ලෝක කුසලාන පදක්කම නැති වෙලා

100

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් BBC රේඩියෝව සමඟින් පසුගිය සෙනසුරාදා එක්වෙමින් පැවසුවේ තම ලෝක කුසලාන ජයග්‍රාහී පදක්කම නැති වී ඇති බවයි. එය සොයමින් තමන් උමතු වී ඇති බවත් ඔහු කියා සිටියා. 

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සොයා ගත් හොඳම තුරුම්පුව වූයේ ජොෆ්රා ආචර් ය. සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් ගෝලීය වේදිකාවට පිවිසි ආචර් එංගලන්තය ඔවුන්ගේ පළමු එක්දින ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ප්‍රධාන මෙහෙවරක් ඉටු කළේය. තරගාවලිය තුල ආචර් කඩුලු 20ක් දවා ගත්තේ 23.05ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත…

වයස අවුරුදු 25 දී තම ජාත්‍යන්තර ආගමනය සටහන් කළ ආචර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කෙතරම් මෙහෙයක් කළා ද කිවහොත්, තරගාවලියේ අවසන් තරගය ලකුණු සමවීමෙන් නිමා වීමත් සමඟින් පැවති සුපිරි පන්දු ‍වාරය යැවීමට එංගලන්ත නායක ඔයින් මෝර්ගන් තෝරාගත්තේ ආචර් ය. ලෝඩ්ස් ක්‍රීඩාංගණය අමතක නොවන මතකයක් කරා රැගෙන ගිය ඔහු එම පන්දුවාරයෙන් එංගලන්තයට ජයග්‍රහණය හිමිකර දුන්නේය. 

කෙසේ වෙතත්, අවසන් තරගයේ නියමිත පන්දුවාර 50 නිමා වීමෙන් පසුව අතිරේක පන්දු වාරය සඳහා එංගලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව බේරාගැනීමට ඔහුට එල්ල වූ අභියෝගය සුළුපටු නොවේ. දක්ෂ පළපුරුදු ක්‍රීඩකයෙක් මෙන් ඉවසිලිමත්ව කටයුතු කළ ආචර් එම පන්දුවාරයත් ජය පරාජයකින් තොරව අවසන් කළේ හතරේ හා හයේ පහර සංඛ්‍යාවෙන් එංගලන්තයට ජයග්‍රහණය ගෙන දෙමිනි. 

බාබඩෝස් හි උපන් මේ වේගපන්දු ‍යවන්නා පසුගිය සෙනසුරාදා BBC රේඩියෝව සමඟින් කතාබහකට එක්විය. එහි දී ඔහුගේ පදක්කම කොහේ දැයි ඔවුන් විමසා සිටියේය. 

“යමෙකු මා වෙනුවෙන් කළ පින්තූරයක් මා වෙත එවා තිබුණා. මගේ පදක්කම ඒ මත එල්ලා තිබුණා.” 

“මම අලුත් තැනකට ගියා. ඒ පින්තූරය මේ අලුත් තැන බිත්තියේ තියනවා. ඒත් පදක්කමක් නෑ. මම සතියක් පමණ නිවස උඩු යටිකුරු කරමින් ඒක සෙව්වා. නමුත් මට තවමත් එය සොයා ගැනීමට නොහැකි වුනා.” 

“එය නිවසේ තිබිය යුතු බව මම දන්නවා. ඒ නිසා මම ඒ ගැන විමසිල්ලෙන් සිටින්නේ. නමුත් මම දැනටමත් එය සොයමින් උමතු වෙලා ඉන්නේ.” 

පසුගිය මාසයේ බාබඩෝස් සිට එක්සත් රාජධානියට ආපසු පැමිණි ආචර් කියා සිටියේ එංගලන්ත දේශීය තරග සමය ආරම්භ වීම ඇතුළුව ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාවන් සියල්ලම මෙම කොරෝනා වයිරසය නිසා අත්හිටුවා තිබීම තමන්ට පදක්කම සොයාගැනීමට වාසියක් වූ බවයි.

“හුදකලා කාලයේ මට කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ සියලු කාලය මම මේකට වැය කරනවා.”

අවසන් තරගයේ සුපිරි පන්දු වාරය යැවීම සඳහා පන්දු යවන්නෙකු තෝරා ගැනීමේ දී ආචර්ට තමන් එයට සූදානම් බව එංගලන්ත නායක ඉයන් මෝගන් හට යෝජනා කිරීමට සිතී තිබිණි. නමුත් තමන් වේගපන්දු යවන්නෙකු ලෙස දිගු කලක් කණ්ඩායමේ නොසිටි බැවින් ඒ බව මෝර්ගන් හට ඉදිරිපත් කිරීමට මැලි විය.

තහනම ඉවත් කරන්න මලික්ගෙන් ආයාචනයක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික් තමන්ට ජීවිතාන්තය දක්වා පනවා….

ඔහු සුපිරි පන්දු වාරය සඳහා තෝරා ගත් බව දැන ගත් විට ආචර් මෙසේ පිළිතුරු දුන්නේය: “සෑහෙන්න පරක්කුයි. මට එතැනට ගොස් උණුසුම් වීමට සිදු වන තුරු මට විශ්වාසයක් තිබුණේ නැහැ.” 

“එයින් අදහස් කරන්නේ මට එය අවශ්‍ය නැති බව නෙමෙයි. මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි යැයි මම සිතුවේ නෑ. මම කණ්ඩායමට පැමිණෙමින් සිටියේ. මම සංචිතයේ අවම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළේ. මම හිතන්නේ නැහැ එය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කාලයයි කියලා.” 

“එය මුළු තරගාවලියේම එකම සුපිරි ඕවරයයි. මම කිසි විටෙකත් ඒ ගැන සිතුවේවත්, තත්වය ගැන සැලසුම් කළේවත් නැහැ. එය සිදු වුනා. එපමණයි.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<