රහ්මත් ෂාට නූලෙන් ගිලිහුණ වාර්තාව

397

ඇෆ්ගනිස්තාන දකුණත් පිතිකරු රහ්මත් ෂා වර්ෂාව නොතකමින් කළ සටනේ උපරිමය තරගයේ ජයග්‍රහණය පමණක් නොව තරගාවලියේ ජයග්‍රහණය ද තම කණ්ඩායමට ලබා දීමට තරම් හේතු වෙමින් තරග 2කින් යුත් ස්කොට්ලන්තය සමඟ පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-0ක් සේ ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ස්ටීව් ස්මිත් ලෝක කුසලානයට පෙර ඇඟ උණුසුම් කරගනී

නවසීලන්ත පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය…

එංගලන්තයේ තරග සංචාරයක යෙදී සිටින ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සමඟ ඊයේ (10) නිමා වූ දෙවැනි එක්දින තරගයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. දෙරට අතර පැවති පළමු එක්දින තරගය එකඳු පන්දුවක් හෝ නොයවමින් අතහැර දැමුණු තරගයක් ලෙසින් අවසන් විය.

එඩින්බරෝ හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 325ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තානය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 269ක් ලබා සිටියේ ය. එතැන් සිට තරගය ක්‍රියාත්මක වීම අවහිර වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ තීරණය ගණනය කිරීමේ දී ලකුණු 2ක ජයග්‍රහණයක් ඇෆ්ගනිස්තානය හිමි විය.

ස්කොට්ලන්ත ඉනිමේ දී 30 හැවිරිදි කැලම් මැක්ලඩ් තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 8 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 89කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු කයිල් කොට්සර් පන්දු 98ක දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේ ය.

IPL නර්තන කණ්ඩායම් වල නොදුටු පැත්ත

ඔවුන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අශෝභන ලෙස සැරසී සිනහ වෙමින් සහ නටමින් සිටියි. මේ බොලිවුඩ් චිත්‍රපටයක් හෝ මුම්බායි…

තරගයේ ආරම්භයේ සිට ම ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු අතර සිටීම කැපී පෙණුනි. ඔවුන්ගේ පළමු කඩුල්ලේ ම සබඳතාව ලකුණු 76කි. එහි දී මැතිව් ක්‍රොස් පන්දු 53ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය. දෙවැනි කඩුල්ලට ද ලකුණු 76ක සබඳතාවක් එක් කිරීමට කයිල් කොට්සර් සහ කැලම් මැක්ලඩ් සමත් වූහ.

රිචි බිරින්ග්ටන් (33), ජෝර්ජ් මන්සි (28) සහ ක්‍රේග් වොලස් (20) ද ලකුණු අතරට පිවිසීම ස්කොට්ලන්තයට වඩාත් වාසි සහගත විය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන නායක ගුල්බඩීන් නයිබ් ලකුණු 72කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව හමීඩ් හසන් සහ අෆ්ටාබ් අලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී රහ්මත් ෂා තම එක්දින තරග දිවියේ තම හොඳම ඉනිමට මෙපිටින් සිටිමින් තම ඉනිම අවසන් කළේය. ඔහු මෙම තරගයේ දී පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේ ය. ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ 2018 වසරේ පෙබරවාරියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 114යි. රහ්මත් ෂා තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

“ඔහු අළු බඳුන තරගාවලිය ක්‍රීඩා නොකළහොත් එය පුදුමයක්” – මයිකල් වෝන්

නැගී එන ක්‍රීඩක ජොෆ්රා ආර්චර් මෙම වසරේ (2019) අළු බඳුන තරගාවලියට සහභාගී නොවුණොත් තමා අතිශය පුදුම වන බව හිටපු එංගලන්ත…

ලකුණු 28ක් වෙද්දී තම පළමු කඩුල්ල අහිමි වෙද්දී ඇෆ්ගනිස්තාන ඉනිම ගොඩ ගැනීමට මූලිකත්වය ගත්තේ මොහොමඩ් ෂේශාඩ් සහ රහ්මත් ෂා ය. ආරම්භක පිතිකරු මොහොමඩ් ෂේශාඩ් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් දෙවැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩ නැගීමට රහ්මත් ෂාට උදව් කළේ ය.

ඊට අමතරව ඉනිමේ හොඳම කඩුලු අතර ලකුණු සබඳතාව ගොඩ නැගීමට රහ්මත් ෂා සහ හෂ්මතුල්ලා ශාහිඩ් සමත් වූහ. ඔවුන් අතර ගොඩ නැගුණ සබඳතාව ලකුණු 109කි. හෂ්මතුල්ලා ශාහිඩ් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තේ ය. තරගය ජයග්‍රහණයේ අවසන් වෙන විට අස්ගර් ඇෆ්ගන් නොදැවී ලකුණු 22ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී බ්‍රැඩ්ලි වීල්, ඇලස්ඩයිර් ඊවන්ස් සහ ටොම් සෝල් කඩුල්ල බැගින් දවා ගත්හ.

ස්කොට්ලන්තය; කඩුලු 7ක් දැවී 325 (50) මැතිව් ක්‍රොස් 32, කයිල් කොට්සර් 79, කැලම් මැක්ලඩ් 100, රිචි බිරින්ග්ටන් 33, ජෝර්ජ් මන්සි 28, ක්‍රේග් වොලස් 20, හමිඩ් හසන් 2/55, අෆ්ටාබ් අලාම් 2/66, ගුල්බඩීන් නයිබ් 3/72

ඇෆ්ගනිස්තානය; කඩුලු 3ක් දැවී 269 (44.5) මොහොමඩ් ෂේශාඩ් 55, රහ්මත් ෂා 113, හෂ්මතුල්ලා ශාහිඩ් නොදැවී 59, අස්ගර් ඇෆ්ගන් නොදැවී 22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<