පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය තවත් පස්සට

233

අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙම මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද, තරගාවලි ව්‍යුහය තුළ සිදු කරන ලද ඇතැම් සංශෝධන පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු නිසාවෙන් සැලසුම් කර ගත් දිනවල දී තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

කොරෝනාවට හසු වූ දේශීය ක්‍රිකට් පිටිය නැවතත් දළුලයි

CODIV-19 වසංගත තත්ත්වය හේතුවෙන් අතරමඟ නතර කර දැමුණු තරගාවලිය යළි ආරම්භ කිරීමේ දී තරගාවලියේ තරග නීති රීති සහ තරගාවලි ව්‍යුහයේ සංශෝධන කීපයක් සිදු කළ යුතු බැවින් ඒ පිළිබඳව සලකා බලා අදාළ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර ඇත. 

ඒ අනුව එම විශේෂ මහා සභා රැස්වීමේ අනුමැතිය ලබා ගන්නා තෙක් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර ඇත.

මේජර් Tier A ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වන විට A සහ B යන කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකේ කණ්ඩායම් 8ක් ශූරතාව සඳහා සටන් වදිමින් ඉදිරියට යන්නේ, සුපිරි 8 තරග වටය හරහායි. අනෙක් කණ්ඩායම් 6 පලඟ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.

පසුගිය වසරේ ශූරතාව දිනා ගත් CCC කණ්ඩායම A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් මූලික වටය අවසන් කළ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය එහි දෙවන ස්ථානය දිනා ගන්නා විට, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් ඉදිරියේ සිටියි.

මෙතෙක් කාලයක් පැවති තරග සම්ප්‍රදාය අනුව තරගාවලියේ මූලික වටය තෙදින තරග ලෙස පවත්වා සුපිරි 8 වටයේ සිට අවසන් මහා තරගය දක්වා තරග සියල්ලම සිව්දින තරග ලෙස පැවැත්වූ නමුත්, කොරෝනා වසංගත තත්වය නිසාවෙන් සුපිරි 8 වටයේ තරග සියල්ලම තෙදින තරග ලෙස පැවැත්වීමට සංවිධායක කමිටුවට සිදුව ඇත.

තෙන්දුල්කාර් වඩාත් අවතක්සේරුවට ලක්වුන ක්‍රීඩකයා නම් කරයි

එසේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ද (අගෝස්තු 5) පැවැත්වෙන නිසා එම සතිය තුල ද තරග පැවැත්වීමට අවස්ථාව නොලැබෙනු ඇත. පලඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරග සියල්ලම සාමාන්‍ය පරිදි තෙදින තරග ලෙස පැවැත්වේ.

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුල තිබෙන තරගකාරීත්වය සහ ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් Tier A කොටසේ තරග වදිනු ලබන කණ්ඩායම් 14 එළඹෙන තරග වාරයේ සිට කණ්ඩායම් 12ක් දක්වා අඩු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටින බව ද වාර්තා වේ.

Tier B ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් බොහෝමයක විදෙස් ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන් බොහෝමයක් දෙනා මේ වන විට ශ්‍රී ලංකාව තුල නොසිටීම නිසාවෙන් Tier B ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට තරග සංවිධායක කමිටුවට අවස්ථාවක් ලැබී නොමැත. ඒ නිසාවෙන් එම තරගාවලිය අවසන් වීම සඳහා තවත් මාස 2-3ක කාලයක් ගත වීමට වැඩි ඉඩක් තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<