ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර අගෝස්තුවේ දී

211

99 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියරේ තරග ඉසව් අගෝස්තු 09 සහ 10 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබුණා.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට තීරණය කළ අතර එහි පළමු අදියර පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට කටයුතු කළා.

ක්‍රීඩා උළෙල අඛණ්ඩව සති අන්ත තුළ දී පවත්වා අවසන් කිරීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබුනත්, කොරෝනා වසංගත තත්වයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා දෙවැනි අදියර කල් දැමීමට සිදු වුනා.

ඒ අනුව කල් දැමූ දෙවැනි අදියර අගෝස්තු මාසයේ දී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර දෙවැනි අදියරේ පළමු දිනයේ දී කාන්තා හා පිරිමි මීටර් 200 අවසන් තරග සහ පිරිමි මීටර් 800 අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත.

එම ඉසව්වන්ට අමතරව කාන්තා හා පිරිමි මීටර් 10,000 සහ 5000 ඉසව්, උස පැනීමේ ඉසව් සහ පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඇතුළු ඉසව් කිහිපයක් මෙම දෙවැනි අදියරට ඇතුළත්ව ඇත.

99 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියරේ තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<