ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින බිංදුවට මට්ටු කරයි

1559

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම හා මාලදිවයින් වොලිබෝල් කණ්ඩායම අතර පැවති වොලිබෝල් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආරාධිත ………

මාලදිවයින කළ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම පසුගිය අගෝස්තු 10 වැනිදා එරට සංචාරයක් සඳහා එක්වූ අතර තරග තුනකින් සමන්විත වූ එම තරගාවලිය අගෝස්තු 12, 13 හා 14 යන දිනවල දී පැවැත්විය. 

පළමු තරගය 

තරගාවලියේ ආරම්භයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර තරගයේ පළමු තරග වටය ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 25-22ක් ලෙසිනි. 

තරගයේ සම්පූර්ණ ග්‍රහණය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටය ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කළේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අභියෝගයක් එල්ල කිරීමට තුන්වැනි වටයේ දී මාලදිවයින ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම තරග වටය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 25-21ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාව 3 (25-22, 25-17, 25-21) – 0 මාලදිවයින 

දෙවන තරගය 

දෙවන තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමක් පෙන්වූ අතර ඉන් ප්‍රයෝජනය ලබා ගත් මාලදිවයින එම තරග වටය ජයග්‍රහණය කලේ ලකුණු 22-25ක් ලෙසිනි. 

පළමු වටයේ දී සිදු වූ අඩුපාඩු සියල්ල නිවැරදි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ දී ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය ලබා ගනිමින් තරගය මනා ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් විය. 

තුන්වැනි වටයේ දී ද ප්‍රබල තරග රටාවක් පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25-22ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් විය.

සිව්වැනි තරග වටය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර සිව්වැනි තරග වටය ද ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය. එම තරග වටය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 25-21ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාව 3 (25-19, 25-22, 25-21) – 1 මාලදිවයින (25 – 22)

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉහළම දස්කම දක්වයි

2019 ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ පිරිමි ……

තුන්වැනි තරගය

තරගය ආරම්භයට පෙරම තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. තුන්වැනි තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්වූ නමුත් පළමු තරග වටය  ජයග්‍රහණය කිරීමට මාලදිවයින සමත් විය. ඒ ලකුණු 25-21ක් ලෙසිනි. 

දෙවන තරග වටයේ දී ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලකුණු 25-19ක් ලෙසිනි. තුන්වැනි තරග වටය ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි තරග වටය ආරම්භ කළේ තරග වට 2-1ක් ලෙස වැඩි වාසි සමඟිනි. සිව්වැනි තරග වටය ද ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරන ලදි. 

කෙසේ නමුත් මෙම තරගාවලියේ පැවති තරග අතරින් වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් තරගය මෙවයට බවට බවට පත් වූ අතර ඇතැම් විනිසුරු තීරණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්විය.

ශ්‍රී ලංකාව 3 (25-19, 25-22, 25-22) – 1(25-21) මාලදිවයින 

ඒ සමඟින් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<