තව මොනවා මොනවට නායකයෝ හිටිය ද කියලා” ගංගුලි පවසා සිටියා.

ගෞතම් ගාම්බීර් පසුගිය දිනෙක පවසා තිබුණේ කණ්ඩායමේ අයිතිකරු ශාරුක් ඛාන් තමන්ට සෑහෙන නිදහසක් ලබා දුන් බවයි. මේ ඔයාගේ කණ්ඩායම, ඔයාට කැමති දෙයක් කරන්න, මම ඔයාට බාධා කරන්නේ නැහැ කියල ඔහු කිව්වා. මමත් ඔහුට එක් පොරොන්දුවක් වුනා. මම දන්නේ නැහැ මොනවා වෙයි ද කියලා. හැබැයි මම මෙහෙන් යද්දී, වසර තුනකින් ද හයකින් ද අදාළ නැහැ මේ කණ්ඩායම හොඳ තැනක තියලා තමයි මම යන්නේ” ගාම්බීර් පවසා තිබුණා.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නාට වටෙන්ම දොස්මුර!

තම රට තුල වෙසෙන සුදු ජාතික ගොවි මහත්වරුන් ඉලක්ක

ගංගුලි තුන්වැනි තරග වාරයේ දී පූනේ වෝරියර්ස් ඉන්දියා කණ්ඩායමට එක්වුණා. පසුව ඔහු 2012 වසරේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර මේ වන විට ගංගුලි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<