HNB, කැන්රිච් ෆිනෑන්ස්, CDB හා එක්ස්පෝ ලංකා ජයග්‍රහණ වාර්තා කරයි 

573

අශේන් ප්‍රනාන්දුගේ ශතකයෙන් HNB ජය ගනී

මග්ගොන සරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් තරග වැදුණු අතර අශේන් ප්‍රනාන්දු හා දේශාන් ද ඩයස්ගේ සුපිරි පිතිහරඹයෙන් තරගය ජය ගන්නට HNB කණ්ඩායම සමත් විය.

රවීන් සේයර්ගේ බලාපොරොත්තු බිඳ වැටේ

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ කැන්රිච්…

ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 120කට සීමා කරමින් ඩයස් ලකුණු 53කට දැවී ගිය නමුත් කණ්ඩායමේ බර කරට ගත් අශේන් ප්‍රනාන්දු සුපිරි ශතකයක් වාර්තා කළේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 309කට කඩුලු හතක් බවට පත් කරමිනි. සජීව වීරකෝන් හා විමුක්ති පෙරේරා ලකුණු 22ක් හා ලකුණු 31ක් බැගින් ලබාගෙන ඉනිමට සාර්ථක අවසානයක් ලබා දීමට සමත් විය. අශේන් ප්‍රනාන්දු ලකුණු 108ක් වාර්තා කරද්දී, ප්‍රනීත් විජේසේන හා සුරංග සාලින්ද කඩුලු දෙක බැගින් වාර්තා කර ගැනීමට සමත් විය.

දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 28 දී බිඳ වැටුණි. සම්මික පෙරේරා හා අකීල් ඉන්හැම් සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩ නැගුවේ ලකුණු පුවරුව ලකුණු 102 කට කඩුලු 2ක් බවට පත් කරමිනි. ඉන්හැම් ලකුණු 71කට දැවී ගිය අතර අනතුරුව කොමර්ෂල් මැදපෙළ කඩා වැටුණේ අදිශ තිලන්චානා එක් අන්තයක හුදකලා ලකුණු 45ක් රැස් කරද්දීය. 40 වන පන්දුවාරයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ලකුණු 222කට සියල්ලන් දැවී ගිය අතර සජීව වීරකෝන් ලකුණු 48කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය.

හැටන් නැෂනල් බැංකුව (A) 309/7 (50): දේශාන් ඩයස් 53, අශේන් ප්‍රනාන්දු 108, සජීව වීරකෝන් 22*, විමුක්ති පෙරේරා 31*, සුරංග සාලින්ද 2/56, ප්‍රනීත් විජේසේන 2/47

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) 22 (39.2): අකීල් ඉන්හැම් 71, අදිශ තිලන්චනා 45, සම්මික පෙරේරා 37, සජීව වීරකෝන් 4/48

HNB කණ්ඩායම ලකුණු 87කින් ජය ගන්නා ලදි.


කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට තියුණු ජයක්

ජෝන් කීල්ස් (B) කණ්ඩායම හමුවේ BRC පිටියේ දී තියුණු ජයක් වාර්තා කරන්නට කැන්රිච් කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 44 කට දැවී ගිය අතර අශේන් සිල්වා හුදකලා ඉනිමක් දියත් කළේ ලකුණු 29ක් වාර්තා කරමිනි. ප්‍රමෝද් මදුවන්ත කඩුලු 3ක් ද, චානක දෙවින්ද හා පූර්ණ චාරුක කඩුලු දෙක බැගින් ද දවාගෙන ජෝන් කීල්ස් කණ්ඩායම ලකුණු 104කට සීමා කරන්නට සමත් විය.

ලකුණු 105ක් හඹා ගිය කැන්රිච් පිතිකරණ ලැයිස්තුව ද ජෝන් කීල්ස් කණ්ඩායම ලෙසම බිඳ වැටුණු අතර අශේන් සිල්වා තුන් ඉරියව් දස්කම් පෙන්වමින් වැදගත් කඩුලු කිහිපයක් ද දවා ගන්නට සමත් විය. තරුෂ ඉද්දමල්ගොඩ, නවිඳු නිර්මාල් ගේ සහයෙන් කැන්රිච් කණ්ඩායම 31 වන පන්දුවාරයේ දී නියමිත ඉලක්කය වෙත ගෙන යන්නට සමත් විය. ඉද්දමල්ගොඩ ලකුණු 66ක් වාර්තා කළ අතර අශේන් සිල්වා ලකුණු 9කට කඩුලු හතරක් බිඳ දමන්නට සමත් විය.

තිරිමාන්න සහ සාලිය සමන් වෙළඳසේවා පිටියේ දක්ෂතා දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග්…

ජෝන් කීල්ස් (B) 104 (38): අශේන් සිල්වා 29, ප්‍රමෝද් මදුවන්ත 3/26, චානක දේවින්ද 2/28, පුර්ණ චාරුක 2/30

කැන්රිච් ෆිනෑන්ස් (B) 105/9 (30.3): තරුෂ ඉද්දමල්ගොඩ 66, නවිඳු නිර්මාල් 23,අශේන් සිල්වා 4/09 , තරිඳු රත්නායක 3/40

කැන්රිච් කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරන ලදි.


දිලාශ්‍රි හා ඛාන් CDB කණ්ඩායමට ජය ගෙනේ

වර්ෂාවෙන් බාධා වූ CDB හා සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගය පන්දුවාර 20කට සීමා විය. CDB කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දෙන්නට ශිහාන් දිලාශ්‍රි හා සචින් ජයවර්ධන සමත් වූ අතර ඔවුන් දෙදෙනා එක්ව පන්දුවාර 12ක දී එක් කඩුල්ලකට ලකුණු 96ක් රැස් කිරීමට සමත් විය. දිලාශ්‍රි ලකුණු 49ක් රැස් කරද්දී CDB කණ්ඩායම ලකුණු 165 හේ සීමාවට ළඟා වන්නට සමත් විය.

සිංගර් කණ්ඩායමට සුපුරුදු රිද්මයට පිවිසීමට අසමත් වූ අතර ඉම්රාන් ඛාන් ලකුණු 26කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. සිංගර් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 19ක් තුල දී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. විමුක්ති කුලතුංග ලකුණු 40ක් වාර්තා කර ගැනීමට සමත් විය.

CDB 165/6 (20): ශිහාන් දිලාශ්‍රි 52, සචින් ජයවර්ධන 44, හෂාන් වනසේකර 46, පසිඳු දිල්ශාන් 4/25. චතුර ලක්ෂාන් 2/22

සිංගර් ශ්‍රී ලංකා (A) 126 (18.4): විමුක්ති කුලතුංග 40, ඉම්රාන් ඛාන් 3/26, ශාලුක සිල්වා 4/26, රවිචන්ද්‍ර කුමාර් 2/24

CDB ලකුණු 39කින් ජය ගන්නා ලදි.


එක්ස්පෝ ලංකා යුනිලීවර් පරාජය කරයි

කටුනායක දී යුනිලීවර් කණ්ඩායම පරාජය කරන්නට ප්‍රබල එක්ස්පෝ ලංකා කණ්ඩායම සමත් විය. ගිහාන් ද සිල්වා ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමුවෙන් පන්දුවට පහර දුන් එක්ස්පෝ ලංකා කණ්ඩායම දැඩි අපහසුතාවකට ලක් වූයේ ඔවුන් 22 වන පන්දුවාරය වන විට ලකුණු 97කට කඩුලු 6ක් දැවී සිටි නිසයි.

සිරිවර්ධන 39 වන පන්දුවාරය වන විට ලකුණු පුවරුව ලකුණු 149ක් බවට පත් කළේ දිලාන් ජයලත්ගේ සහයත් සමඟයි. සිරිවර්ධන ලකුණු 66කට දැවී ගිය අතර ඒ සමඟින්ම එක්ස්පෝ ලංකා ලකුණු 184කට සියල්ලන් දැවී ගියේය. ගිහාන් ද සිල්වා කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය යුනිලීවර් කණ්ඩායම පළමු කඩුලු දෙක ලකුණු 35කට දැවී ගියේය. සචිඳු කොළඹගේ හා සචින් ප්‍රනාන්දු සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩ නැගූ අතර කොළඹගේ ලකුණු 42කට දැවී ගියේය. ලකුණු 146ට කඩුලු 6ක් දැවී ගිය යුනිලීවර් කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුව සචින් ප්‍රනාන්දු වූ අතර සචින් ලකුණු 50කට දැවී යද්දී එක්ස්පෝ ලංකා පන්දු යවන්නන් අවසන් කඩුලු තුන පහසුවෙන් දවා ගන්නට සමත් විය.

එක්ස්පෝ ලංකා (A) 184 (44.5): දිලාන් ජයලත් 34, අයන සිරිවර්ධන 66, සචිත් ලක්ෂාන් 26, ගිහාන් ද සොයිසා 3/22, රසික ප්‍රසාද් 2/24

යුනිලීවර් ශ්‍රී ලංකා 178 (45.2): සචිඳු කොළඹගේ 42, සචින් ප්‍රනාන්දු 50, හෂාන් හේවානායක 2/39, සචිත් ලක්ෂාන් 2/16, නිරන්ජන වන්නිනායක 2/25

එක්ස්පෝ ලංකා ලකුණු හයකින් ජය ගන්නා ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<